Monday, September 12, 2011

ප්‍රබාකරන් දැන් හිටියනම්..

ප්‍රබාකරන් දිනුවානම්.....
ප්‍රබාකරන් දිනීම යනු බේරේ වැව මෙපිට යුධ මුක්ත කලාපයේ සිට සිවිල් වැසියන් මහින්ද රාජ රාෂ්ඨ පාලනයෙන් මුදවාගෙන බේරාගෙන කඳවුරු ගත කොට තබාගැනීමද??නැතිනම් ඊලාම් රටක් තැනීමට අවැසි පසුබිම දීමද??
යුද්දෙ නැති නිසා ලැබුනු දේ...
හමුදාවට වැඩ නැතිවිය..බෝම් බ බිය නැතිවිය..මරණ බිය අඩුවිය..රටට තිබු විසල් ප්‍රශ්ණ අඩුවිය..සති අන්ත පුවත්පත්වල ජනවාර්ගික ගැටලුව අන්තර්දාන විය..යුද පුවත් තීරු සියලුම ප්‍රවෘත්ති නාලිකා වලින් ඈතට විය...යාපනේ යෑම තවත් ටිප් එකක් විය...යුද්ධය නැති කිරීම ලෙස තවත් ඇඩ්වටයිසින් කලාවක් ඇතිවිය.

අපි යටත් උනානම්...
වසර දෙදහස් ගණනක් තිස්සේ රැකගෙන ආ සිංහල බොදු සංස්කෘතිය පර දෙමලාට පාවා දීමක් සිදුවෙයි..එය ඉන්දියාවට..චීනයට..අමෙරිකාවට සෙමෙන් ඇඟට නොදැනෙන ලෙස දුන්නාට කමක් නැත එහෙත් දෙමල ප්‍රබාකරන් ට රටෙන් කොටසක් යෑම නම් බහුතරය නොදිරවන කරුණකි..අපි යටත් වීම යනු මේ සියලු දකුණු ප්‍රදේශ එල් ටී ටීයට දීම නොවේ ඔවුන් ඉල්ලු ටිකක් දීමය...ආර් අනිල් මහතා විසින් තොප්පිගල යනු නිකම් ගල් පරුවතයක් පමණකැයි කි විට අපේ උන් ඒ තුල තිබූ උපහාසය නොදැක ආර් අනිල් නිකම් දේශද්‍රෝහියෙකු බවට පත්කලේය..ආර් අනිල් එසේ කීවේ යුධමය අතින් තොප්පිගල වැදගත් වුවත් ආර්ථික අතින් තොප්පිගලින් ලබාගත හැකි කෙංගෙඩියක් නොමැති වු නිසාය..

අපේ අය අපිට ආදරේද??

මනුස්ස පජාව සාමාන්‍යායෙන් බයස් වීමට කැමතිය..මහින්ද රාජට කස්ටියක් බයස් වන අතර තවත් අය ආර් අනිල්ට බයස්ය...දෙමල අය පෙබාට බයස් වූ අතර කොයි තරන් හොඳ උවත් සිංහල දෙවියන්ට වඩා දෙමල යකුන් දෙමල අයට හොඳය...
මිනිසුන් ඇන්දීමේ කලාව හොඳින් ප්‍රගුණ නොකල කෙනෙකුට දේශපාලනය හරියට කල නොහැක..කුමන රටක කුමන තත්වය යටදී උවත් ජාතිවාදය හෝ වෙනත් ගෝත්‍රවාදයක් අවුලුවා ලිය හැකිනම් ඔහු එම පද්ධතියේ වඩාත්ම ආකර්ෂණිය චරිතය වෙයි..ඉරාකය ලේවිලක් කල බුෂ්,,ඉතිහාසයෙන් යුදෙව්වන් අතු ගෑ හිට්ලර් එම සමාජය තුල ජනප්‍රියම පුද්ගලයින් විය...මන්ද ජාතිය ආගම සහ වෙනත් රේඛා තුල මිනිසුන් හසුරුවා ලීමට ඔවුන් සමත් වීමය.කෙතරම් කලිසන් ඇඳ වාහන වල ගියත් තාමත් නැට්ට හැලී වසර දස දහස් ගණණකට වඩා වැඩි නොවන මානවයන්ට බොහෝ කලක් වනයේ සිටියදී පැලපදියම් වූ ගෝත්‍රවාදය හැර යෑමට නොහැකි වු බැවිනි...පබාකරන් වත් අපේ එවුන්වත් අපිට ආදරේ නැත..උන් උන්ගේ ගෝත්‍රයට ආදරේය අපි උන්ගේ ගෝත්‍රයේ උනොත් අපිට ටිකක් වාසිය නැත්තම් කපෝතිය..

