Monday, September 19, 2011

අපිනම් වැරදිලාවත් වල් දේ නොබලමු...

පාට වෑන් එකක් එයි මා කොහිද කියා අසයි..දෙක තුනක් ඇන මා පොලිස් කූඩුවේ යයි..අපේ පරම්පරාවේ හැත්ත බුරුත්ත රොත්ත පිටින් මා බලන්ට එයි..ඇයි පුතේ අපේ මූනෙ දැලි ගෑවෙ..අපේ නැන්දා කෙනෙකු අසයි..ඇගේ මුනේ දැලි ගෑවෙන්න ඇගේ කුස්සියේ වලං හෝදන්ට මා ගියේ නැති බව කියන්ට කට නලියයි..ඒත් මුකුත් නොකියා සිටීටම මා අදිටන් කරගනී..සිංහල බ්ලොග් කියවනය..ලාංකීය ඇතුලු බ්ලොග් මිතුරන් සියල්ල මා බැලීමට කූඩුවට එයි..ඇයි මචං උඹ ලියන්න කලිං පොඩ්ඩක් ජේෂ්ඨයින්ගෙන් උපදෙස් ගත්තෙ නැත්තෙ එකෙක් අසයි..අනිකා උඹට යස වැඩේ කියමින් සිතන් සිතමින් මගේ කඳුලු පිසදාගැනීමට සර්වියට් එකක්වත් නැතැයි සිතමින්දෝ හොරකඳුලු පෙන්නමින් අඩයි...
අද උදෑසන බස්රියේ එනවිට කඳුකර ප්‍රදේශයේ පලාතක අසැබි දේ අඩංගු වීඩියෝ පට නවසිය ගණනක් සහ පරිඝනකයක් ඇතුලු යන්තර සූත්තර ගනනාවකින් යුතු කුනුහරුප බෙදාහරින මධ්‍යස්ථානයක් සොයාගෙන ඇතැයි කියන්නට විය..උදේ පටන් වෙලේ සිට පොඩි එකකුට තියා ආච්චි අම්මා කෙනෙකුට වත් ඇසිය නොහැකිතරම් දෙපිටකැපෙන වචන හුවමාරු කරගත් එෆ් එම් සුකිරි බටිල්ලන් දෙදෙනා මෙ
පුවතට මහත්සේ කලබල විය...

වැල යනු මොනවාද??
මනුස්ස සරීරය සංස්කෘතිය විසින් වස්තර හෙවත් ඇඳුම් විසින් වසා ඇත..කුඩා කල සිට වස්තර වලින් වසා ඇති නිසා කුඩා කල සිට විසාල වී මැරෙනකල්ම ඒ වසා ඇති විවිධ සරීරවල ඇත්තේ කිනම් ආකාරයේ දෙයැක්දැයි දැනගැනිමට මනුස්ස මනසට ඇත්තේ නොනිමි ආසාවකි..වසා ඇති ඒ උපාංග සහ ඒවා තවත් කෙනෙකු සමඟ බෙදාගන්නා ආකාරය ඉතාම රලු විදියට පෙන්වීමේ වල් සිත්තර කලාව කුනුහබ්බ වීඩියෝ හෝ වැල ලෙස හඳුන්වයි...අමරදේව මාස්ටර් විසින් ස්වර්ණමාලියේ ලෙස ස්වර්ණමාලිය නමැති දෙවඟන යොදාගෙන සින්දුවක් කියන විට ඒ ස්වර්ණමාලියම සංගීත සංදර්ශනවල බිමට වඩින් බිමට වඩින් ස්වර්ණමාලි කුමාරිය ලෙස වේගවත් තාලයකට පාද තබයි..පලමු ස්වර්ණමාලිය ශාස්ත්‍රිය වන අතර දෙවන ස්වර්ණමාලිය කුජීතය හැකිනම් ආන්ඩුවෙන් මැදිහත් වී හෝ එවැනි සංගීත නැති කල යුතුය..ඒ අපේ ශාස්ත්‍රිය ලොක්කන් ගේ වදන්ය..හිතමිතුරු සුලග ලග එන වැහි වලාකුලට වික්ටර් රත්නායක විසින් කියන විට චාමර මහරගමට වහින්න එපා යැයි අමුවෙන්ම කියයි..වික්ටර් විශිෂ්ඨය චාමර විශිෂ්ඨ නැත..ඒ අපේ සමාජය අයිති යැයි සිතා සිටින ප්‍රබුද්ධයින්ගේ කලාව පිළිබඳ දැක්මේ ගැඹුරයි..

