Tuesday, September 19, 2017

වාසනාව බෙදන ඇය

කොළඹ තේ වතුර එකක් බොන්න තැනක් හොයාගන්න අමාරුයි. ඇරත් වතුර ටික පවා සල්ලි වලට.. ඒත් කහට ටිකක් උගුර යටින් ගියේ නැත්තං නිකං වරුගානක් කෑවෙ නෑ වගේ හැගීමක් එනවා. ඒ නිසාම පෙට්ටි කඩේට ඔලුව දැම්මා. කැමරාවත් අරං පෙට්ටි කඩේට යද්දි පෙට්ටි කඩේ බුවාල මහත්තයා මොනාද කියන්නේ කියල අහනො කැමරාව කියන්නේ මහ ලොකු උපාංගයක් කියල හිතාගෙන. කමක් නෑ..වෙඩිතියන්නේ නැති වුනාට තුවක්කුවක් තියෙන කෙනාට මිනිස්සු බයයි. කැමරාවටත් ඒ වගේ බයක් ඇති මහිතෙ. 

ටික වෙලාවක් යද්දි මම ඒ කඩේ ඇතුලේ.. කන්න තිබ්බ බිත්තර පාන් එකක් එක්ක තේවතුර එක ගහනවා.. මෙතන ටිකක් කලබල තැන. මිනිස්සු ගොඩයි. මේ මිනිස්සු අතර ඇත්තටම පිරිමි තමයි වැඩි. ඔය පිරිමි ගොඩවෙන පෙට්ටි කඩවලට ගෑනු ගොඩවෙනවා අඩුයි..ආවත් සෝකේස් එකෙන් සෝටිස් එකක් පෙන්වාල ඒක අරගෙන යනවා. ඒත් හිටිවනම ගෑනියෙක් ආව නේ තේ කඩේ ඇතුලට. 

පට්ට ලස්සන ඉටිකිරිස්දා කැල්ලක් හෝ දාර බඩුවක් වගේ කෙල හැලෙන එකක් නෙමෙයි. පෝය දවසක පාන්දර නැගිටල පාරේ යද්දි හම්බෙන උපාසකම්මා වගෙත් නෙමෙයි..කොහොමින් හරි ගෑනියෙක්..වයස 35ක්..බාගෙද ඊටත් අඩු ඇති. ඒත් අවුවේ කැරකිලා දූවිල්ලෙන් පදම් වෙච්ච් ඇගේ වයස වැඩියෙන් පේනවා ඇති. ඒ දාන් උන්නු තොප්පිය ටිකක් පරණයි. තොප්පිය සිරාවටම බස්සන්න ඇත්තේ අවුවට වෙන්න ඕනි. ඒක අවුවට අහුවෙලා ඩෙනිම් නිල් පාට හේදිලා ගිහින් වගේ.. තොප්පිය දාගෙන ගොඩවෙලා ගෑනි හතර අතේ කතාව. 

ඇත්තටම මේ ගෑනිගේ තියෙන විසේසත්වේ තමයි ගෑනි අන්ධයි.. ස්වීප් ටිකට් විකුනන එකියක්. මේ මනුස්සයා අන්ධ නිසා එයා දන්නේ නෑ මේ කඩේ තියෙන පසුබිම. කඩේ ඇතුලේ නැති එකෙක් නෑ..කොන්දොස්තර වරු, යන එන එකේක ඩයල්..සිගා එකක් ගහන්න ආපු උන්.. වර්ග අඩි ගානක බිමේ ඔහේ යාන්තම් බංකු කෑල්ලක හෝ ඇන්ද නැති ප්ලාස්ටික් ආසනේක වාඩිවෙලා තේ බොනවා.. සෝටිස් කනවා .. 

මේ අන්ධ ගෑනිට පේන් නෑ මේකැතුලේ තත්තේ.. බාගෙදා කෑම සුවදට එන්න ඇති. නැත්තං පේනවද දන්නෙත් නෑ. කියන්න බෑනේ..ටිකට් විකිනෙන්නේ අන්ධ වුනාම..කවුරුත් කැමති දුප්පතුන්ට උදව් වෙන්න වාසනාව අතගාන ගමන්.. එක සොට් එකෙන් කුරුල්ලො දෙන්නයි.ස්වීප් ටිකට් ඇදුනොත් මෙලොව ගොඩ..ටිකට් එක නොඇදුනොත් අන්ධ ගෑනිට පිහිට වුන නිසා එලොව ගොඩ. කමල් ලෑ අව්සස තැනට තමයි අවස්ස දේ හැදෙන්නේ. මේ ගෑනිත් එහෙමයි. 

අන්ධයි ගෑනියෙක් ..ටිකට් විකුනනවා..දැන් පෙට්ටි කඩේකටත් ඇවිල්ල.. ආනේ ඊලගට තියෙන්න ඕනි මේ ගෑනි බෙහොම දුක්බර ලීලාවෙන් සෝටිස් එකක් ඉල්ලන කෑල්ලක් වෙන්න ඕනි නේද? 
. නැහැ එහෙම නෑ.. 
මේ කලුමල්ලි.? ගියපාර ආ වෙලාවක දුන්න අර බිත්තර මගුල එපා.. ඒකේ බිත්තරය්ක වත් දාන් නෑනේ.. මට මාලුපාන් එකක් දෙන්න.. අන්ධක්කා ඉල්ලුවා. 

දැන් බාපු රෝල්ස් තියෙනවා.. ඒ කඩේ තේ දාන එකා.. 

දැන් බෑව කිව්වේ ඉයේ බාපු එක ආයෙ දාල බෑවද? හේ හේ හේ.. 

අක්කටත් ඉතිං.අ.ායේ.. අපෙන් අහගන්න තමයි ආයේ ඊයේ බෑවද අහන්නේ? ඒ කලු මුදලාලි. 

හරි හරි එහෙනං දෙනවකෝ ඔය දැන් බාපු රෝල් එක.. ගොඩක් පිච්චෙනව නම් කොලේකුත් දෙන්න. 

ඇය දැන් කඩයටම එක්තරා නාටකයක් මෙනි. මෙවැනි පෙටටි කඩවල ඇති ගතිසිරිත් තිබේ. මේවායේ බොහෝවිට සෝකෙස් එකේ කෑම වර්ග දමා තිබේ. පැමිණෙන අය බනිස් අතගා බලා බනිස් ගනී.. වැඩිය අතගෑම බනිස් ගෙවියන්නට හේතු විය හැකි බැවින් පසුකලෙක බනිස් ඇල්ලීමට කොක්කක් ලැබුනි. එහෙත් බොහෝ දෙනා තවමත් බනිස් අල්ලා බලා බනිස් ගැනීමට යත්න දරයි. කෙසේ හෝ දැන් නම් මුදලාලියා සෝකෙස් එක උගේ පැත්ත හරවගෙන ඇත. ඒ නිසා බනිස ඕනි කෙනා බිත්තරද, මාලුද. ටී ද නිකංම බනිස්ද සීනි ද යන වගද වඩේ නම් සිදුර සහිත උලුදු වඩේද පරිප්පු වඩේද යන්න කිව යුතුව ඇත. එහෙත් තවමත් පැරණි කස්ටලා පැමිණ අත ඈත දුරට දිගුකොට සෝකෙස් එකෙන්ම බඩු ගනිති. 

කෙසේ වුවද කඩේ බඩු හෙවත් සෝටිස් ආදිය හෝ ඉදිආප්පු හෝ උදේට පාන් හෝ කවර නම්ම දෙයක් කඩෙට පැමිණෙන අය කෙලින්ම ඉල්ලයි..ඉන් පසු මුදලාලියා හෝ තේ ගහන එකා හෝ වෙන එකෙක් ඒක දෙයි. ඉන් පසු බුවා කයි.නැතොත් කෑම රැගෙන යයි.  මෙය කාර්යක්ෂම චක්‍රයකි. උදේ අවස්ථාවකදි නම් කැෂියර බුවා කතරගම දෙයියා සේය. හතර අතින් ඉතුරුවා දෙයි, මුදල් ගනී. බනිස් දෙයි, පාන් බාගයායි කිරි හොදි එකායි.. ඉදි අප්ප විස්සායි පරිප්පු එකයි පාර්සාල්.. උපාසක එලෝලු බත් එකයි.. ආදී වසයෙන් වට පිට සිටින උන්ටද කෑ ගැසීමද ඒ අතරවාරයේ කඩේ මුදලාලි අතින් සිදුවේ. මුදලාලි අණ කරන සැනින් පාර්සල් කවුන්ටරයේ සහ බෙදන තැන සිටින බුවා දඩ බඩ ගා මුල් සකසා හෝ කෑමට බඩු රැගෙන දෙයි.. 

උපාසක එලෝලු බත් එක යනු නියමම නිර්මාංශ එලෝලු බත් එකයි. එහි එන සම්බෝල වලට කරවල හාල්මැස්සෝ නැත. බත් එකට මාලු හොදි ටිකක් වත් නැ. එසේ නොවන එලෝලු බත් එකේ කරවල හාල්මැසෝස සහ බොහෝවිට මාලු හොදිද තිබේ. 

තේ වතුර වුවද හදන තැනට ගොස් රැගෙන බීම පෙට්ටි කඩේ සාමාන්‍ය සිරිතයි. එහෙත් අන්ධ අමරක්කා සියල්ල වෙනස් කරයි. ඇයට වෙනම පීරිසියක දා ඇය කියන සෝටිසය ගෙන ආ යුතුය. ඉන් පසු අමරක්කාට තේ එක ලගට ගෙනත් දිය යුතුය. එක් අතකින් ඇය අන්ධ වීමේ වරප්‍රසාදය මැනවින් භුක්ති විඳින්නීය. මුදලාලි සහ කඩේ වැඩට ඉන්න අයද ඇයට ඒ අන්ධ වීමෙ නිසා වූ වරප්‍රසාද අනුව ඇයට අවැසි ලෙස  සාත්තු සප්පායම් කරති.. 

කෝ ඉතිං කලු මල්ලියේ මේක එක උගුර ඇද්ද ගමන් ඉවර වුනානේ..මේ ටික බීල ඇතිය බං.. මට තව ප්ලේන්ටියක් දාහං කෝ.. මුලින් අමරක්කාට උවමනා වූයේ කිරිපැකට් එක්ක බොන්නය. එහෙත් ඇය අදින ස්පීඩ් එකට කිරි පැකට් එක විනාඩියක් යන්නටත් මත්තෙන් බටහේ කෙළවර වාතය ඇතුල්වෙන්නට පටන් ගත්තේය.ඇය ට එය මදි වූ නිසා ප්ලේන්ටියක්ද උවමනා විය. 

ඇගේ කතාවද උස් හඩිනි..එසේම ස්වරයේ යම් රාජකීය අණදෙන ස්වභාවයක්ද ගැබ්ව තිබේ. 

මොකො අමරක්කේ බිස්න්ස එහෙම..යනවයි? 

අලෙ මන්ද බං.. ඔහෙ ඉතිං.දන්නෝනේ.. උඹලට යන දවසමයි මටත් යන්නේ.. බිස්නස් ඉතිං මිනිස්සු ටිකක් ගවසෙන දවසට වැඩියි..නැති දවසට යාන්තං දවස සේප්.. 

මට ඇගේ පිංතුරයක් ගන්නට උවමනා විය . කඩේට කලිං කිහිප වතාවක් පැමිණ ඇති හෙයින් මා තේ දමන කොල්ලා ටිකක් දනී.. මල්ලියා..මේ අක්කගේ පිංතුරයක් ගත්තොත් අවුලක් යයිද? 

පෝඩ්ඩක් ඉ්න්න මාතියා මං අහන්ඩ.. 

