Friday, January 7, 2011

යට නොපෙනීමේ භීතිකාව...(kotata endhiima)

        1. පරණ චිත්‍රපටිවල මාලනී ෆොන්සේකා ඇතුලු සමකාලීන නිළියන් ඉතා කොට ගවුමක් ඇඳගෙන සිටී..පරණ කාලේ හෙවත් මීට වසර 20කට තිහකට එපිට එවැනි දේ සාමාන්‍යකරණය වීදැයි සිතෙන තරමට එකල කොට ගවුම් තිබී ඇති බව මට සිතෙයි..ඇන්ටන් ජෝන් මහතා විසින් ගයන කොට්ට උරය වැනි මිනිගවුම යනු කොට සායක් නොවේ එයකොට ගවුමකි..එයින් උඩුකයද යටිකයද වැසිය යුතුය.. එවිට යටි කයේ කකුල් අඟල් කීපයකට වඩා නොවැසෙන බව මගේ දැනීමය..



2.ආගමික ස්ථාන වලට යෑමට රටේ නීති ඇති කල යුතුද??යම් ආකාරයක හික්මීමක් සංවරයක් ඇතිව සිටින පිරිසක් බිහිකිරීම සෑම ආගමකම අරමුණයි..ආගමික මධ්‍යස්ථාන වටා එකතුවී සිටින අය සහ ඒවායේ මධ්‍යස්ථාන භාරකරුවන් විසින් කලයුතු දේවල් නීතිගත කලයුතුයිද??දලදා මාලිගාවට යන සුද්දියන්ගේ ඇඳුම් ගැන විමසීම එහි සිටින ආරක්ශක නිලධාරිනියන්ගේ වගකීමකි..එසේම යම් පන්සලක දායිකාවන් අනවශ්‍යලෙස විදහා දක්වන කාම තොරන් සහිතව පන්සලට එයි නම් හාමුදුරුවන් සහ දායක සභාව ඒවා විසඳිය යුතු වෙයි..

3.රජයක් මඟින් පාලනය කල යුතු බොහෝ දේ නොකර සිටිමින් මෙවැනි දේ කිරීම තුල ආන්ඩුව ජනතාව තුලින් සිංහල බෞද්ධ ඡන්ද ඇහිඳිනවා විය හැක..උදාහරණ ලෙස මාතර කොළඹ අධිවේගී මාර්ගය,,නව ක්‍රීඩාංගන,,රැකියා ජනනය,,පොල් නොමැතිවීම,,බඩුමිල,,අධික ජීවන බර,,විරැකියාව ආදී බොහෝ දේවලට අපේ රජය සතුව ඇත්තේ කතන්දර පමණි..ඉතින් තවදුරටත් මෙවැනි දේ පිටුපස ඇත්තේ ජනප්‍රිය දේට ඇඟිලි දමා තවත් ජනප්‍රිය වීමේ තියරි මිස වෙනත් අරමුණු නොවෙයි..සම වෙන්න රාජ පක්ශයිනි..ඔබට පමණක් නොව හම්පඩ විපක්ශයටද දැක්මක් ඇතැයි මා නොසිතමි..

4.ගැහැනුන්ගේ ඇඳීම් පාලනය කිරීම කොතරම් ප්‍රායෝගිකද යන්න තවත් කතාවකි කෙනෙකුට කොටට ඇඳීමට නීති දැම්මොත් ඔවුන් දිගට ඇඳ පලාගෙන එනු ඇත..මා එක් තරා වීඩියෝ දර්ශනයක දුටු පරිදි ඔලුවේ සිට පාදාන්තය තෙක් කලුවට ඇඳි අරාබි කතුන් පිරිසක් යට ඇඳුම් කිසිවක් නැතිව සිටින අතර අවශ්‍ය අවස්තාවල ඔවුන් ඔවුන්ගේ ඇඳුම් ඔසවා සිය පාරිභෝගිකයින්ට මඟතොටදී පවා සේවය ලබා දෙති..