ප්‍රබාකරන් දින්න නම් තාමත් බෝම්බ තමයි....
මේ කතාව නම් ටිකක් පේන විදියට ඇත්ත වගේය..එහෙත් දිනපු ප්‍රබාකරන් යනු තවදුරටත් ගරිල්ලා නායකයෙකු නොවේ..එවිට දිනූ පාර්ශවය වන දෙමල ජනයාගේ කොටස විශාල ලෙස සමාජය තුල පැතිර යන නිසාත් සිංහල යාට බහුතරය හිමි වන නිසාත් තවදුරත් මර්ධනය ප්‍රායෝගිකෙ නොවනු ඇත...ඉඳහිට මාධ්‍ය වේදින් සහ බක පන්ඩිතයින ් මේ රට හිටියා ඇතැයි සිතා එලොවට හෝ වෙනත් රටකට සංක්‍රමණය විය හැක...එහෙත් යුද්ධය දිනු ප්‍රබාකරන් කැලේ සැගවී සිටි කොටි නායකයා තරම්ම සැඩ පරුෂ විය නොහැකි බව සාමාන්‍ය සියලු හොඳ පැත්තට හැරුනු පිදෙක් කැස්ත්‍රෝ සිට බංගලාදේශයේ ප්‍රචන්ඩා..අයි ආර් ඒ ආදී සංවිදාන ලොක්කන්  හැදැරීමෙන් පෙනී යයි...

දැං ඇති වගේ තෙල් උනත් සුවල්පයක් දාල ගොඩක් අතගාන තරමට තමයි සනීප.....

8 comments:

  1. ප්‍රභාකරන්ගේ දිනීම යනු මුලු මහත් ශ්‍රි ලංකාවම යටත් කරගැනීම නොවේ . ඔහුට අවශ්‍ය වු බිම් කඩ වෙන්කර ගත්තා නම් , අපට එය නැවත ලබා ගැනීමේ යුධ ශක්තියක් නොමැති වුවා නම් ප්‍රභාකරන් දින්නා වේ .යම් හෙයකින් ප්‍රභාකරන් රටම යටත් කර ගත්තත් ඔහු ප්‍රචණ්ඩා හා ක්‍රස්තෝ ට අනුව සැලකීමේ හැකියාවක් නැත , ප්‍රචණ්ඩා සහා ක්‍රස්තෝගේ අරගලය තුල ඇත්තේ දේශපාලනයක් පමණය , ප්‍රභාකරන්ගේ අරගලය වාර්ගිකය , වාර්ගික යුද්ධයක් ජයගත්විට පරාද වූ වාර්ගිකයින් පෙලීම අනිවාර්යය . ප්‍රජාතන්ත්‍රවාදි (අපි එහෙමයි කියල කියමුකො ) රජය පරාජයට පත් වූ වාර්ගිකයින්ට සලකන ආකාරය දුටු විට දශක තුනක් කැලේ වැදුණු බිහිසුණු පාලකයෙක් පාරාජිත වාර්ගිකයා නොපෙලා සිටී යැයි ඔබ සිතන්නේ කෙලෙසින්ද