අමරක්කේ මේ පොටෝ මහත්තයෙක් ඇවිල්ල පොටෝ එකක් ගන්නද අහනව අමරක්කගේ.. 

මොකටද මගෙ පොටෝ? කොහෙන්ද පත්තර කාරයෙද්ද? නැත්තං සෙල්ලං කැමර් කාරයෙක්ද? 

නෑ අක්කේ මං මේ පොටෝ ගහන කෙනෙක්..විනෝදෙටත් නෙවෙයි.. පත්තරේටත් නෙවෙයි... මම කීවෙමි. 

හා හා.. තාම පොඩි වයස ඉතිං කොලුකමට හොද දෙවල් ඕවා.. ගන්නෙකයි ඇත්තේ හැබැයි ඉතිං මං හරියට මේකැප් දාල ආවෙ නෑ ඉතිං.. මේකප් දාන්න ඕනි නෙ පොටෝ ගන්න.. ඇය කියන්නට විය..ඇගේ උස් හඩ නිසා කඩේම සිනා පැතිරෙන්නට විය. එතැන නාට්ටියක්මෙනි.. 

ඇත්තට අමරක්ක කොහොමද මේකප් ගැන දන්නේ..මොකප් දාල පොටෝ ගහන එක ගැන දන්නේ.. ? ඒ කලු මුදලාලිගේ පස්නයකි.. 

ඈ කලු මල්ලියේ අපිත් මේ පාරෙ ්උන්නට අපිටත් මගුල් තුලා එනවා..උත්සව එනවා..ඒවට යද්දි අපේ ඉතිං කෙල්ලෝ ටික මාව කුලප්පු කරලා මට කියලා පිටෝටුවෙන් සුකුරුත්තං ගෙන්න ගන්නවා.. මෙහෙ ලාබයි ලු නේ.. මටත් ඉතිං උලලා කියනවා. මං නිකං ප්‍රින්සස් වගේ ලු..අනේ උන්ගේ බොරු වෙන්නැති..ඒ ගමන ඒවා උලල උන්ට මා එක්ක පොටෝ ගහන්නත් ඕනි..හරෝනවා..මූන හරෝනවා ගහනවා..මට ඉතිං සටස් සුටුස් සද්දේ විතරයි ඇහෙන්නේ.. උන් ටික්කින් ඒව බලල හිනාවෙනවා..

අමරක්ක හිතන්නේ පොටෝ එක මොන වගේ ඇතිද? කලු මුදලාලි අසයි.. 

කලුමල්ලියා අහල තියෙනවාද ගොලුවාගේ හීනේ ගැන..ගොලුවගෙන් හින ගැන අහල වැඩන් නැනේ බං..මං කොහොමද මට නොපෙන්න ඇස් දෙකෙන් පොටෝ  ගැන කියන්නේ..? ඒකෙන් මේකෙන් තා පරක්කු වෙනො..කෝ මල්ලියා ගන්නවනං අරගන් එකයි ඇත්තේ.. මං මේම හිටියම හරිද ? ඇය කඩයේ කවුන්ටර දොර දෙස හැරුනේ මා සිටියේ ඒ දෙස යැය ිසිතු නිසා විය යුතුය. 

හරි හරි.. මා කීවේය.. මා ඇගේ පිංතුර කිහිපයක් ගතිමි. දුම්දමන තේ කඩය.. සෝකේස් එක.. රැවුල සහිත කලුමුදලාලි. කලක් හෝදන ලද සර්ටයෙන් සැරසුනු තේ දාන කොල්ලා.. ඒ මරු පිංතුර ටිකකි.. 

මල්ලි ඕ පොටෝ හොද නං මටත් කොපියක් ගෙනත් තෝන හොදෙයි.. මං ඉතිං අලාබේ දෙන්නං..මා කඩයෙන් පිටවන විට පොටෝ මල්ලි පොඩ්ඩක් එන්න යැයි ඈ මට කනට කර කීවාය.. මට දාස් ගනන් දෙන්න බෑ..රුපියල් තුන්හාරසියක් දෙතැකි.. මෙතන හොද නැත්තං හොද තැනක පොටෝ ගමු.. මොකො අපේ ඉන්න නැට්ටියො ටිකට පෙන්වන්න ඕනි මල්ලියේ මගේ පොටෝ .

ඉතිං අමරක්කා අමරක්කා කරනනේ උදව්වක් නේ..සල්ලි ඕනි නෑ.. අමරක්කාගේ පොටෝ දෙක තුනක් මම ගෙනත් දෙන්නම්..හැබැයි අමරක්කේ ඉතිං වෙඩින් වල වගේ ගොඩාක් ලස්සන නෑ..
 ඒත් පොටෝ වටිනවා.. මා කීවෙමි. 

ගොඩක් ලස්සන ටිකක් ලස්සන නැත ිලස්සන ඔය මොකවත් මං දන් නෑනේ.. මට ඕනි අපේ කෙලි නැට්ටො ටික මං අල්ලං කෝලං කරනකොටයි අපේ ගෙදර අයටයි ..මෙන්න මගෙ පොටෝ ය කියල පෙන්නන්.. න නේ.. ඇය කිවාය.. 

මං කලක් තිස්සේ හෙව්ව පොටො කාරයෙක්.. මට ඉතිං ස්ටුඩි යන්නත් බෑ..මොකො ඉතිං මිනිස්සු බලනො නෙ මොකො මේ කියල.. 

හරි අක්කේ මං ගෙනත් දෙන්නං එහෙනං.. මා එතැනින් මාරු වීමි. 

Friday, September 15, 2017

ලනු ගිලින ගොබ්බ හැත්ත

දියුනු මිනිස්සු වුනාම මූළික විචාර බුද්ධියක් තියෙන්න ඕන. මිනිස්සු දියුනු නොවන තාක්කල් බැහැ ඒ පද්ධතිය දියුනු කරන්න..උදාහරණ විදියට සුද්දා ඇවිල්ල අපිට සාපේක්ෂව එදා අපිට රට දෙනකොට දියුනුයි..උන් දන්නවා රටක් වුනත් සූරාකන්න ඕනි කොහාමද කියලා.. ඉතිං ඒ සුද්දා කියන අපිට වඩා පොඩ්ඩක් දියුනු බුවා අපේ රටෙන් සහ ඉන්දියාවෙන් ගියාට පස්සේ උන් බෙදිලා මරාගත්තා..අපි බෙදාගන්නවා උතුරු නැගෙනහිර කියලා ඉන්දියාව බංගලිදේශය පාකිස්ථානය විදියට බෙදුනා මරාගත්තා..සුද්දා ඉන්නකල් හරියට තිබුනා..හරියට ලොකු සර් ඉන්නකල් පංතිය නිස්සද්දයි වගේ ආතල් එකක්.. තමයි එදා තිබුනේ.. 


සුනිල් මාධව පේමතිලක චතුරිකාගේ පොතලිව්ව බොරුව 


සුනිල් මාධව කියන්නේ මේවෙද්දි බීල බීළ තවත් බොන්න බැරිනිසා මැරෙන්න ඔන්න මෙන්න ඉන්න හාල් කෑල්ලක්..මිනිහ ලොකු මාධ්‍යවේදියෙක්. ඒවගේ උන් බොනවා..ඌත් බොනවා . බීලම දැන් වැහැරිලා දිරලා ගිහින්..පොරට ඔය ජනාධිපති ගැන දූ ලියපු පොත වගේ එකක් ලියාගන්න දැන් පණ නෑ.. ලෝකේ මොන ජගතා පොත් ලිව්වත් ගොඩක් වෙලාවට ඒවාට සහායවෙන්න සහ ලියන්න පොරවල් ඉන්නවා..ඒහෙම කෙනෙක් ඒක කරන්නේ රහසිගතව. වැඩේ කරල මිනිහා පැත්තකට වෙනවා ලොකු ගානක් අරං. ඕවා මහා මැජික්ස් නෙමෙයි..චතුරිකා සිරිට සල්ලි තියේනං බලය තියේනං සිරිට තව මොනාහරි ලොකුවට තියේනං චතුරිකා සිරි ඒකෙන් පොතක් ලිව්වට අවුලක් නැ.. පොතට වඩා ඔ්ය චතුරිකා සිරිලා කරන කැත වැඩ කොච්චර තියෙනවාද? එක එක බිස්නස් වලට අතදානවා..සිස්ටම් කඩනවා.. ලොකුවට තාත්තගේ පවර් අරං රගනවා..පොත නැතුව ආන්න ඒවා ස්මතු කරන්න තියෙද්දි මේ කොහේහරි යන පොත් කෑල්ලක් ලිව්වේ ඒ ගෑනි නෙමේය කියලා සනාථ කරන්න පට්ට ගේමක් යනවා.. සිගිති ආතල් නේ.. එක එකාගේ.. 

රෝහින්ගා ආවා බොරුව 


රෝහින්ගා සෙට් එකක් කලකට පෙර මෙහේ ආවා..උන්ට කන්න බොන්න දෙන්නත් ලංකාවේ තන්බි ටිකක් හැදිලා හිටියා..උන්ගේ පුක මෙහේ තිබුනාට කොන කැපුවේ අරාබියෙන් ගෙනාපු පිහියකින් විය හැකි නිසා තන්බිට මෙහේ ඉදන් මෙහේ වැවෙන දේව්ල කාලා මෙහේ හිටියත් උන්ට තම්බියෙක් කිව්වාම පොඩඩක් කසනවා.. පකිස්ථානය, සෞදිය, මැදපෙරදිග රටවල් වගේ රටවල් රැසක් තියෙද්දිත් අපේ උන් නිකං පුක දෙන්න යනවා රෝහින්ගා සරණාගතයින්ට.. එතන වැරැද්දක් තියෙනවා.. 

ඒත් ඇත්තටම රෝහින්ගෙක් මේ ලගදි පාත් උනේ නෑ.. එයාපෝට් එකෙන් ආවා කිව්වා ඒක ගල් කෙබරයක්..ඒ ඇවිල්ල තියෙන්නේ දකුනු ඉන්දියාවේ ඉන්න ලංකාවෙ ්සරණාගත සෙට් එකක්..ඉන් පස්සේ ඉතාම සූක්ෂඹ විදියට පරණ මාධ්‍ය වාර්ථා අරගෙන අලුත් වගේ ගහල පෙන්වන්න ගත්තා මෙන්න ඇවිල්ලෝ කියලා..ෆේස්බුක් ඉන්න බහුතර වඳ නලේට දෙයක් දැක්කාම ඇති කොහේන ආවද කියලා හොයන්න ඕනිනෑ සෙයා කරනවා..දැන් ඉතිං රෝහින්ගා ආපු විදියට සිංහල බූරුවො ටික රගනවා.ඉන් පස්සේ ආවොත් අපි පුකදෙන්නත් ලෑස්තියි කියලා තව තම්බි හරක් ටික රගනවා..ඇත්තටම මුන්ට වෙන රටේ පස්න නැද්ද? 

බස් එකේ පොල්ලේ එල්ලිලා දාඩිය පෙරාගෙන හතර වටෙන් දාඩිය ගද ගගහ සයිටම් මාර සේනාව කොළඹට බැහැල ස්ටයික් කරලා බස් එක හිරවෙලා ... ඒක අස්සෙත් පෙලක් උන් කතාකරන්නේ අවුං සාං සුකී තම්බින්ට කෙලපු හැටි.. කඩේට ලගින් යද්දි ආප්පේ සුවද එනවා කොත්තුවේ සුදුලූනු පිච්චෙනවා දැනෙනවා ඒත් ගන්න සතපහක් නෑ, ණය ක්‍රෙඩිට් වලින් ෆේස්බුක් ඇවිල්ල සෙයා කරන්නේ අවුං සාං සුකී බුදුවේවා කියලා.. ඇත්තටම මියන්මාරේ මොකද්ද උනේ? ඔය පරට්ට ගෑනි දැන් ඔය  ජනතාවට විමුක්ති ගෙනල්ලද තියෙන්නේ? තියෙය් තියෙය් මේනන් කියලා.. 