වැල බැලීමේ ආනිසංස මොනවාද??
වැල හෙවත් වල් මාධ්‍ය නරඹන්නේ මෙන්න මේ පුද්ගලයෝය..මුන් සමාජය කනවාය කියා නිවැරදිවම පෙන්විය හැකි නරක දේ හෙවත් මේ වැල බලන නියම සමාජ ස්තරයක් දැකිය නොහැක...කුඩා නවය වසර සී පන්තියේ සිටින ලමයාගේ සිට විධායක ශ්‍රේණිවල සිට මිනිසුන් තුන් හාරසියයට අධිපති වරුන් වන පිරිසේ සිට ලෝකය පාලන කරන ඇත්තන් දක්වා බෝ පරාසයක් වැල වලට යොමු වී සිටිති..එහෙත් කිසිවෙක් කිසිවිට මා මේ නරක පුරුද්දට ආසය කියා කීමට කැමති නැත..සිගරට් බීම අරක්කු බීම වගේ කොමන් සෙන්ස් එකකින් එහාට ගිය දෙයක් මේ වැල බැලීම්වල පවතී..එනිසා කිසිවෙක් මූනුපොතේ ටුවිටරේ හො වෙනත් කිසිදු තැනක කමින් බොමින් නාමින් යැයි ස්ටේටස් අප්ඩේට් කරත් දැන් මං වැලක් බලමින් සිටිමි යයි ස්ටේටස් අප්ඩේට් කරගැන්මක් නැත..එහෙත් වෙනත් රටවෙල එසේ වනවා ඇත..ඉස්සර කාලයට වඩා දැන් දරුවෙක් වී මිනිහෙක් වන්නට තියෙන කාල පරතරය වෙනස්ය...එනම් යොවුන් විය නම් වූ ගන්ධබ්බ සීසන් එක දැන් එන්ට එන්ටම දික් වී තිබේ..කලකට පෙර සාමාන්‍ය පෙලින් පසු රැකියාවලට යොමු වුවත් දැන් ඉන්පසු අනිවාර්යෙන්ම අඩුතරේම උසස් පෙලවත් කරයුතුය මිනිසෙකු ලෙස රැකියාවක් කරගැනීමට...ඉදින් එවැනි පසුබිමක සිටින අයත් බොහෝ විට සමාජය විසින් තම පවුල විසින් සහ තමාගේම හැදියාව නැමැති සිල්වතාවිසින් ආරක්ෂා කරගෙන සිටිනු ලබන සීලය දිගු කලක් රැක ගැනීමට රුකුල් දෙන්නේ මේ කාම චිත්‍රපටිවෙයි..මනුශ්‍ය සරීරයක් තුල ඇති තවත් එක්තරා පද්ධතියක් වන ප්‍රජනක පද්ධතිය වුවද කාලයක් කිසිදු හැඟීමක් දැනීමක් රහිත මලකුනක් සේ ඇදගෙන යා නොහැක..විටින් විට හෝ ඒ ප්‍රජනක පද්ධත්යේ යම් යම් අවයව වලට යම් කිසි තෘප්ත ස්වභාවයක් පෙන්නුම් කල යුතුය...ඒ වැනි කාරණාවකට බාල මහලු තරුන බේදයකින් තොරව මේ අසැබි පට බොහෝ දෙනා භාවිතා කරති...ඇත්තෙන්ම මෙයින් සමාජය වැරදි දෙසට යනවාය නරක් වෙනවාය කියා කෙතෙක් කීවත්...මෙතැන සිදුව්න්නේ බොහෝවිට අමෙරිකාවේ සිටින නිලියක් සහ නලුවෙක් මතට තමා ආරූඩ වී වින්දනයක් ලබාගැන්මේ අහිංසක ප්‍රයෝගයකි..මෙතැන වින්දනය ලැබීම යනු ස්වයං වින්දනය නම් වූ භෞතික ක්‍රියාවලියම නොවේ..මනසින් පවා ලිංගික පීඩනය ඈත්කර ගැනීමට කාම පට ගෙනදෙන්නේ මහත් පිටුවහලකි..