5.සිංහල බොදු සංස්කෘතියට කොට නොගැලපේ යැයි කෙනෙක් සිතත් නම් බුද්ධ කාලයේ ගණිකාවන්ට,,අභිසාරිකාවන්ට බුදු සසුන පිහිට වූ අයුරු සිහිකර ඔවුන්ගේ කාලයේත් බුදුන් සිටිය සමයේත් මෙවැනි නීති තිබුනේදැයි ඇසීමට කැමැත්තෙමි...බුදුන් කිසිවෙකුට හික්මීමේ මාර්ගය හා තමාගේ ශාසනයේ අයට විනය නීති පැනවීමට උත්සාහ කලා විනා තමන්ගේ මිතුරන් වූ කොසොල්,,බිම්බිසාර,,අජාසත්ත ආදී රජවරුන් ලවා සමාජයට බෞද්ධ නීති ගෙන ඒමට උත්සාහ කලේ නැත..දැඩි මුස්ලිම් මූලදර්මවාදීන් විසින් පාලනය වන රටවල එවැනි නීති තිබිය හැක..එහෙත් ලංකාවේ සියයට හැට පහකටත් වඩා සිටින බෞද්ධ පිරිසට මුස්ලිම් අයගේ නීති ගෙන එන්නේ ඇයිදැයි නොදනිමි..මුස්ලිම් සංස්කෘතිය අපිට වඩා වෙනස්ය එය එයට අනුකූලව වැඩ කරනවා ඇත...මීට කලකට පෙර ලන්ඩන් නුවර මුස්ලිම් හෝ කිනම් පුද්ගලයෙකුට හෝ හිස වසාගෙන මොට්ටැක්කිලි දමාගෙන යෑම තහනම් විය..එය එසේ කලේ මහජන ආරක්ශාව තකා වෙයි..

6.තව නොබෝ දිනකින් අපේ මහින්දරාජ මැදිහත් වී මෙම නීතිය අකුලාගැනීමට උපදෙස් දෙනු ඇත..එය අපිට අලුත් දෙයක් නොවේ..දෙසැම්බර මස පොල් මිල සෑම කලකදීම වැඩි වෙයි..එම කාලයේදී පොල් අපනයනය තහනම් නොකොට ආනයනය කිරීම ජනාධිපති සංකල්පයකි..දැන් ක්‍රීඩාංගනවල ලෝක කුසලාන පැවැත්වීම ගැන ජනාධිපති තුමා සංචාර දමයි..එය මෙතෙක් අසාර්ථක වී ඇත්තේ කුමක් නිසාදැයි නොසිතා පරණ නඩයටම අලුතින් අණදීම ජනාධිපති තියරිය වෙයි..විදුලිබල මන්ඩලය විසින් අනුමත ගාස්තු වලට වඩා ,,වැඩි මිලක් කොන්තරත් සමාගම් වලට ගෙවීමේදී සිදුවන අක්‍රමිකතා නොපෙනෙන ජනපති විදුලි බිල් වැඩිකිරීමේ තීරණ වහා කල්දමයි..