මියන්මාරේ දැන් උඩ ගිහින්ද? 

 

තම්බියාට කෙලියා ය කියලා ලෝකේ රටවල් දියුනු වෙන් නෑ.. ඒක එහෙම කෙලින්න අණ දෙනඋන් හොදින්ම දන්නවා.. නිකමට හිතපල්ල මේ දැන් පොන්න සිරා රනිල් ආන්ඩුව තම්බින්ට කෙලින්න ගත්තා කියලා..උන්ට කිසිම විරෝධයක් නෑ තව අවුරුදු දෙක තුනක් ආන්ඩුවට ඇදගත හැකි ජාතිවාදේ පිහිටෙන්..මොකෝ එතකොට අර චීවර දාන් පාත්තර වලට සල්ලි හිගාකන නලේත් ආන්ඩුව පැත්තේ.. සිංහල හිගන්නෝ ටිකත් ආන්ඩුව පැත්තේ.. බාගෙද දෙමලුත් ඒවි තම්බින්ට ගහනවා කිව්වම.. 

දැන් ඔහොම ගැහුව කියල අවසානේ මොකද්ද ලැබෙන්නේ? අලේ හම්බෙනවද? කන්න බොන්න ලැබෙනවද? ජාතිය උඪ යනවද? රට දියුන වෙනවද? නෑනේ.. වෙන එකම දේ ඉස්සර වගේ ටීවි එක ඉස්සරහට වෙලා වාඩිවෙලා ඉදගෙන එදා එල් ටී ටී බුවාල තුන්සිය විසිපහට එපේ තිස් හතරයි මැරිලතියෙන්නේ කියල ස්කෝර් බලන්න පුලුවන් ආතල් එක්ක අපි ට ලැබෙන එක විතරයි.. එදාටත්අර චැනල් කාරෙයෝ කියන පට්ට පල් ගල්කෙබර යුද පුවත් ආතල් වලට අපේ උන් චූන් වෙලා ඉදීවි.. 

 අපේ ඇත්ත පස්න මොනවද? 


වැස්සම ගලනවා ගැලුවම ආධාර දෙනවා එතකොට ආධෘර ෆන් එක ගන්න පුලුවනි ෆේස්බුක් එකට සහ පිරිසට..අදටත්පොඩි වැස්සට මෙච්චර ගලන්නේ ඇයි? එදා ගැලුවේ ඇයි? මෙච්චර නායෙ යන්නේ ඇයි? ඕවා වලක්වන්න මොනාද කරන්නේ? ස්වාභාවික විපත් කලිං හදුනාගන්න ටෙක්නොලජි අපිට තියේද? ඒවා යූස් වෙනවාද?  ඕවා මතක් වෙන්නේ ආපදාවක් වෙලා තුන් හාරසියක් සෙතපෝච්චි වුනාම විතරයි.. 

කොළඹ සතියේ දවසක ආවොත් කොහොමද පැයකින් මෙහා කිලෝමීටර දහයක් පහු කරන්නේ ට්‍රැෆික් එක..ඕක කොළඹ විතරක් නෙමෙයි ලෝකේ බිහිවුන සෑම නගරයකටම තිබුන ගැටළුවක්..ඒත් බොහෝ නගර ඕවට සාර්තක විසදුම ්ෙහව්වා..අපි තාම අර දිගංචි පාටලී ගේ පසන්ටේසන් බලනවා..තව රනිල්ලා කියන සුරංගනා කතා අහනවා.. 

අපේ ගෑනු ලක්සයක් රට ..පිරිමි බහුතරයක් රට සහ තව ලොකු සෙට් එකක් යන්න බලාන ඉන්නවා.. ඉතිං පවුල් විනාසයි.. අපිට පේන්න හැඩ පොටෝ පේස්බුක් දැම්මට රට ගිය එකා ඉන්නේ මගේ ගෑනි දැන් පිට යනවාද? කියල බයෙන්.. ගෑනි ඉන්ෙන් දරුවෝ කනවද බොනවද මිනිහා කසිය ගහනවද කියලා බයෙන්.. යන උන් යන්නේ එක්සකටිව් ජොබ්ස් නෙමෙයි.. වලං හෝදනවා වගේ පක්කිලි රස්සා වලට.. හොද ඒවට යන සුලු ප්‍රමාණයක් ඇති..ඒත් කොරියා එහෙම යන්නෙම යට ලැවල් රස්සා වලට.. ඒවා පස්න නෙමෙයිද? ඒවත් පස්න තමයි.. 

ඔය වගේ හැම ක්සේත්‍රයකම බැලුවොත් දියුනු වෙන්න දේවල් දියනු විය යුතු දේවල්ෙ ගාඩයි..ඒත් ඒ හැම එකටම වැඩියෙන් දේසපාලුවෝ කන බොන රෙන හැටි සහ උන් කියන දේවල් බලන එකයි.. කොෙහ් හරි යන වරත්තු පස්නයක් උඩ දාගෙන ඒකට තඩිබාන එකයි තමයි අපි දේශපාලනය කියලා කරන්නේ..අපේ ඇත්ත පස්න කවදාවත් අපි හිතන්නේ නෑ..ඒවා දේසපාලුවෝ විසින් විසදිය යුතුයි කියලත් හිතන්නේ නෑ.. චන්දේ ආවම මෙතෙක් කල් බැන බැන හිටපු උන් ටික ගිහින් තමුන්ගේ එකාට කතිරේ ගහල ඇවිල්ල ආයෙමත් බනිනවා..මිනිස්සු පත්කරලා තියේනනේ හරක්  කියලා.. 

ඔන්න ඔහොමයි තොරණේ විස්තරේ.. මාත් යන්න ඕනි තව ෆේස්බුක් සෙයාපාරක් දාල රට ටිකක් ගොඩදාන්න එහෙනං කියව්න්න ආවට තෑන්ස්

පිංතුරය පෝස්ට් එක හිට් කරගැනීමේ පරම පෙරේත චේතනාවෙන් දැමූවකි. 

Tuesday, September 5, 2017

වහං හිටියාම කැලේ රැකෙයිද?

වනාන්තර වලට සංචාරකයින් යනවා එනවා..සතුන්ට කරදර හිරිහැර වෙනවා..සංචාරකයින් බෝතල් ප්ලාස්ටික් ගෙනහින් දානවා..ඒ නිසා සංචාරකයෝ යන එක නවත්වන්නට ඕනි. 

ඒ නිසා යන කට්ටියක් ඉන්නවා ගියාට පොටෝ දාන් නෑ..තව පෙලක් ආන්ඩුවේ සහ ආයතන වල කට්ටිය ඉන්නවා ඒ ගොල්ලා දැන් මේ කදු සහ කැලෑ බඩගාන පිරිස අඩුකරන්න නොයෙක් වැඩපිලිවෙලක් දියත් කරගෙන යනවා. 

ලංකාව වගේ රටවල දේශපාලනයේ සහ මිනිස්සුන්ගේ තියෙන එක පොදු අවුලක් තමයි හැම රෙද්දටම තදබල අන්තගාමී..මැදග් ගැන හිතන පිරිස බොහොම අඩුයි. මිනිස්සු විදියට කැලෑවලට බඩගාන එක මිනිස්සුන්ගේ ආසාවක්..ඒ වගේම කැලෑ ආරක්ෂා කරන එක  කැලෑවලට ආදරේ කරන මිනිසුන්ගේ ගතියක්..කැලෑ ආරක්ෂක පිරිසක් කැලෑවලට යන සේනාව නවත්වන්න ඕනිය කියල කියනවා..ඒත් කැලෑ වලට මිනිස්සු යනවා.. අර කැලෑ නවත්වන පිරිස ඒ වෙනුවෙන් වැඩ කරනවා..ඒත් මිනිස්සු යනවා විනාස වෙනවා.. 

අපි බලමු කැලෑ ආරක්ෂා කරගන්න අපිට කරන්න හැකි දේවල්..

කැලෑ විතරක් නෙමෙයි කොළඹ උනත් මිනිස්සු රටකජු ටික කාල කවරේ පාරේ දානවා..මේක අස්කරන එක මහා වදයක් නෙවෙයි එක දෙකක් වැටෙනවා නම්..ඒත් හෙම නෙවෙයි නේ..වැටෙනවා නේ කොල කැලි කසල සියදහස් ටොන් ගානක්..මේවා සකස් කරන්නම ලොකු වියදමක් රජයට යනවා.. 

අපේ තියෙන්නේ ස්කෝල කියනවාට වඩා ගැලපෙන්නේ අපිට තියෙන්නේ කුකුල් කූඩු අධ්‍යාපන ක්‍රමයක්.. කුකුලා බෙහෙත් ගහලා විටමින් ගහලා කන්න දීල බොන්න දීලා දවස් 45න් එලියට දානවා නෙව.. ඒත් දියුනු රටවල අධ්‍යාපන ක්‍රම ඇතුලේ ගමන් යෑම කියන දේත් පුරුදු කරනවා.. ඒ විදියට අපේ ස්කෝල ක්‍රමයත් වෙනස් කරලා ලමයින්ට තනියම ගමනක් යන්න..බස් එකක් හොයාගන්න,.කෝච්චි අදුරගන්න . පොඩි චාරිකාවක් යන්න..ගහකොල අදුරගන්න අවස්ථාවක් තිබෙන්නට ඕනි.. මේක අර වට වන්දනා වගේ අනුරාධපුර ලමයි මාතර දිහා එනවා වගේවත් මාතර ලමයි අනුරාදපුර යනවා වගේ වත් මෙගා නෙමෙයි.. ඊට වඩා සරලව මාතර උන් ටික මාතර වටේ තියෙන තැන්වලට යනවා..ඒවා බලනවා අධ්‍යනය කරනවා.


එහෙම සංචරනය හුරු කරද්දි දරුවන්ට අධ්‍යාපනය වගේම කොමන් සෙන්ස්, අනික් මිනිහාට ගරු කරන හැටි, පොලිතින් කුනු බාල්දි වල ටදැමීම, දාන්න තැනක් නැත්තං ආයෙත් බෑග් එකට දැමීම ගැනත් කියාදෙන්න පුලුවනි. එතකොට ඒ ලමෝ ලොකු වෙලා ගමන් බිමන් යද්දි කුනු බාල්දිවලට දාවි.. බාල්දි නැති තැන්වල කුනු මලු වල දාගෙන ඒවි.. පරිසරය සහ පරිසරයේ මිනිස්සු ගොඩක් එක්ක පොදු සම්මතේට අනුව හැමෝටම සුබදායි විදියට හැසිරෙන කියන හැටිත් දරුවන්ට ඒත් එක්කම කියා දෙන්න ඇහැකි වේවි. 

අපේ රටේ පරිසරය බැලුවාම හැමෝටම කැලේ පෙනුනාට කසල කියනනෙත් ජාතික පස්නයක්.. පාසැල් මට්ටමෙ ්ඉදලා කසල සහ කසල කළමනාකරන චර්යාවන් දරුවන්ට හුරු කලොත් අනාගතයේ අපේ නිවෙස් වලින් ඉවත ලන කසල අඩුකරගන්න අපිට හැකි වේවි. ඒ වගේම කසල වෙන්කර බාරදීම වගේ දේවලුත් හුරු වේවි. 

කැලෑව අපි ගියේ නැති වුනාම රැකෙයිද? 