    ReplyDelete
  2. ප්‍රබාකරන් කියන්නෙ තලේබාන් වගේ සෙට් එකක නායකෙයෙක් නෙමෙ...
    මෙයා ඇවිල්ල වාර්ගික පදනමක් තියෙන ද්‍රවිඩයෙක්...
    සුද්දන්ට රට ගියා කියල අපේ රටේ හිටපු මිනිස්සු තනිකර නවන්න සුද්දට බැරි උනා...සිංහල මිනිස්සු සුද්දන්ට වැඩ කරන්න කැමති උනේ නෑ...සියලු බලතල තිබුනත් සිංහලෙයො වැඩකාරකමට ගන්න උන්ට බැරිඋනා..අවසානෙ දකුනු ඉන්දියාවෙන් වැඩට මිනිස්සු ගේන්න වුනා...
    මර්ධනය නම් සුලුවෙන් තියෙයි...ඒත් සාමාන්‍ය බහුතරයට දැනෙන්න තියෙන එකක් නෑ...
    චීනය කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද..මිනිස්සුන්ට නිදහස තියෙනවද??ඒත් අති බහුතරයට සාමාන්‍ය මට්ටමෙන් ජීවිත ගෙනියන්න පුලුවන්..ත්‍රස්ථවාදය,ප්‍රජාතන්ත්‍රවාදය,ධනවාදය..සමාජවාදය වචන විතරයි...

    ReplyDelete
  3. කැලෙන් එන හැම සතාම හීලවෙයි කියල හිතන්න බෑ නේද......

    සමහරවිට ප්‍රභාකරන් දින්න නම්, සිංහල බ්ලොග් තහන්ම් කරන්නත් තිබ්බ,ඒකෙන් දෙමළ මිනිස්සුන්ට අපහාස වෙනව කියල.

    ඒ වුණත් පෝස්ට් එක ආසාවෙන් කියෙව්ව අයියෙ.

    ReplyDelete
  4. සිංහල බ්ලොග් විතරක් තහනම් කරන්න පුලුවන්ද??
    එහෙනම් තහනම් කරන්න වෙන්නෙ බ්ලොග්..විතරයි.
    දැනට කියල සිංහල බ්ලොග් වෙනුවෙන් ආන්ඩුවෙන් කියල ලැබෙන්නෙ අර සිංහල ටැමිල් කිට් එක විතරයි නෙව..ඒකත් ආන්ඩුවෙන්ම කරපු දෙයක් නෙමෙ...
    මතකනම් මතක් කරගන්න ප්‍රබාකරන් හිටපු මාධ්‍ය සාකච්චාව..හරියට කැලෙන් ගත්ත සතෙක් වගේ කෙලින් බැලුවෙවත් නෑ...
    ගරිල්ලා ක්‍රම සහිත සටන් සාමාන්‍ය රාජ්‍ය පාලනයේදි වෙනස් වෙන්නම වෙනව..

    ReplyDelete
  5. ඔක්කොම වෙන්නේ හොඳටයි...

    ReplyDelete
  6. ප්‍රභාකරන් දැන් හිටියනම් නාථ දෙවියන් නමින් දෙවිකෙනෙකු හෝ ග්‍රීස් යකා නමින් යකෙකු හෝ නැත.

    ReplyDelete
  7. ප්‍රබාකරන් දැන් සිටිය නම් :
    අවසන් මොහොතේ ප්‍රබාකරන් (හා පවුල) පණපිටින් අල්ල ගත්ත නම් ප්‍රබකර්නුත් KP වගේ "අනේ මම මෙච්චර කල් කලේ මෝඩ වැඩක්...ලංකාවේ ආණ්ඩුව හරි හොදා" කියමින් සිටින්නට ඉඩ ඇත.
    ප.ලි.ප්‍රබාකරන් කතා කලේ සිංහලෙන් නොවන බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
  8. ප්‍රභාකරන් අද හිටියනම් ආණ්ඩුවේ ඉන්නෙ. එහෙනම් අද ප්‍රභාකරන් ෂෝයි බබෙක් හරියට කරුණා පිල්ලෙයාන් වගේ. තක්කඩි ත්‍රස්තවාදියෝ වෙන්නෙ ඔය රනිල්ල,සෝමෙල වගේ විපක්ෂයෝත්, ප්‍රභාකරන්ට විරුද්ධව ලියන කියන උනදලාත්ය.

    ReplyDelete