Sunday, May 15, 2011

duel core do more





මේ විදිහට ගියොත් හෙට අනිද්ද වෙද්දි මේ රටේ ගෑනු පිරිමි බොහොම නරක විදිහෙ ආස්සර වලට පෙළඹෙනව
ඒ කියන්නෙ පිංවතුනි මේ සමාජෙ තියෙන පවුල කියන කුඩාම ඒකකේ විනාස වෙල මහ අවුලක් ඇති වෙනව....
අද මේ ටැලිපෝන අද හැමතැනම කෙල්ලගෙ කොල්ලගෙ බල්ලගෙ ඉඳල තියෙනව..මේවයින් තමයි පිංවතුනි අද මේ තමන්ගෙ දරුව නොදන්න එවුන්ට එකතු වෙල යන්න පුරුදු වෙල තියෙන්නෙ..
අපි මේ අද ඉන්න දරුවන්ට මේ වසවර්ති උපකරනෙ දෙන්න හොඳනෑ මොකද ජාතියක් ජංමයක් නැති නොයෙකුත් කන්ඩායං මේ පෝං එකෙන් සෙට් වෙල දරුවන් එක්ක මොනව කරනවද කියල දන්නෙ නෑ....

අනෙ හාමුදුරුවන්ගෙ කෙං ගෙඩිය..
දැං හාංදුරුවනේ වැඩිය ඕන නෑ අපි ගනිමු මේ ගමේම කී දෙනෙක් නං දැං ඔය ටැලිෆෝනි එකෙන් සැට් උනාද අර මතකද හාමුදුරුවනෙ ජොනතන් බාස්ගෙ කිසි ලස්සනක් නැතුව තැං කීපෙකිම්ම කතා කොරලත් මඟුල් හරිගියෙනැතුව කොළඹ යැව්ව නිමාලි කෙලී .,,උන්දැ කොළඹ ගිහිං කලිම්ම කොලේ පොන් එකක් ඇරං කොල්ලෙක් සැට් කොරගන්න එක...ගෙදරට නාකි වෙන් හිටපු ඒකිට මඟුලක් සෙට් උනේ ඒ පෝන් එක නිසා තමයි...සික් මටත් ඕක ටිකක් පුරුදු වෙල තිබුනනම් දැං කොයිවෙලේද ටිකට් එන්නෙ කියල බලං ඉන්න මට කනේ ගහං පිරිත් ටිකක් අහං ඉන්න තිබුන එතකොට අවසානෙට ඇහෙන්නෙ පිරිත් නිසා කොයිවෙලේ මැරුනත් ඩෝං ගාල දිවිය ලෝකෙ..
.හාමුදුරුවො කිව්ව නෙව දැං ඔය ඉස්සර වාගෙ නෙමෙ දැං පෝං එක නිසා සමාජෙ නරක් වෙනව කියල මං අහන්නෙ හාංදුරුවනේ ඉස්සර ඔය ගෑනු මිනිස්සු ලස්සනට බැඳල කියල හිටියද???නෑ නෙ
ඉස්සර කොහොමද සමහර පවුල් වල උංට එක එක පාට ලමයි..මේව හාමුදුරුවොන්ට කියල ඉතිං ඒතරං රහසවලුත් නෙවෙයි නෙව..උපාසකම්මල රැකෝඩ් එක ලෙසටම දෙනව නෙව...පෝයට ආවම..දැං නං ඉතිං හාමුදුරුවන්ට ඒව ආරංචි වෙනව වැඩි....එක සිද්දිය දැං හාමුදුරුවන්ට තුං හතර දෙනෙක් ෆෝන් එකෙන් කියනව නෙව..ඉස්සර නං ඉතිං ඔය පෝයකට පිං කමකට කවුරු හරි ආවොත් හාමුදුරුවන්ගෙ කනේ වැටෙන ඒව දැං ඉතිං උපාසකම්මල නිකං ඉන්නකොට පෝං එකෙන් කියනව නෙව...
මමත් ඔය පංසලේ ආපු 3-4 දොහේ දැකල තියෙනව හාමුදුරුවොත් පෝං එකේම ඉන්නව...සමහර වෙලාවට හාමුදුරුවො ඒකෙ එල්ලිල කිරනවත් එක්ක...
ෆෝන් එක නං ඉතිං වැඩි තමයි ඒත් හාමුදුරුවනේ දැං කොල්ලො කෙල්ලො අපේ කාලෙ වාගෙ යංතං ඇටෙන් පොත්තෙං මෝරල එනකොට සැට්වෙල පැනල යනව අඩුයි ඔය ෆෝන් එකෙම්ම ඒව මේව කොට කොට ඉන්නව මිසෙක..



2 comments:

  1. හික්... වෙසක් එකට මරු පෝස්ට් එක...

    ReplyDelete