සමහර කැලෑ තියෙනවා මිනිස්සු යන නිසාම රැකෙනවා.. මිනිස්සු වැඩිය ගියේ නැත්තං ඒ පැතතේ ඉන්න ජාතික දේශපාලකයෝ, ලොකු කෙරුමෝ අරවා කපල බෙදලා දෙනවා මිනිස්සුන්ට..නැත්තං ඒ කැලෑ වල මැනික් ගරනවා, නිදන් හාරනවා ආදී විනාස ගොඩක් කරනවා කැලෑ ගොඩක් පාලුවට ගියොත්..මිනිස්සු ගියාය කියලා ගොඩක් වෙනසක් වෙන්නේ නෑ..ඒත් අඩුතරමේ පොඩි හරි දැන්විමක් යනවා සමාජයට.. අපි බදුල්ලේ පස්සර අරදුනු ඇල්ල බලන්න යද්දි පොඩි සයිස් මෙගාවොට් එකටත් අඩු ජල විදුලිබලාගාරය්ක එතන.. ලස්සන ඇල්ල කලකදි නවත්වනවා බලාගාරෙට.  ඉතිං දවසෙන් බාගයක් ඇල්ල වහලා ඉතුරු ටික අරින එක පරිසර හිතකාමි වැඩක්ද? නෑනේ.. මිනිස්සු නොයන කොට ිකිසි දෙයක් ලෝකට ආරංචි වෙන් නෑ..කොටින්ම හෝටන් තැන්න වුනත් අර නැන්දා මාලනීගේ සිංදුවේ විදියට මේ රජයවල් ලියල දේවි ක්‍රීඩා පිටිවලට ඕවයේ මිනිස්සු නොගිහින් පාලු පලාත් වෙන්න ගත්තොත්. 

රකින විදිය 

මම නෙපල් ගියාම එහේ කැලේට ඇතුල් වෙන්න වෙනම පර්මිට් එකක් ගන්න ඕනි කැලේ තියෙන කදුවලට යනවා නම්..එතකොට පර්මිට් දෙකක් ඕනි අපි නේපාලේ කන්දක් නගින්න යද්දී..ඒකක් ආන්ඩු අවසර පත්තරේ..අනික වන සංරක්ෂන පලාත් අවසර පත්තරේ.. මීටර 5000ට උස කදුවලට තව පර්මිට් ගාස්තු.. එක පර්මිට් එකක් සුද්දන්ට රුපියල් 1000ක්.. 

පොඩ්ඩක් හිතන්න..දැන් කාලේ සිරිපාදේ යන එකත් ටුවර් බිස්නස් එකක්..රුපියල් හාරදහක් අරගෙන රත්නපුර පැත්තෙන් සිරිපාදේ දක්කන ටුවර් බිස්නසුත් තියෙනවා..ඉතිං ඔය ඩෑල් වලින් එක මිනිහාට රුපියල් 100ක් අයකරන වැඩපිලිවෙලක් තියෙනවා නම්.. අපිට ලොකු ආදායමක් ගන්න පුලුවනි.. සිරිපාදේ ගත්තොත් එක මිනිහාගෙන් සීයක් අයකරනෝ නම් හැටන් පාරේ හැම වැහිකාලේම උතුරා ගලා නැගිලා මුලු සිරිපා අඩවියම ගූ වලින් චූවලින් නහවන පරණ වැසිකිලි හොද සිස්ටම් එකටක දාලා ට්‍රිට් කරන්න මුදල් හොයාගන්න පුලුවන් කීයක් හරි අයකලොත්.. 

කැලෑ තියෙනවා..මිනිස්සු යනවා..එතකොට මිනිස්සුන්ට පහසුකම් ඕනි වෙනවා..ඉතිං සල්ලි කීයක හරි ටිකැට් එකක් කඩලා..නැත්න්ම අර ඉහල කීව වගේ ඒ පැත්තට යනවා නම් පර්මිසන් ගන්න ඕනි වගේ නීතියක් දාලා සුලු මුදලකට පර්මිට් එකක් ඉෂූ කරලා මැප් එක්ක කාරිය දෙනව නම්.. ලොකු වෙනසක් වෙයි..  ඒ සල්ලි වලින් එතකොට වැඩිමනක් මිනිස්සු ගිහින් පස සවුත්තු වෙන කදු වලට පඩිපෙල් හදත හැකි.. මාර්ග වෙන්කරලා තබාගන්න හැකි.. මිනිස්සු අතරමං වෙනවාට බොඩ් ගහල මාර්ග ලකුනු කරත හැකි.. 

අවසාන 

තැනකට යන්න එපා..කියල හෝ ගිය තැන්වල පොටෝ සෙයා නොකර හෝ කරන්න පුලුවන් බලපෑම අඩුයි.. හැමදේම අපි හිතන්නේ නැති කෝණ වලින් ජනප්‍රිය වෙලා වෙලදපොල හැදෙනවා.. දැන් කරන්න පුලුවන් දේ තමයි මේවා ට පර්මිෂන් සිස්ටම් එකක් ගෙනල්ලා සද්භාවයෙන් ඔය නිතර යන කැලෑ වල පාරවල් ටික්ක හොදට හදන එක.. නැත්තං අඩුතරමෙ බොඩ් ටිකක් වත්ගහන එක.. මිනිස්සුන්ගේ කැලෑ ගත විමේ ආසාව නැතිකරන්න බෑ..ඒත් ඒකෙන් ගානක් අයකරලා ඒ සේවය මිනිස්සුන්ට විධමත්ව දෙනෝ නම්..ආන්න එදාට කැලෑ සහ මිනිහා අතර යම් ගැලපීමක් තියාගන්න හැකි වේවි. 

Sunday, September 3, 2017

අරසිමලේ චාරිකාව 1

 අපි කාන්ඩේ චාරිකාවක් ගියා පුල්මුඩේ දිහා තියෙන ආරණ්‍ය සේනාසන පිලිසකර කරන්න සපෝට් එකක් දෙන්න. අපි ඉතිං සිකුරාදා රෑ තමයි පිටත් වෙන්නේ. එතකොට පුල්මුඩෙට කෙලින්ම බස් නෑ..ජනකපුර බස් එකේ ටිකට් බු්ක් කරලා ගියා බෝගස් හන්දියට..බෝගස් හන්දියෙන් අපිව නේවි වාහනේකින් දැම්මා අරසිමලේ අරන්‍ය ජාලයේ ප්‍රධාන මූලස්ථානයට.. 
 මේක බැලූබැල්මට බස්සෝල්ට එකක් වගේ නේද? ඒත් ඉස්සරහින් දොරක් නෑ.. මට හිතෙනනේ මේ අපි හිටපු තැනත් කොටි කලබල කාලේ කෑම්ප් එකක් වෙන්න ඇති ආමි එකේ.. ඒකෙදි මුර කපොල්ලක් විදිහට මේ විදියේ කුටියක් ිතයෙන්නට ඇති.. මේවා ත් ඉතිං කාලෙයක් කොටි කට ගාව තිබුන ගම්මාන ආදිය වෙන්න ඕනි. මේ තැන තියෙන්නේ පුල්මුඩේ ඉදලා බෝගස් හන්දිය දිහාට කිලෝමීටර 6-7ක් ආවම. පාරයිනේ සමාධි පිලිමේ සයිස් පිලිමයක් හිටෝල තියෙනවා පාරෙන් එහා පැතතේ..ඒ නිසා අදුරගන්න ඇහැකි.. 
 මේ පාර උදේ පාන්දර පෙනුන හැටි..මේ පාරේ උදේ පාන්දරය දවල්ය හැන්දෑවය කියල නෑ..බලු බල්ලෙක් නෑ.. පැය ගානකට..වාහනයක් ගියත් සුටු ගාල ගියා ගියාමයි තව වාහනයක් එන්න විනාඩි ගානක් යනවා.යුද්දේ ඉවර වෙල අවුරුදු ගානක් ගියාත් පලාත තාම ජන ශුන්‍යයි. මිනිස්සු තියා හේනක් බෝගයක් වත් පේන්නේ එහෙමත් තැනක. 
 මේ ගහ කොළඹත් තියෙනවා..මම ගිය පන්සලෙත් තියෙනවා..වතුර පෝර ලැබෙන නිසා සරුවට හැදිලා..අපි ගියපු විහාරස්ථානයත් ටිකක් ඒ වගේ.. විහාරස්ථානය කිව්වට ඒක ආරණ්‍ය ජාලයක්.. කොළඹින් ලැබෙන ආධාර හයි හක්තිය නිසා කටුක පලාතේ තිබුනත් බොහොම සරුවට වැඩිලා මලින් බරවෙලා තියෙනවා. 
 වැඩේට යන්න කලියෙන් අපි ලොකු හාමුදුරුවන්ගෙන් සහ අපේ වැඩ පැවරුපු සර් ගෙන් වැඩේ ගැන ඇහුවා..මුලදි තීරණය වුනේ අපි කොටස් බෙදිලා තැන තැන යන්න..ඒත් අවසානේ කාන්ඩ දෙකකට විතරක් අපි බෙදුනා.. ඒකත් හොදයි.නැත්තං 18ක් හිටිය අපේ කාන්ඩේ ආතල් ටිකක් අඩු වෙනවා. 
 මිනිස්සු අතර සංකල්පයක් තියෙනවා පංසලක් කියන්නේ බල්ලෝ පූසෝ ගෙනත්දාන්න මරු පොට් එක්ක කියලා..මේක හරියටම පංසලක් නොවුනත් අනේ මෙතන්ටත් බලු පැටවු පූස් පැටවු ගෙනත් දාල තිබුනා.. බැල්ලියෝ එහෙම හාමුදුරුවන්ට ඇතිකරන්නත් බැහැලු..මොකද බණපොතේ විදියට ගෑනු නම් සතෙක් වත් ඇතිකරන්න බැහැල්ලු. මිනිස්සු තමුන්ගේ කුනු කන්දල් අනුන්ට විසික් කරන එක අනුන්ට කරදරයක්..හාමුදුරු ගොල්ල උනත් කෑම ටිකක් ගන්නේ දානයක් ලැබුනම..ඉතිං මේ පංසල් වලට ගාල් කොරන තවත් සත්තුන්ට කන්න බොන්න දෙන්න කොහොමද උන් වහන්සේලා.. 
 අපිට යන්න ලැබුනේ මහ ටැට්ටර් වල. මහ ටැට්ටර් නැතුව අපිට යන්නත් බැහැ සමහර තැන්වලට. මොකෛා් හරිහමන් පාරවල් නැහැ.. සරලව කිව්වොත් වැඩේ මේමයි. අපි ගිය මූලස්ථානය ආරණ්‍ය කුටි තිබෙන ස්ථාන ගනනාවක් පාලනය කරනවා.. ඒ කුටිවල ටවුමෙන් පාරෙන් බොහෝ ඈත වන මැද ස්වාමින් වහන්සේලා භාවනා කරනවා.අපි ගියේ ඒ විදියේ කුටි තිබෙන තැන්වල තියෙන වැඩප් පලක් කරල දීල එන්න. ඉතිං මේ ඇතැම් කුටි තියෙන්නේ ගල් උඩ..පෙලක්වා මහ කැලෑව ඇතුලේ..ඒ තැන් ආසන්නයට වත් යන්න වෙන්නේ මහටැට්ටර වලින්.. අම්මෝ පුක එපාය කියල හිතුනා පස්සේ දවස්වල නම්. 
 මේ ඉන්නේ අපි වැලි ඇදලා සකසපු මලුව අතුගාන සුදන්ත ස්වාමින් වහන්සේ..අපිට මුල දවසේ පැවරුනු රාජකාරිය වැලි අදින එක. වැලි ඇදලා මේ ස්වාමින් වහන්සේට සක්මන් මලුවක් හදාදෙන්න අපිට හැකි වුනා. ඉන් පස්සේ අපි තවත් තැනකට ගියා හවස ඒ ගිහින් එද්දි රෑ වෙලා..ඒ ගමන ස්වාමින් වහන්සේ වැඩවාසය කරන කුටිය ආසන්නයේ ම අපිත් රැය පහන් කලා. කෑම අපිට සැපයුවා අරසිමලේ ලොකු හාමුදුරුවො සහ සිවිල් ආරක්ෂක මහත්වරු විසින්. එදා රෑ පැය දෙක තුනක පොඩි ධර්ම සාකච්චාවකුත් තිබුනා. ස්වාමින් වහන්සේ වන ගතවුනාට උන්වහන්සේගේ ධර්මය පිළිබද දැනුම නම් වනගත වෙලා නැහැ..සෑම ගැටලුවකටකම ඉතාම සාර්ථක ලෙස පිළිතුරු දුන්නා. ඒ අත ර ඉතිං බණ ට වැඩි හුරුවක් නැති මට දෙතුන් වතාවක්ම නින්ද ගියා ස්වාමින් වහන්සේට අහුවෙන්නම. ඒත් ඉතිං වැඩිමහල්ලා වෙලා ත් නිදාගන්නවා කියලා කිව්වා මිසක වැඩිමනක් දොසක් කිව්වේ නෑ හාමුදුරුවෝ.. 