අපේ අත්ත මුත්ත කාලෙවත් තිබුන කුනුහබ්බයැ මුන් මේ බලන්නෙ...??
ඉඳහිට ගෙදරක අසැබි පට බලා අසුවුන එකෙකු ගැන අපේ පැරණි උන්දැලෑ කියන්නේ ඒ කතාවය..එකල නුවර යුගේ එක ගෙදරට ගෑනියකු සහේට ගෙනා කල සියල්ලන්ම මේ අපේ අයියගේ ගෑනි නොවැ..සික් මේ අපේ මලයෙගෙ පවුල නොවැ කියමින් එකගේ කෑවේ අපේ මුත්න් නොවේද?/ඒ අපේ ඉතිහාස කතාවයි..එසේම එකල මැනවින් සංවිධිත විවාහ  ක්‍රම තිබී ඇත්තේ තැන් කීපයක පමණි..එකල ගමේ සහ පලාතේ ආරච්චි මුදියන්සේ සහ රජුන්හට නිල වශයෙන් සහ නිල නොවන වශයෙන් අන්තප්පුර තිබි ඇත..අද තිබෙන මේ ක්‍රමය කෙතෙක් හොඳදැයි කීම එකල ලීයු පොත් පත්,ආරාම,සහ වැව් පමණක් දකින ඒක පාක්ෂික ඉතිහාසකරුව්න්ට නම් මදිකමකි..එහෙත් එකල විසූ ගෑනු කෙනෙක් හෝ යම් කිසි දිනෙක එකලට යත හැකි කාල යන්තරයක් තැනුවොත් කෙතරම් සමාජය ලිංගික හැසිරීම් සාමාන්‍යකරනය කර තිබුනේදැයි බලාගත හැක..දැන් අපි මම වැනි බ්ලොග් ලියන්නන් සිය ජීවිතයේ ඇති අනුන්ගේ වැරදි කඳු ගනන් ලියා තමන් ගැන නොලියා සිටිනවා මෙන් එකල සිටි කැටපත් පවුරු ලියු අය..මහ පොත් ලියු අය..සෙල්ලි පි කෙටු අය ද සමාජයේ තිබූ විෂමාචාර ලිංගික ක්‍රියා ගැන නොලියා සිටින්නට ඇත..දැන් අවුරුදු දහසයේ සීමාවේ පවතින විවාහ වීමේ අවම වයස ඊට වඩා බො සෙයින් අඩු දොලහ දහතුන වයසට අඩු වී එකල තිබූ බව නවසිය විසි තිසිගනන් වල විසු අයෙගෙන් දැන ගත හැක...