7.කොටට ඇඳීම නම් වූ ක්‍රියාවලිය වැඩිපුර සිදු කරන්නේ යෞවන වියේ ළමුන් වෙයි..මෙයට එක් හේතුවක් නම් කෙතරම් ලොකුවට සිටියත් දෙමාපියනට සිය දරුවන් ඉතා කුඩා උන් ලෙස පෙනීමයි...ඉතින් ඔය පොඩි එකා කොටට ඇන්දම තමා ඔහෙ කියන ඔය ලෝකෙ තියෙන ඔක්කොම දහදුරා වැඩ ටික වෙන්නෙ කියල අම්මල කියනව ඇති තාත්තල බැන්නම..ඒත් තමන්ගෙ එකා තමන්ට කොයි තරම් චූටි උනත් ටිකක් වැඩිපුර කොටට ඇඳන් යන ටිකක් නලවල යන කෑල්ලට මේක් අප් තියනවන්ම් ආන්න ඒව තමා ගොඩක් උන් හිතන්නෙ බඩු නොහොත් ගණිකාවො කියල..ඒකෙත් ඉතින් වැරද්දක් නැහැ ගණිකාව තමන්ගෙ බිස්නස් එකට කස්ටර්මර්ල අල්ලගන්න ටිඅකක් අරුමෝසමට අඳිනව..ඒත් ඒ ගණිකාවට ටික දවසයි ඒ මෝස්තර කරන්න පුලුවන්.. ඊට පස්සෙ අපේ පන්ති යන කෙලි පැන්චියොයි ඔෆිස් ටන සෙට් එකයි අර අවුරුදු 40ක් වෙන ගෑනු,, ලස්සන වෙලා නාකි කම ඩිංගක් වහන් යන්න තියෙන මේක් අප් සෙට් එක එහෙමම දමාගෙන යනව..මම ඉගන ගන්න කාලෙ හිටිය කෙල්ලෙක් ඒකි හරියට කොන්ඩෙවත් පීරන්නෙ නැතිව ඩෙනිම ගහල එන්නෙ..ඕනි වැඩකදි බොක්කෙන් කොල්ලෙක් වාගෙ වැඩ..අපි ඒ කෙල්ල එක්ක කතා කරන්න සෙට් වෙලා වැඩ කරන්න වගේම ගොඩක් උන් ඒ කෙල්ලගෙ පෙම්වතා වෙන්නත් උත්සාහ කලා..කෙල්ලත් ඒ තරන් ලස්සන නෑ..ඒත් ඒකිගෙ හිත කෙනෙකුගෙ දුකකදි වැස්සට කොළඹ වාගෙ වැක්කෙරෙනව...ඒවාගෙ අනේ අපොයි කියල නිකම් ඉන්නෙ නැතිව කරන්න පුලුවන් දේ කරනව..කෙනෙකුගෙ බාහිර අලන්කාරය තියෙන්නෙ ටික කාලයයි..ඒත් ක්‍රියාවෙන් ලස්සන වෙන්න පුලුවනිනම් ඒ වාගෙ ගෑනු මැරුනත් මිනිස්සු මාර විදිහට ගරු කරනව..පූලාන් දේවී,,මාරි කියුරි,,තෙරේසා මව්තුමී,,පේමවතී මනම්පේරි,, වාගෙ ලන්කාවෙ ලෝ කෙ මහා නම ක් තියෙන ගෑනු මහා ලස්සන අයම නෙමෙයි..ඒ අය ජනප්‍රිය උනේ අනුන් වෙනුවෙන් අසීමාන්තික කැපවීම නිසා..තියෙන විනාස වෙන රූපෙ පාට ගගා පෙන්නන්ම උගන්නනෙ නැතිව ඒ වාගෙ වටිනා මිනිසුන් වෙන්නත් ගෑනු දරුවොන්ට උගන්වනවනම් පුලුවන් තරම් කොල්ලොන්ට කියල බලෝගන්න ට්‍රයි කරන මේ ෆැශන් සෝ එකෙන් තමන්ගෙ දරුව මුදා ගන්න පුලුවන් වෙයි...

8.සමාජයක ළමුන් ව්‍යසන වලින් ආරක්ශා කරගැනීම භාර වෙන්නෙ දෙමාපියන්ට..ඒ දෙමාපියන්ට නිසි දේ දීම ආගම් වල වගකීමක්..බහුතරයට හානි ගෙනදෙන විනාශකාරී චර්යා සහිත පුද්ගලයින් සමාජයෙන් ඈත්කර තැබීම නීතිය සහ ක්‍රමයෙ වැඩක්..ප්‍රකට ස්ත්‍රී දූශකයො,,අපචාර චෝදාකරුවො නීතියටත් ඉහලින් ඉන්න පාර්ලිමේන්තුවකින් මේ වාගෙ සදාචාර සමාජය අපි බලාපොරොත්තු වෙන්නෙ කෝමද??ළඟ පුවත් පතක තිබ්බ කළුතර දිස්ත්‍රික්කය ළමා අපcආර කාන්තා හින්සනය සම්බන්ධ විශාල පැමිණිලි සංඛ්‍යාවකට හිමිකම් කියනව කියල..අපේ රටේ අග්‍රාමාත්‍ය බෞද්ධයෙක් හිටපු පින්වත් පලාතක් ඒක...ඒකෙ කතාව ඒක නෙමෙයි ප්‍රදේශවාසීන් කියන විදිහට හිටපු අග්‍රාමාත්‍ය තුමත් ප්‍රකට වෙලා හිටියෙ වයසින් කුඩා වූ ගැහැනු ආස්‍රයටලු..ඉතින් ඒත් කවදාවත් පොලිස් පොතක උන්දැගෙ නම නම් නැතුව ඇති ඒත්,,දන්නෝ නම් හොඳින්ම දන්නවා ඇති..