මෙතැන ආසන්නයේ තිබෙනවා ඔයක්..ඔයෛ් නම මතක නැහැ මට මේ වෙලාවේ. ඒ ඔයේ කිඹුල්ලුත් ඉ්නනවාලු. අපි ඇග හෝදා නා ගත්තේ ඒ ඔයෙන්. ඒකේ කිඹිුල්ල ඉන්නවාය කියලා කට්ටිය බය වෙච්චි නිසා ඔක්කෝම නාල ඉවර වෙනකල් අපේ හාමුදුරුවෝ ඉවුරට වෙලා බලාගෙන උන්නා..යම් විදියකින් කිඹූලා ආව නම් උන්වහන්සේට පැනලා දරුවෝ බේරාගන්න හැකිවේය කියලා සුදන්ත ස්වාමින් වහන්සේ කිව්වා. ඒත් පැනලා බේරාගන්නවාට වඩා කිඹුලා සතා සරුපය ාගැන සුදන්ත ස්වාමින් වහන්සේ ගේ දැනුම නිසා කිඹුලා එන්නට කලියෙන් අපේ අයට ඒ ගැන දැනුම් දෙන්නට නම් උන්වහන්සෙට් හැකියාව තිබෙනවා ඇති. 
 මේ වස්සාන කාලේ නේ. පාන්දරම අපි එක්ක ස්වාමින් වහන්සේ ගමට එන්න පිටත් වුනා අපේ ඊලග මිශන් එකට යන්නට. ඒ කිව්වේ අපි පලමු දිනයේ කලේ කුටි පිිරිසිදු කිරීම සහ මලු ඇමදීම වැලි මලු සකස් කිරීම ආදී රාජකාරි. දෙවන දිනයේදී තිබෙන්නේ වෙනම රාජකාරියක්. මේ තැන් අතර සෑහෙන දුරක් තිබෙනවා..ඉතිං මේ ස්වාමින් වහන්සපෙිටුපස අපි 18 දෙනාත් ආවා.. එතකොට පාන්දරම දානේ රැගෙන කුටියට යමින් සිටි ගම්බද  මහත්වරු දෙපලක් හාමුදුරුවන්ට දානය පිලිගැන්නුවා..මහත් භක්තියෙන් පාන්දරම නැගිටලා දාන වේල උයලා ඒකත් අරගෙන බයිසිකල් එකෙන් සිය සැමියා එක්ක පැමිණිලා ඒ උපාසක මාතාව ස්වාමින් වහන්සේට දන් පිලිගැන්නුවා. 
 ඒක බොහොම කදිම දසුනක්..  දානෙට තිබුනේ පිට්ටු.. හාමුදුරුවෝ සිවිල් ආරක්ෂක නවාතැනට ගිහින් ටිකක් වැලදුවා..ඉන් පස්සේ  පිට්ටු කෑල්ලක් දෙකක් අපිටත් දුන්නා..සා..මරු ඒවනම්.. 
 මේ පලාත්වල ප්‍රවාහන පහසුව අඩුයි. හිල්දානේ පිලිගැන්නුවාට පසු විවේක තැනකට ගිහින් ඒක වලදන එකයි සාමාන්‍ය සිරිත. ඉතිං දන් පිලිගැන්නූ උපාසක මහත්මයාම ස්වාමින් වහන්ස බයිසිකලයට නංගාගෙන නවාතැන කරා ඇදෙන්නට වුනා. මේ පලාත්වල රථ වාහන පහසුව අඩුයි.එක වරක් ස්වාමින් වහන්සේ දෙනමක් අපි එක්කලා වැඩියේ මහ ටැට්ටර් එකේ මහ රෝදේ උඩ.. අනේ එහෙම එද්දි මහා මුරුගසන් වරුසාවක් පහත්වුනා..දැන් ස්වාමින් වහන්සේලායි අපි සැරටම තෙමෙනවා.. ඉන් මනත එතැන යන්නට අපාසු නිසා සුදන්ත ස්වාමින් වහන්සේ වැස්සේම පයින් වඩින්නට තිරණය කලා.. 
ඒ මහා වරුසාවේ අපි කන්ඩායම ටැට්ටරේ ඇතුලේ..තෙමෙනවා තෙමෙනවා ඉවරයක් නෑ..  ඇතිල්ලෙන කටු පදුරු ලදුකැලෑ අස්සෙන් සෑම ගලකදී මුලකදිම පුකට බඩු සවුත්තු වෙන අත්දැකීම නම් වටිනා අත්දැකීමක්.. හරියට ආමි එකේ කොමාන්ඩෝ ටේනින් එක්ක වගේ..යාලුවෝ එහෙමත් කතා වුනා. 

 අපිට පෘතග්ජන ඇත්තො ්විදියට ධර්මය ගැනයි අවසේස කාරනා ගැනයි නිතර ගැටළු . ඉතිං ස්වාමින් වහන්සේ ගේන් ඒවා අසා දැනගන්නට හැමෝම වගේ උත්සාහ කලා. අපි දකින අවකාශයේ ඉන්න පණ්ඩිතම ඩයල් එක තමයි පිටිදුවේ සිරිධම්ම නොහොත් සමන්තබඩ්ඩයා.. ඇත්තමට සමන්ත බඩ්ඩයා ත්‍රිපිටකය ඔක්කොම් දන්නවා මිනිහ හරි උගතාක ියල අපි හිතාන ඉන්නවා..
 මේ ආරණ්‍යවාසී හාමුදුරු ගොල්ල ත්‍රිපිටකය ගැන විශාල පුලුල් දැනුමකින් යුක්තව වැඩ ඉන්නවා..මම මේ කීමට සිරිධම්මයාය කියලා අපහාසෙට කීවට මේ ස්වාමින් වහන්සේලා නම් වදාරන්නේ එහෙම සංඝයාට කුමුන හේතුවක් අරභයා වත් අපහාස කිරීම ගිහියන්ට පව පිරෙන්නට හේතු වෙනවා කියලා. 
 අපිට ඊලගට යන්නට තිබුනේ ලස්සන ගල්තලාවක තිබුන පොකුනක් හිස් කරන්නට..ඒ යන ගමන අතරමැද කදිම වෙල් යායක් හමු වෙනවා..ඒ මැදින් ගමන සුවදායකයි.. 
ගමන් කිව්වාම අපි බොහෝ වෙලාවට කරනනේ කොහේ හරි ගිහින් එකතුවෙලා එතනෝල් ඩිංගක් බඩට දාගෙන මත් වෙලා ඉන්න එක. ඒත් මේ ගමන ඊට වෙනස්..අපි යම් වැඩකටසෙක් කලා..ඒ වගේම අපිට සාමාන්‍ය චාරිකාවකින් ගන්න බැරි විශාල අත්දැකිම් ප්‍රමාණයකුත් ලැබුනා..විවේක ඉඩ පාඩු තිබෙන හැටියට හැකිවුනොත් ඉතිරි චාරිකා විස්තරයත් ලියන්නයි මගේ කල්පනවා. 

Sunday, August 13, 2017

ස්මාට්ෆෝන් කැමරාවෙන් කදිම සේයාරූ ගනිමු

දුරකතන ඇමතුමක් ලබාගැනීම කියන මූලික අවශ්‍යතාවය පිණිස නිර්මාණය වුනු මූලික මොබයිල් ෆෝන් එක ස්මාට්ෆෝන්  වෙද්දි එකතුවනු කොටසක් තමා කැමරාව. මුල්කාලයේදී බලයෙන් අඩු හුදෙක් කුඩා සේයාරුවක් ගැනීමේ මූලික හැකියාව තිබුනත් අද වනවිට මැද මට්ටමේ ස්මාට්ෆෝන් සෑම එකකම පාහේ බලගතු කැමරාවක් අන්තර්ගත වෙනවා. කෂණිකව ඕනෑම තැනකදි මතක සටහනක් ලබාගන්නට පාවිච්චි කරන්න පුලුවන් ෆෝන් කැමරාවෙන් කොහොමද හොඳ ෂොට් එකක් ගන්නේ..මොනාද අපි ස්මාට්ෆෝන් එකකින් පොටෝවක් ගනිද්දි සැලකිලිමත් විය යුතු කරුණු.

 

වස්තුවට ඇති දුර සහ සූමින්..

ඔබ දැක ඇති දුර ඇති වස්තූන් ඡායාරූපයට හසුකරගන්නා දිගු ලෙන්ස සහිත එස් එල් ආර් (DSLR) කැමරා සහ ලෙන්ස්. එවන් කැමරාවලදී ඈත ඇති වස්තුන්, විශාලන කාච පද්ධතියකින් ලඟ ඇති වස්තූන් මෙන් කැමරාවට ප්‍රක්ශේපනය කරනු ලබනවා. එහෙත් කුඩා ස්මාට්ෆෝනයට එවැනි ඈත වස්තු හසුකරගන්න විශාලන කාච බලයක් නැහැ.  අප පොටෝවක් ගන්නා විට අදාල වස්තුවට තරමක් ආසන්නයෙන් සූම් නොකර එම ඡායාරූපය ලබාගන්නට හැකිනම් වඩාත් හොඳ තත්වයේ සේයාරුවක් ලබාගන්නට හැකියි.
පුද්ගල ඡායාරූප ගන්නා අවස්ථාවකදී නම් ස්මාට්ෆෝන තිරයෙන් පේන රාමුවට අනුව වඩාත් ආසන්නව සූම් නොකර ඡායාරූප ලබාගැනිමත්හොඳ පුරුද්දක්. බොහෝවිට ස්මාට්ෆෝන් එකකදී ඩිජිටල් සූම් යනු පිංතූරය විශාලනය කරගැනීම මගින් යොදාගන්නා ප්‍රයෝගයක්..එම අවස්ථාවේදී ඡායාරූපයේ තත්වය බාලවීමක්ද සිදු වෙනවා.
නවීන ඇපල්, සැම්සුන් සහ ඉහල මට්ටමේ ස්මාට්ෆෝන වල නම් දැන් දැන් මදක් දුර ඇති වස්තුන් වඩාත් හොඳින් හසුකරගන්නට කැමරා සිදුරු දෙකකින් පමණ ආලෝකය සහ දත්ත ලබාගැනීම සිදුවෙනවා. එසේ වුවත් වස්තුව ආසන්නයටම ගෙනගොස් සේයාරූ ගතහැකි අවස්ථාවක් නම් එසේ කිරීම කවර ස්මාට්ෆෝනයකදී වුව වඩාත් සුදුසුයි. ස්මාට්ෆෝනයේ මෙම විශේෂිතභාවය නිසාම මල්, ගහකොළ, ගෙදර දොර, ගෘහනිර්මාණ ශිල්ප, විශාල අවකාශයන් සහ සමීප පුද්ගල සේයාරූ ගැනීමට ස්මාට්ෆෝන කැමරාව වඩාත් සුදුසුයි. බොහෝ දිගුදුර සූම් කර වනෝද්‍යානයකදී සත්ව චර්යාවන් වැනි දේ හසුකරගන්නට නම්  ස්මාට්ෆෝනය යොදාගන්නට අපහසුයි. 