ලංකාවේ ලිංගික ප්‍රකාශනයේ ඉතිහාසය..මෙය දැනට නොදැකපු ඉතිහාසයට අනුකූල කිරීමට අමාරුය..මන්ද කිසිත් නොමැති ගල්කනු අතර මේ වැනි ලිංගිකත්වය උලුප්පා ලන ප්‍රකාශන සෙවීම අමාරු හෙයිනි..දඹදෙනි යුගේ ජනප්‍රිය කෘතියක් වන ජාතක පොත තුල ඇති විවිධ කතා කියැවීමෙන් යම් යම් භාවිත සෘංගාරය යන බහුසෘත වචනයෙන් හඳුන්වන ලබන සෙක්ස් අඩංගු දෑ තිබේ..බාහ්‍ය ජාතකය නැමැති ජාතක කතාව මින්පෙර මා ලියූ පෝස්ට එකක ඇත..එය කැමති කෙනකුට බලා ගත හැක..එහි දැක්වෙන කතාව කිසිදු ලිංගිකත්ව පිළිබඳ වැරදි චිත්‍ර මවා නොපෙන්වන මුත් එවන් කතා ඇතිබව හෝ දැනගැනීම සමහර අයට වටී...සද්ධර්ම රත්නාවලියේ එක්තැනක ඒ කුඩා සාමනේර තැන ඒ ස්ත්‍රිය ගැන සිතමින් හස්තෝපක්‍රමාදි ක්‍රම භාවිතයෙන් රමනයේ යෙදී සන්තර්පනය වීම සිදුකරගත් බවැක් දැක්වෙයි...මෙයට අවුරුදු තිහ හතලිහකට එහා කල දැන් මෙන් පරිගණක රූප යන්තර ආදිය නොවීය..බයිසිකලයේ පිටුපස බැඳි පෙට්ටියක් බැඳගත් අයෙක් මසකට වරක් දෙවරක් ගම් තුලානේ සැරිසරයි..එහි දැන් ඇති දෙනෙතියෙ නොහොත් ටැලස්කෝප්පය මේන් ඇස් දෙක තිබාගැනීමට තැන් දෙකකි..මේ දෙකෙන් ගෑනු අය ඇස් තබන විට පේන්නේ ජෝජ් මහරජානන් ගේ රටේ විස්තර එක එක රජ ගොල්ලා ගැන පින්තූරුය..ආත්තලා මුත්තලා ඇස තිබූ විට පෙනෙන්නේ දඹදිව ඇති ගල් ගොඩවල් ශ්‍රි මහා බෝධි ආදී දේ ගැන ඇති පින්තූරුය..එහෙත් බවලත් උදවිය සහ තලත්තෑන් උන්දැලෑ නැති තැන්වල කොල්ල කුරුට්ටන්ට පෙනෙන්නේ අමු හෙලුවැල්ලෙන් සිට විවිධ ඉරියව් පෙන්නන ගෑනු පිරිම්න්ගේ පින්තූරුය...එකල සතයටත් අඩු මිලකට පෙන්වූ මේ රූ සරණිය විටෙක එක් එක් ඡායාරුප ලෙසත් ඉන්පසු අතින් කරකවන යන්තරයක් ලෙසත් දියුණු විය...ඒ අවස්ථාවයට අදාල රූප රාමු මේ පෙට්ටිය තුලට දැමීම ඒ බයිසිකල් කරුවාගේ වගකීමකි...මේ යන්ත්‍රයක් මා දැක තිබුනේ බොහෝ පසු කාලිනවයි..එවිට එහි තිබුනේ අපේ ඩයනා සහ චාල්ස් කුමරුගේ විවාහ උත්සවයේ රූපරාමුය..
එයිට අමතරව අපේ යාග හෝම පැවැත්වීමේ දී ලිංගිකත්වය පෙන්වන උලුප්පන වැඩසටහන් රඟදක්වනු ලැබීය..බොහෝවිට දෙපිට කැපෙන වචනයෙන් සහ අසාමාන්‍ය රංගනයෙන් ඔපවත් වුන බොහෝ යාග හෝම එකල බො හෝ ජනප්‍රිය දෙයක් විය..
මෑත වසර දෙදාස් ගනන්වල පවා රූප යන්තර නොයන ඈත සිටින හමුදා කොලුවන් සහ ඈත ගන්තුලාන වල මිනිසුන් සඳහා වල් පත්තර හෙවත් අසබි ප්‍රකාශන නිකුත් වීම සිදුවෙයි..
හම්මේ කම්මැලියි මේ ඇති ඉතිරි ටික පස්සෙ ලියනව...