9.සමාජයේ හෝ ආගමික ස්ථානයේ හෝ යම් ප්‍රශ්ණ කාන්තාවන්ට සහ සමාජයට වෙනවනම් ඒකට එකම හේතුව වෙන්නෙ අර ටිකක් උඩ හරියට යනකල් පේන කකුල් කඳන් දෙකද???ඒක දැකල එකපාර කිපෙන අයෙක් ඉන්නවනම් එයාට මොනාද වෙලා තියෙන්නෙ කියල හොයා බලන්න ඕනි...අවසාන වශයෙන් මිනිස්සු ඇඳුම් අඳින්නෙ සීතලට හෝ ගැහැට වලින් ආරක්සා වෙන්න නෙවෙයි...ලිංගික ආකර්ශනය වැඩි කරගන්න..

7 comments:

  1. //අවසාන වශයෙන් මිනිස්සු ඇඳුම් අඳින්නෙ සීතලට හෝ ගැහැට වලින් ආරක්සා වෙන්න නෙවෙයි...ලිංගික ආකර්ශනය වැඩි කරගන්න..//
    හොඳ ‍පොයින්ට් එකක්. මේ සංවාදයෙදි මෙතෙක් පළ නොවිච්ච. ඒ වගේම මං කැමති ලිපියක්.

    ReplyDelete
  2. ශ්‍රී ලාංකීය බ්ලොග් කරුවන්ගේ සින්ඩිය "සින්ඩි ලංකා" සමග එක් වන්න.
    ඔබේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" හි ඉහලින්ම ස්ථාන ගත කරගන්න.
    අදම එක් වන්න.

    ReplyDelete
  3. සිරාව​​ට අපි ඈඳුම් අඳින්නේ ඔය කියන ලිංගික ආකර්ෂණේට ද... :D

    ReplyDelete
  4. කාලය,දීපය,දේශය,කුලය,මව,උශ්නත්වය,උන්නතාංසය අනුව ඇඳුම් වෙනස් වෙනව..ඒත් පිරිමියෙක් උනත් ස්මාට් විදිහට අඳින්නෙ ආකර්ශනයට..ඒක ලිංගික ද නැද්ද කියන එකම නෙවෙයි..100%ක්ම ලිංගික ආකර්ශනය පදනම් කරගෙන ඇඳුම් නිර්මාණය වෙලා නෑ.ඒත් එකක් ඔය ඇඳුම් කියන දේ මිනිස්සුන්ට එකතු වීම අර්ථදක්වන්න පුලුවන් වෙන්නෙ ලිංගික ආකර්ශනයෙන් විතරයි....මම මේ කෑල්ල ඇහිඳගත්තෙ නිරුවත් වානරයා කියන ඩෙස්මන්ඩ් මොරිස්ගෙ පොතෙන්..

    ReplyDelete
  5. කතාවට භාජනය කල යුතු මාතෘකාවක්. කාලීනයි.

    ReplyDelete
  6. ඕක කෙලවර වෙන්නේ ඉන්දියාවේ වගේ gender selection even before the birth ඇව්ල්ලා. එතකොට බැරියැ මේක සුපිරිසිදු සදාචාර සම්පන්න රටක් කොරන්න.

    ReplyDelete