රාමුවට හසුකරගැනීම

ඡායාරූපයක් ලබාගන්නා විට අපි අරමුනු කරන යමක් තිබෙනවා. එනම් අපි ඡායාරූපයෙන් දැකගන්න ආස කරන යමක් තමයි අපි පොටෝ එකක් විදියට ෆෝන් එකට සේව් කරගන්න යන්නේ. එවිට එම වස්තුව මනා ලෙස රාමුවට හසුවන ලෙස ඡායාරූපය ලබාගැනීම වැදගත්. උදාහරණ ලෙස සමූහ ඡායාරූපයක් නම් ඒ අදාල සමූහයම සිටීද, ඔවුන් නිසි ලෙස පෙනෙයිද යන්න සැලකීම වැදගත්. සුරතල් සතුන් කුඩා සතුන් ඡායාරූපවලට නැගිමේදී එම සතුනගේ ඇස් මනාව දිස් වෙන පරිදි ඡායාරූප ලබාගැනීම හොඳ උපක්‍රමයක්.  පුද්ගල ඡායාරූපයක් නම් අවට ඇති බඩුමුට්ටු හෝ අනෙක් දේ නොව පුද්ගලයා ඉස්මතු වීම විය යුතු දෙයක්.
කුඩා දරුවෙකු බිම සෙල්ලම් කරන අවස්ථාවක් ඡායාරූපයට නගන්නේ නම් අපි සිටගෙන සිට කුඩා දරුවා බොහෝ ඈතින් සෙල්ලම් කරන දසුනක් ඡායාරූපගතකිරීම සාර්ථක වන්නේ නෑ. එවන් අවස්ථාවක දරුවාගේ සොඳුරු ඉරියව් නිසිපරිදි හසුකරගන්නට සේයාරූ ලබාගන්නා අයද ඒ මට්ටමේම සිට ඡායාරූප ගැනීම වඩාත් සුදුසුයි. ෆෝන් එක අල්ලන උස ෆෝන් එක මානන කෝණය අනුවද ඡායාරූප වල අගය වැඩි හෝ අඩුවීම සිදුවනවා.
ෆෝන් එකක එකවර ගබඩාකරගත හැකි පොටෝ ප්‍රමාණය අති විශාලයි. එම නිසා සේයාරූ ගැනීමේදී අපි ඇසින් දකින දේ සහ ෆෝන් එකට ඇත්තටම වදින දේ අතර තිබෙන වෙනස අවබෝධ කරගැනීමට නිතර පොටෝ ගැනීම සහ ඒවායේ අඩුපාඩු තමුන්ම බැලීමද හොඳ පුරුද්දක්.

පොටෝ තේරීම සහ එඩිට් කිරීම

මුහුන සහ සිරුර අනෙකාට හැඩට පෙන්වන්නට රූපලාවන්‍ය ශිල්පීය ක්‍රම පාවිච්චිය දැන් බොහෝම සරල දෙයක් වී හමාරයි.ඒ වගේම ස්මාට්ෆෝන් එකෙන් ගත් පොටෝවක් කපා ආලෝකය එකතු කොට හැඩ ගැන්වීමත් දැන් එතරම් ලොකු දෙයක් නෙමෙයි.
ස්මාට්ෆෝන් එකෙන් විශාල පොටෝ ප්‍රමාණයක් ගත හැකි නිසා ගන්නා ලද සෑම සියලු පොටෝ එකක්ම මුද්‍රනය කිරීම හෝ ෆේස්බුක් පල කිරීම  ඇතැමුන් සිදුකරනු ලබනවා. එහිදී එකම මාදිලියේ පොටෝ රැසක් එකම ස්ථානයේ තිබීම.. ආලෝක වැරදි සහ පෙනීසිටීම් වැරදි සහිත සේයාරූද එකතුවීම ඉබේම සිදුවෙන දෙයක්. සාමාන්‍යෙයන් වෘත්තිය මට්ටමේ නළු නිලියන් ගේ ජීවිතයේ ඔවුන් කරන කියන සෑම දෙයක්ම අන්තර්ජාලයේ තිබෙනවා සේ පෙනුනත් ඔවුන් ගන්නා ඡායාරූප සියල්ලම  අන්තර්ජාලයට මුදා හරින්නේ නෑ. හොඳ සේයාරූ තෝරා ඉන් පසු ඒවා වැඩිදියුනු කොට ඉන්සටග්‍රැම් හෝ ෆේස්බුක් වෙත මුදාහරින්නට ඇතැම් බොලිවුඩ් හොලිවුඩ් නළු නිලියනට වෙනමම කාර්යමණ්ඩල පවා සිටිනවා. ඒ අනුව නිසි පොටෝ තෝරාගැනිමත් ඒවා පොටෝ එඩිටින් මෘදුකාංග මගින් නැවත යම් වැරගැන්වීමකට ලක් කිරීමත් සිදුකර පොටෝ මුදාහරින්නේ නම් එවන් ස්මාට්ෆෝන් සේයාරූ ඉක්මනින් ජනප්‍රිය වේවි.

ආලෝකය සහ දිශාව

සේයාරුවක් ගැනීමට ආලෝකය අත්‍යාවශ්‍ය සාධකයක්. ආලෝකය අඩු වටපිටාවන් වලදී බොහෝ ස්මාට්ෆෝන හොඳ ඡායාරූප ලබාදෙන්නේ නෑ. එසේම ස්මාට්ෆෝනය සතුව කුඩා ෆ්ලෑෂ් එකක් තිබුනද දිවා කල හොඳ ආලෝකය ඇති තැනකදී මෙන් කදිම සේයාරූ ලබාදෙන්නට ඒ කුඩා ෆෝන් ෆ්ලෑෂ් ලයිට් එකට හැකියාවක් ඇත්තේ නැහැ.
දිවා කල වුව සෑම සියලු තැනටම එකලෙස හොඳින් ආලෝකය පතිත වන්නේ නෑ. ස්මාට්ෆෝනය වඩාත් එලිය වැටෙන ස්ථානයක තබාගෙන  කළුවර තැනක සිටින මිතුරන් පිරිසක් ඡායාරූපයට හසුකරගන්නට අපහසුයි. උද්‍යානයකදී මල් ගහ කොළ පොටෝ ගැන්මකදි වුව හෙවනැල්ල සහ ආලෝකය වැටෙන දිශාව බැලීම කල යුතු දෙයක්. එසේම ස්මාට්ෆෝනය සාක්කුවෙන් ඇදගත් සැනින්ම ලගම සිටින අයෙකුට එයින් දමා ගසනවා වැනි වේගයකින් කැමරාව ඔන්කර ඡායාරූප ගැනීම හොද පුරුද්දක් නෙමෙයි. එම ආලෝක තත්වයට සහ වස්තූනට වස්තු දුරට අනුකූලව සැකසුම් තනාගන්නට තත්පරයක දෙකක කුඩා කාලයක් ෆෝන් එකට අපි ලබාදිය යුතු වෙනවා. නූතන දියුනු ස්මාට්ෆෝන් වලනම් අපිට අවැසි පරිදි සැකසුම් වෙනස් කර ඡායාරූප ගැනීමටද හැකියාව ලැබි තිබෙනවා.

ස්මාට්ෆෝනයේ බලය

ලාංකික ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් රැසකගේ මුල් ගුරු වූ ලාල් හෑගොඩ මහතා පවා ස්මාට්ෆෝනයෙන් වුවද කදිම ඡායාරූප ගත හැකි යැයි කිහිපවරකදීම ප්‍රසිද්ධ දේශනවලදී  කියා තිබෙනවා. මතක සටහන් පමණක් නොව යම් කලාත්මක අගයකින් යුතු සේයාරූ ගැනීමටද ස්මාට්ෆෝන් එක පහසුවෙන්ම යොදාගත හැකි මෙවලමක්. හුරු කල අතෙකින් නිර්මාණශිලි මනසකින් භාවිත කල හැකිනම් ස්මාට්ෆෝනයේ කුඩා කැමරා සිදුර මතින්ද විශාල වටිනාකම් ඇති සේයාරූ මවාගන්නට ඔබටත් හැකියාව ලැබේවි.
මෙම ලිපිය ඊයේ දිනමිණ පුවත්පතේ වයර් අකුරු තීරයේ පළවිය. සයිබර් වාසීනට පිං පිණිස නැවත මෙහි පළකරන ලදී.

Tuesday, August 8, 2017

කාගෙත් සුවදුක් බැලූ ෆැක්ස් යන්තරේ

අන්තර්ජාලය ප්‍රචලිත වීමට මත්තෙන් 90 දශකයේදී සහ 2000 වර්ශ ආසන්නයේදී ලංකාවේ සෑම කුඩා උපනගරයක් ආසන්නයේම පාහේ කොමියුනිකේශන් නමින් හැඳින්වුනු කුඩා සන්නිවේදන මධ්‍යස්ථාන විය. ඒවායේ කළු සුදු ඡායා පිටපත් ගැනීම, දුරකථන ඇමතුම් ලබාගැනීම මෙන්ම බොහෝවිට ෆැක්ස් සේවාවද මහජනයාට විවෘත විය. අද මෙන් ලේඛනයක් තැනකින් තැනකට යැවීම සරල නොවූ එකල ජනයා සිංහල ලිපි ලේඛන තැන තැන යැවීම පිණිස ෆැක්ස් යන්ත්‍ර භාවිතා කලෝය.