11 comments:

  1. "සද්ධර්ම රත්නාවලියේ එක්තැනක ඒ කුඩා සාමනේර තැන ඒ ස්ත්‍රිය ගැන සිතමින් හස්තෝපක්‍රමාදි ක්‍රම භාවිතයෙන් රමනයේ යෙදී සන්තර්පනය වීම සිදුකරගත් බවැක් දැක්වෙයි"

    කොතනද?

    ReplyDelete
  2. මට හිතෙන්නේ නිසි ලිංගික අධ්‍යාපනයක් නැති හන්දා තමා කට්ටිය වල බලන්න ඔච්චර ආස කරන්නේ.

    ReplyDelete
  3. මට මාසයක් දෙන්න මම තියෙන තැන හරියටම කියන්නම්...මට සති දෙකක් යනව ආයෙ පොත එන්න..තව සති දෙකක් විතර යයි තැන හොයන්න..මොකද කන්ට්‍රෝල් එෆ් ගහල හොයන්න බෑ නෙ...

    ReplyDelete
  4. හස්ත උපක්‍රම භාවිතා කර ශුක්‍රාණු පහ කිරීම පැවිද්දන්ටත් විනය විරෝධී නැහැ. එය බ්‍රහ්මචර්යාව ආරක්ෂා කිරීමේදී ශරීරයේ ඇතිවන අපහසුතා මග හරවා ගැනීමට යොදා ගන්නා සරල දෙයක්.
    මම කොහේ හෝ තැනක කියෙව්වා මතකයි "අතින් ගටා සුකුරු මුදවැයි කීහ" කියලා තිබුණා. පොතේ නම මතක නෑ

    ReplyDelete
  5. නියම විමසුමක්... කතා නොකලට හැමෝගෙම ඇත්ත තත්ත්වෙ එහෙමයි.

    ඒ වුණාට අපේ රටේ ඉන්නෙ අහසින් වැටුණු මිනිස්සුනෙ බං...

    මේ.... අර ජාතකේටත් ලින්ක් එකක් දාන්ට

    ReplyDelete
  6. අත්න් ගැටීම හෝ මැඩපීම ගැන විනය පිටකයේ චුල්ලවග්ගයේ තිබුනා මතකයි. පිටු අංකය නම් අහන්න එපා. ;-)

    ReplyDelete
  7. ෂිහ් අපි නම් බලයි ඕවා...

    ReplyDelete
  8. Great Job man.I think this is because of there is no proper education about this topic.So it's not a fact to be amazed that youngsters try to find such things and watch them to overcome their curiosity.Once again it's a great job.
    Keep it on.Good luck !

    ReplyDelete
  9. කතා කළ යුතු මාතෘකාවක් , බ්ලොග් පරිසරය තුලදී හරි මේ ගැන නිවැරදි කතාබහක් ඇරඹීමට මුල්වීම පිළිබඳ ස්තුතියි ...

    ReplyDelete
  10. ඔන්න දෙපාරක්ම කියවලයි කමෙන්ට් එක දාන්නෙ....
    කියන්න දෙයක් හිතාගන්න බෑනෙ...
    ඊලඟ එකත් ඉක්මනට දාන්න..!!

    ReplyDelete
  11. මේ ලිපිය ආයෙ ලියවෙන එකක් නෑ...
    සමහර මේකට අදාල සමහර කාරනා මට කැප්චර කරගන්න අමාරුයි...
    අපි ජීවත්වෙන්නෙ ආසියානු රටාවක..ඒ ආසියානු ක්‍රමය මඳක් අනෙක් යුරෝපිය සංස්කෘතියට වඩා වෙනස්....
    මගේ දැනුම ප්‍රමාණවත් නෑ මේ අපි අයිති ආසියානු සමාජිය පසුබිම ගැන....

    අර ලිංකුව ඉල්ලපු කෙනාට ඒක දාල ඇති...

    ReplyDelete