ෆැක්ස් යන්ත්‍රයේ මූලික අංගය වූ කලී තැනකින් තවත් තැනකට කලු සුදු ඡායාරූපයක් සම්ප්‍රේෂණය කිරීමය. හඬ ප්‍රචාරණය කිරීමට ටෙලිෆෝනය තිබූ අතර ඉංග්‍රීසි බසින් වදන් තැනකින් තැනකට යැවීමට ප්‍රාථමික වුවද වඩාත් බහුල ලෙස භාවිතයට ගත් ටෙලෙක්ස් ටෙලිප්‍රින්ටර් නැමැති ක්‍රමවේද භාවිතා විය. අද කාලයේ වුවද පරිගනකයේ හෝ ස්මාට්ෆෝනයේ සිංහල බසින් යමක් ලියාගත නොවුන කල්හි ඇතැම් අය කොල කැබැල්ලක සිංහල අකුරු ලියා එය සේයාරුවක් ගෙන යැවීම හෝ එය සිංග්ලිෂ් බසින් යැවීම සිදුකරනු දැකිය හැකිය.
ෆැක්ස් යන්ත්‍රයේ උපත හෙවත් මුල්ම අදහස ගෙනහැර දක්වා ඇත්තේ ඇලෙක්සැන්ඩර් බේන් විසින් 1843 දීය. එනම් ටෙලිෆෝනය සොයාගන්නට වසර 30කට පෙර සිටය. එහෙත් ෆැක්ස් යන්ත්‍රය වඩාත් දියුනු තියුනු වී භාවිතයට පැමිණියේ 1970-80 දශකවලදීය.
ඉංග්‍රීසි අකුරු මෝස් කේත, ටෙලිග්‍රාෆ් හරහා එ අයුරින්ම යැවිය හැකි වුවද කෙමෙන් දියුනු වෙමින් පැවති ජපන් ජනයාට සිය අවශ්‍යතා සදහා ජපන් බස ඇතුලත් ලේඛන තැනකින් තැනකට යැවීමට ක්‍රමයක් දියුනු කරගන්නට උවමනා විය. ඔවුන් ඒ සඳහා ෆැක්ස් යන්ත්‍රය දියුනු කරන ලදී. ඊට අමතරව බැංකුකරණය සහ වාණිජ කටයුතු වර්ථමානයේ මෙන් වර්ශ 2000ට එපිටදී පරිගණක මගින් ජාලකරණයට ලක් වි තිබුනේ නැත. එබැවින් මුදල් ගනුදෙනු සහ විවිධ වානිජමය කාර්යයන්ට අවශ්‍ය අත්සන් සහ සහතික කිරීම් ලබාගැනීම පිණිස ෆැක්ස් යන්ත්‍රය එම යුගයේදී මහඟු උපකාරයක් කල යන්ත්‍රයක් විය.
නූතනයේදී ඩිජිටල් ක්‍රමයට වැඩිදියුනු කරන ලද ෆොටෝකොපි යන්ත්‍ර හරහාද ෆැක්ස් පනිවුඩ යැවීමේ පහසුව ලැබී තිබේ. සාමාන්‍ය ක්‍රමයට  ෆැක්ස් පණිවුඩය යැවෙන්නේ සාමාන්‍යය පැරණි ටෙලිෆෝන පද්ධතිවල අපගේ හඬ තැනකින් තැනකට යනවාක් වැනි වූ ඇනලොග් සංඥා මාර්ගයෙනි. එනම් යැවෙන තරංගය අනුව කඩදාසියේ මෙතැන හිස්ය මෙතැන සුදු විය යුතුයැ යන සංඥාව අනෙක් පසට සම්ප්‍රේෂණය කරනු ලැබේ.ඒ සංඥා වලට අනුකූලව ෆැක්ස් යන්ත්‍රයට යොදා ඇති විශේෂ තාපන කඩදාසි මගින් පිටපතක් ලබාදෙනු ලැබේ.
අන්තර්ජාලය නැමැති මහා තොරතුරු අතිරික්තය අද මෙන් ජනප්‍රිය නොවූ 20 වන සියවස තුලදී ප්‍රවෘත්ති ප්‍රචලිත වූ මූලික ක්‍රමයක් ලෙස පුවත්පත දැක්විය හැකිය. තාක්ෂණයේ කෙතෙරම් හැඩහුරුකම් පැමිණියද අද දක්වා නොනැසී පවතින පුවත්පත , තැනකින් තැනකට වේගයෙන් ඉලෙක්ට්‍රොනික ක්‍රමයකට ගෙන යා හැකිනම් ප්‍රවෘත්ති ආරංචි  ඉක්මනින් පාඨකයාට ලබාදිය හැකි යැයි එකල විදුලි සංදේශ නිපැයුම් කරුවෝ සිතූහ. ඒ ඔස්සේ ෆැක්ස් තාක්ෂණයෙන් පුවත් පත් යැවීමේ විධිවිධාන සැකසුනද එය එතරම් ප්‍රචලිත වූ ක්‍රමයක් නොවීය.
නවීන ඡායාපිටපත් පරිලෝකන යන්ත්‍ර මගින් ෆැක්ස් යැවීම දියුනු වීමට ප්‍රථම ෆැක්ස් වලට යෙදූයේ කඩදාසි රෝල්ය. ඒ කඩදාසි තාපය යෙදිමකින් ඉක්මනින්ම පිටපතක් ලබගැන්මේ හැකියාවකින් යුක්ත වේ. නූතනයේ අප රට බස් රිය ටිකට් යන්ත්‍රවල, ක්‍රෙඩිට් කාඩ් භාවිත යන්ත්‍රවල සහ ඇතැම් බිල් නිකුත් කරන ස්ථානවල ඇත්තේ මෙම සැනෙන් මුද්‍රනය වන තාපන කඩදාසි රෝල් ය.
ෆැක්ස් යන්ත්‍රෙය් අවාසි
ෆැක්ස් යනු සාම්ප්‍රදායික දුරකථන ජාලා හරහා ක්‍රියාකරන යෙදවුමකි. අද මෙන් සබදතාවය උවමනා වූ කල  වයිෆයි නැතහොත් මොබයිල් සිග්නල්..එහෙමත් නැත්නම් යාලුවෙක්ගේ වයිෆයි එකක් සම්බන්ධ කරගෙන පණිවුඩ යැවිමේ ජංගම ශක්‍යතාවයක් ෆැක්ස් යන්ත්‍රයට නැත.එයට නියමිත අවකාශයක් සහ ස්ථාවර සම්බන්ධතාවයක් තිබෙන අතර අප ෆැක්ස් යන්ත්‍රය අසලට ගොස් පනිවුඩය එය හරහා යැවිය යුතුය. මෙය පැරනි තැපෑලේ යම් හැඩහුරුකමක් ද ඇති ගුණයකි. එනම් අපි ලිපියක් තැපැල් කිරීමට තැපැල් පෙට්ටියට එය දැමිය යුතු අතර ලිපිය ලබාගැනීමට නම් අප හෝ නියෝජිතයෙකු තැපැල් බෙදන්නා පැමිණි විට නිවසේ සිටිය යුතුය.
සාමාන්‍ය ෆැක්ස් යන්ත්‍රයක් හරහා වරකට යැවිය හැකි හෝ ලබාගත හැකි වන්නේ එක් ලිපියක් පමණි.. නූතන ඊමේල් හුවමාරුවේදිත් පුරාතන ලිපි ගනුදෙනු වලදිත් සතර අතින් විවිධ දෙසින් එන ලිපි රැසක් එකවිට ලබාගැනිමේ හැකියාව තිබේ. එහෙත් සාමාන්‍ය ෆැක්ස් යන්ත්‍ර ලිපි කිහිපියක් එකවර මුද්‍රනය කරන්නට හෝ ලිපි කිහිපයක් එකවර යවන්නට හැකියාවක් නැති හැඩහුරුකම අනුව තරමක් තද ගති ඇති පැරැන්නෙකි.
ෆැක්ස් යන්ත්‍රයෙහි වාසි
ෆැක්ස් යනු ලිපි ලැබෙන ක්‍රමයකි. නූතනයේ නම් ඊමේල හරහා ලිපි ලැබෙන අතර පෙරකල තැපෑල හරහා ලිපි ලැබුනි. ඒ ක්‍රම දෙකේදීම ලැබෙන ලිපි එකවරම දැකගැනීමට හැකියාවක් නැත. ඊමේල් තාක්ෂණයේ වුවද විවිධාකාර ස්පෑම් සිහිකැඳවීම් ආදි මේල් සිය ගනනක් අතර පැමිණි වැදගත්මේල් පණිවුඩය තෝරාගත යුතුය. කාර්යාලයයක නම් ලිපි වුවද ලිපි ගොන්නක් ලැබෙන කල එකිනෙක තෝරා අපට අදාල ලිපිය තෝරාගැනීමට තරමක් කාලයක් ගත වේ. එහෙත් ෆැක්ස් යම්තැනකින් ඇමතුමක් මගින් දැනුම් දුනහොත් එවෙලේම එම අවශ්‍ය ලිපිය හෝ ලේඛනය අපිට මුද්‍රණය වන අවස්ථාවේදීම දැකගත හැකිය. සයිබර් අවකාශය තුල ඇතිවන විවිධ ආක්‍රමණශීලි වෛරස ආසාදන හේතුවෙන් ඇතිවිය හැකි සංකීර්ණ උවදුරු ෆැක්ස් යන්ත්‍රය නැමැති සරල උපකරණය තුල නැත. ඊමේල් හැක් වී, පාස්වරඩ් අමතක වී මේල් බොක්ස් පිරී ඉතිරී ගොස් හෝ අවැසි පණිවුඩය තෝරා කාලය බොහෝ සෙයින් කැප කරන විට අහා ..පැරණි ෆැක්ස් තිබුණි නම් කොතරම් වාසිදැයි සිතේ.

නූතන සයිබර් අවකාශය තුල ඡායාරූපයක් තැනකින් තැනකට යැවීමට ඇති ක්‍රම සහ යෙදවුම් සංඛ්‍යාව ඉතා දීර්ඝ ලැයිස්තුවකි. එහෙත් 1980-2000 කාලය තුල ලිපියක් තවත් තැනකට සැනින් යැවිය හැකි අරුම පුදුම යන්ත්‍රයක් වී නම් ඒ ෆැක්ස් යන්ත්‍රයම විය. ලිපිය සිංහලද ඉංග්‍රීසිද? එය ලියා ඇති එකක්ද මුද්‍රනය කොට ඇති එකක්ද කටු සටහනක්ද නිවාස සැලසුමක්ද ආදී කිසිදු වෙනසකින් තොරව ෆැක්ස් යන්ත්‍රය අපසතු ලිපි ලේඛන සැලසුම් ආදිය තැනකින් තැනකට ගෙනගොස් දුන් මහාර්ඝ යන්ත්‍රයක් ම විය.
වර්ශ 2017ක් වූ අගෝස්තු මස 05වන සෙනසුරාදා දිනමිණ සති අන්තයේ 17 පිට වයර් අකුරු හි මෙලිපිය පළවිය.

Saturday, August 5, 2017

සප්ත කන්‍යා Saptha Kanya

 හැටන් වලින් සිරිපාදේ යද්දි සප්ත කන්‍යා කන්ද හමු වෙනවා.පසුගිය දිනක අපි ඒ සප්ත කන්‍යා කන්ද තරණය කරන්න උත්සාහයක් ගත්තා. ලක්ෂපාන දිය ඇල්ල බලන්න යන තැනින් තමයි වැඩේ පටන් ගන්නේ. පිංතුර ලොකුවෙලා පේනෝ පිංතුරය උඩ එබුවාම
 අපි ගියේ රාත්‍රී කදවුරු බැදන් ඉදලා උදේ බහින්න. පසුව කල අධ්‍යනයන වලින් පෙනීගියේ අපි නියම මුදුනට නැගලා නැහැ. ඒත් අපි මුදුන්දෙකක්වත් අල්ලන්නට ඇති. බහින දවස හරිම කටුක අත්දැකීමක් වුනා. අපි කඹ අරන් කූඩැල්ලන්ට තෙල්බේත් අරං ගියත් හිතූතරම් වැඩක්  වුනේ නෑ..තද බෑවුම සහ ටයිකෙන වරුසාව අපේ ගමන මහත් බියකරු එකක් බවට පත් කලා. පසෙකින් කූඩාරම්ක් සහ තව යාලුවෙකුගේ අතේ කඹයක්..මේ අපි දෙවන දවස හමාර කරලා බිමට ආපු අවස්ථාව.
 කන්දේ හැපුනමහ වනන්තරේ ඔව් ඔව්..ඒ ඩී සී අට හැපුනේ මෙතන තමයි. ඒ අනතුර වෙල තියෙන්නේ සප්ත කන්‍යා වල පස්වන කන්දේ..අපේ යාලුවෝ නම් සොහොන් ටික බලලා එන්න ගියා. සොහොන් කීවට මේවයේ වලලාල තියෙන්නේ මිනිස්සුන්ගේ කෑලි.. ප්ලේන් එකක් ගලක වැදුනම ඇතුලේ ඉන්න අයට මොකද වෙන්නේ කියලා ආයෙ අමුතුවෙන් විස්තර කරන්න ඕනි නෑනේ.
 වගා නානවා.. වගාට විතරක් නෙමෙයි අපි හැමෝටම ගමන අහක් වෙලා වතුර ඩිංගක් ඇගට හලාගන්න ලැබුන මේ අවස්ථාව නම් පංකාදුයි. කොහොමද ඇල්ල.. ලක්ෂපාන තමයි මේ..ඇබර්ඩින් වගේම තමයි පෙනුම. ඒත් ඇබර්ඩින් වලට වඩා මේකේ නාන පහසුකම සුපිරි..පූල් එකකට වඩා හොදට සනීපෙට නාත හැකි.
 ඔය ඉන්නේ මම. මේ වෙලාවේ නම් තද බඩගින්නේ .. අපි මගදි අනම් මනම් කෑවට බත් ඩිංගක් බඩට නැතුව ටිකක් අමාරුයි. ලක්ෂපාන ඇල්ලටත් බහින්න තියෙනවා මීටර පන්සියක් විතර පඩි..අනේඒ ටික බැහැගන්නත් බැරුව කද බඩමහත ජෝඩුවක් ආයෙම හැරිල උඩට නගිනවා දැක්ක.. කාල බීල මහත්වෙල ආඩම්බෙරේට බඩ ඉස්සරාට දාන් ගියාට මොකදමේ වගේ එකක් වත් බලාගන්න වාසනාවක් නෑනෙවඒ ඇස් ගෙඩි වලට. 
 අපි කලිං දවසේ උදේම ගියත් එදා උදෙත් ටිකක් වැස්ස. වැස්සට මල් කොල ඔක්කෝම ඇහැරිලා.ඔක්කොමත් හරි කූඩැල්ලෝ ඇහැරිලා බුරුතු පිටින් කකුලේ එල්ලුන එක තමයි ඉවසාන්ඩ බැරි.
 අපි ගියේ සෙනසුරාදා උදේ.. මේ පුංචි මනුස්සයෝ ත්‍රිබල කුඩ දාගෙන ක්ලාස් යනවා වෙන්න ඕනි.
 අපි ගිය දවසේ ලක්ෂඵාන ඇල්ල. එදා ලක්ෂපාන ඇල්ලේ වතුරත් දුඹුරුපාට වෙන්නට ඇති. පෙලක්වෙලාවට ඇල්ල සම්බන්ධ ජලවිදුලි ව්‍යාපෘතියේ වැඩක්ද නැත්තං වැස්ස නිසා දුඹුරුපාටද කියල හිතාගන්න බෑ..තනි නෙස්ටමෝල් පාට..ඒත් අපි නෑ දවසේ නම් වතුර කිරි ටොයිය වගේසෝක් එකට තිබුනා.
 මේ පාන්දර ගිනිගත්හේන ටවුමේ. යද්දී ගිනිගත්හේනේ බහින කොට පාන්දර 6 විතර වෙන්න ඇති. ඒවෙලත් මීටර දහයක් දුර පේන් නැති තරම් මීදුම. ඔය බස් නැවතුම ඇතුලේ. 
 ලක්ෂපාන ඇල්ලේ දුර ශොට් එකක්. නාකියාගන්න තියෙන පහසුව එක්ක බැලුවාම සුපිරි ඇල්ල. ගොඩක් ඇලිවල පහල නාන්න බැහැ.. මොකෝ ඉතිං සැඩපාර දැඩියි නේ..මේ ලෙවල් එකට වතුර තියෙද්දි නම් ලක්ෂපානෙන් යට නාත හැකි බොහොම ආරක්ෂාකාරීව.
 අපි කදවුරු බැන්දාට බත් උයන්න ගියෙ ්නෑ. අපි නගින්න යද්දි උදේ එකොලහ විතර වෙලා නිසා අපි තීරණය කලා කඩේ ඇන්ටිගෙන් බත් ටිකක් අරං යන්න. බත් පාර්සල් කරලා ගෙනිහින් මෙ ්විදියට හිනියට පරිප්පුවක් සෝයා ටිකක් හදාගෙන ඒ ටික එක්ක කෑවා.. බත් නම් මදි වුනා වගේ. විඩාවට බඩගිනි වැඩිවෙනවා නේ.
 ලක්ෂපාන ඇල්ල උඩ ඒ ඔය හරහා තිබෙන පාලම. මේ විසාල කනු දෙකෙන් කියන්නේ ඉස්සර තියෙන්න ඇත්තේ එල්ලෙන පාලමක් වෙන්නට ඕනි.
 මා කීවේ ඇල්ල පලමු දවසෙ ්ෙනස්ටමෝල් වගේ කියලා..මේඒක අගවන පිංතුරයක්.
 කෑම සපයා ගැනීම.පිරිසිදු වීම.. ගයිඩ් මහතෙකු හොයාගැනීම වගේම කෑම ටිකක් උයාගෙන යෑම වගේ අපේ ගමනේ මූලිකම අවශ්‍යතා රැසක් මේ හෝටලය මගින් අප කරගත්තා..ඇත්තටම අපිට කලින් දින රැ මෙතන්ට යන්න හැකි වුනානම් ලස්සනට නවතින්න පුලුවන් කාමරත් තියෙනවා මෙතන..නැවතිලා අහක්වෙල විවේකෙන් පාන්දරම නගින්න තිබුනා එහෙම වුනානම්.
 පාසි ගල උඩ..
 මීදුමට වැහිල ගිහින් සප්ත කන්‍යා.. එක වතාවක් ඇරිල තිබුනා..එවෙලේ පොන් එක ඇදගන්න පවා පණ නැතිතරම් මහන්සිය.
 මේඅපේ සෙට් එක සහ මග පෙන්වන නයිදේ.. මග පෙන්වන කෙනාටත් මග වැරදුනා. ගමන ගැන කියනවා නම් වැසි සමයක මුහුනදිය හැකි දරුණුම ආකාරයේ අත්දැකීම් රැසක් මේකෙන් ලැබුනා..කූඩැල්ලේ එල්ලෙන්නේ ලංකාවෙ ටීම් එකේ විකට් යනවා වගේ..එකෙක් ගැලවෙනකොටතව එකක්.. පෙලක් වෙලාවට ෆිල්ඩින් වලට ටීම ්එක බැස්සා වගේ සෙට් පිටින් එනවා.. තද ආනතිය හරියට මාර්ගක් නොමැති වීම..ඉසව්වක් සොයාගන්නට බැරිවීම..අනතුරුදායක බට කැලේ..වගේ ගොඩක්හේතු නිසා ගයිඩ් වරයෙකු නැතිව ගමන් කිරීම සාමාන්‍ය අයට නම ්කිසිසේත්ම රෙකමදෝරු කරන්න බෑ. 
 අවධානම කියන එක පවා කළමනාකරනය කරගැනීම මෙ වගේ ගමනකදි වැදගත්. ආහාර ද්‍රව්‍ය සපුරගෙන වතුර අරගෙන කූඩැල්ලන්ට බෙහෙත් ආදිය හදාගෙන නැතුව හිතු ගමන් කාලෙට සිරිපාදේ යනවා හෝටන් තැන්න යනවා වගේ ලේසියෙන්මේ වගේ චාරිකා යන්න මදක් ආමරුයි. 

 බට ගස් උඩින්..යටින් මැදින් යන්න තියෙනවා.. බහිනකොට තද වැස්සේ බට උගුලගෙන ඒවයේ එල්ලිලා බැහැගෙන ආවා.. සාමාන්‍යයෙන් අත්දැකීම කියනවා නම් මහගිරිදඹේ කියලා සිරිපාදේ තියෙන උසම තැන්වලටත් වඩා මේකේ ඈන්ගල් එක වැඩියි.. ඒ වගේ කිලෝමීටර 5-6ක් එක දිගට සෙට් වෙනවා..
 තේ වත්තක් හරහා ගිහින් තමයි වනයට පිවිසෙන්නට තියෙන්නේ.. මේ අන්තයෙන් තිබෙන්නේ එක පිවිසුමයි..තවත් පිවිසුමක් තිබෙන බව අන්තර්ජාලයේ තිබුනත් මේ අපේ ගයිඩ් උන්නැහේ ඒ ගැන දැනං උන්නේ නෑ.
 අතරමගදි කුඩා දිය කඩිත්තකට බට පිත්තක් ගහල ඔන්න ඔහොමයි අපි වතුර පුරෝගත්තේ.
 වැහි කලෙක මීදුම එක්ක මෙ ්වගේ ලිස්සන ගල් තලාවක නගින එක..මං හිතන්නේ අර ටීවි වල පෙන්වන සර්වයිව් ටීම් වලට පවා මේවනම් අමාරු වැඩ.
 ඈත කන්ද පෙනුන එක අවස්ථාවක්. ගොඩක් වෙලාවට කදු වැහිලා මීදුම ්වලින්. 
 මෙතනින් ඉහලට නැගීමත් අමාරුයි.. ගල් තලාව තෙමිල ලිස්සනවා ත් එක්ක ඒත් ඒකේ සයිඩ් එකෙන් උඩට නැගීමක් තිබුනේ. 
 ගිනි ඇවිලුවා වගේම අපි නිවලාත් දැම්මා. මෙ ්ගිනි අවුලුවන්න පවා තෙත කාලගුනය යම් බාදාවක් වුනා. ඒත්බට පතුරු ඇවිලෙනවා ලෙසට.. ඒ ඇවිලෙන බටපතුරු තමා ඔය.
 කූඩාරම් තිබුනාට නින්ද ගියෙ ්නෑ හරියට.. ඔය ඊලග දවසේ පාන්දර කට්ටිය බහින්න සෙට් වෙලා.

 අපි සෙට් එක දොලහක්. සෙට් එක හැඩල් කරගන්න ටිප් එක හරියට රන් කරන්න තුවාන්, දිලීප ලොකු වැඩකොටසක් කලා. අදකාලේ අපි දන්නව නේ ගමනක් සෙට් කරගෙන යන එකත් ලොකු බිස්නස් එකක්.. විසේසයෙන් මේ වගේ සොබාදාහම් චාරිකා හොද මාකට් එකක්. ව්‍යාපාරික අදහසින් තොර වුනත් බාහොම ලස්සනට කෑම බීම, ගමනේ කූඩාරම්, වතුර නවාතැන්, සපයගෙන වැඩේ කරන්න තුවාන් දිලීප සහ අපේ ටීම් එකට හැකිවුනා.
 අද කාලේ ගමන් කිව්ව ගමන් මුලින්ම එන්නේ බෝතල නැත්තං කෑන්.. එත් මේ අපේ යාලුවෝ බෝතල කෑන් ගමනේදී පාවිච්චි කලේම නෑ..කන්දක් උඩට ගිහින් බොනවා වගේ නෙමෙයි බහින්න ගියාම.ඒ වගේම පරිසරයේ සුන්දරත්වය විදින්න යනවනම් එතනෝල් කියන්න මට අනුව බාධාවක්. 
 කොහොමද මීදුම ්පාර.. මෙ ්මීදුම පොටෝ ලස්සනයි..ඒත් මීදුම පොද වැස්ස සහ කූඩැල්ලෝ එක්ක ගමන නම් එපා වෙනවා.
මේ කට්ටිය රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මල්ලිලා ටිකක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොද කොල්ලො ටිකක්.
මේ අපි නැවතුන තැනක්.. 
සප්ත කන්‍යා යන්න ලේසි නෑ..ඒක පාරක් තොටක් තියෙන තැනක්ෙ නමෙයි.. ගයිඩ් කෙනෙක්ව ගත්තා වුනත් ගයිඩා පාරවල් හරියට දන්නවාද කියලා හොදට අවබෝධයක් තියෙන්න ඕනි. මොකද අපේ ගයිඩ් කෙනාටත් දෙතුන් විඩක්ම පාරවල් වැරදුනා. තද රිස්ක් එකක්..රිස්ක් එකට ලෑස්ති වෙලා මිසක අනේ අපිටනම් ගානක්වත් නෑ කියල වීරයො වෙන්න නම් යන්න එපා..මොකද හැමදාම නැතිවුන අයව ගේන්න හෙලිකෝප්ටර දාවි කියලා අපිට හිතන්න ආමරුයි.