Wednesday, January 11, 2012

ගොඩනැගිලි සේවා වෘත්තිය (Building service Engineering)

මෙය නව සංකල්පයක් අපි දන්නව ගොඩනැගිල්ලක් තැනීම කියන්නෙ සරල දෙයක් නෙමෙ.ඒ වගේම නඩත්තු කිරීමත් ලේසි පහසු දෙයක් නෙමෙයි. .ගොඩනැගිල්ලකට අවැසි සේවා සහ අවැසිතාවයන්ට අනුකූලව තැනුනු ක්ෂේත්‍රයක් තමයි ගොඩනැගිලි සේවා ඉංජිනේරු විද්‍යාව කියන්නෙ. මේ හරහා ගොඩනැගිල්ලක අවකාශය තැනීමට අමතරව පරිපූර්ණ විය යුතු අංග සලකා බලනවා. අපි ඉංජිනේරුමය ක්‍රමවේදයක් භාවිත කරන්නෙ නිසියාකාර සැලසුමක් අනුව, අපිට සරිලන වියදමකින් අවැසි දේවල් නිපදවාගන්න. ඒක ගොඩනැගිල්ලකටත් අදාලයි.
මෙවන් කොටසක් මවන එක ලේසි වැඩක්ද?


අපි හිතමු ගෙයක් කියල ගෙයක් හදල අපි පදිංචියට එකපාර ඩොග් ගාල යන්න බෑනෙ..බොහොම ඉස්සර ගල් ගුහාවල ඉන්න කාලෙනම් කැට ලබ්බයි ගල් ආයුධ කෑලිටිකය් අරන් අපිට ඕනි තැනක ලැගල හිටිය හැකි. නමුත් අද වෙනකොට තත්වය සංකීර්ණයි. ජලය, විදුලිය,දුරකථන, ගෘහභාන්ඩ, හිරුඑළිය, අවකාශය වගේ ගොඩක් දේවල් අපිට හදාගන්න වෙනව. ඒ වගේම ගොඩක් අය ඉන්න ලොකු සයිස් බිල්ඩින් එකක නම් ටොයිලට් පද්ධතිය, ගිනි නිවීමේ පද්ධතිය, වායුසමණ පද්ධතිය, සහ වෙනත් ප්‍රථමාධාර වගේ දේවල් ගැන අපිට සැලකිල්ල යොමු කරන්න වෙනව. උදාහරණ විදියට අපි වැසිකිලි පද්ධතිය සලකමු. නිසියාකාරව තනන ලද තට්ටු ගොඩනැගිල්ලක වැසිකිලි පද්ධතියේ අවහිරතාවයක් ඇතිඋනොත් ඒක හරිම අප්‍රසන්න අත්දැකීමක්..ගොඩනැගිල්ලකට අවැසි සියලු සේවා වන් එකවර සැලසුම් කිරීම නඩත්තු කිරීම සහ පවත්වාගෙන යෑම ආදී කර්තව්‍යයන් සිදුකරන්න මේ වගේ ගොඩැනැගිලි සේවා ඉංජිනේරු විද්‍යාව වැදගත් වෙනව. අපි සරල උදාහරණයක් ගමු..ඔන්න බිල්ඩිමේ එක තට්ටුවක ඒ සී එක වැඩ නෑ විදුලිබල කාන්දුවක් නිසා..ඉතින් අපි ඒකට අවැසි පරිදි සැකසීම් කරනවිට අපිට ගොඩනැගිල්ලේ මූලික දේවල් ගැන අවබෝධයක් නැත්නම් එනම් අනෙක් වතුර බට,වැසිකිලි බට, ආදිය ගැන සැලකිල්ලක් නැත්තනම් බිත්ති කඩල වයර් මාරු කරල අර විදුලි ගැටලුව විසඳනකොට තවත් විශාල ගැටලු ගානක් ඇතිවෙලා තියෙයි. ඒ නිසා මේ ගොඩනැගිලි සේවා සියල්ල එකතු කරපු ඉංජිනේරුමය ක්ෂේත්‍රයකට අපි කියෙනව ගොඩනැගිලි සේවා ඉංජිනේරු විද්‍යාව කියල. ඒකට අයිති දේවල් සලකා බලමු.
  • වාතාශ්‍රය සහ වායුසමන පද්ධති.(Ventilation & Air Conditioning)
  • සෝපාන සහ පිටවීමේ ඇතුල්වීමේ ආකාර..(Escalators)
  • සොබාවික සහ කෘතීම ආලෝකය(Lighting)
  • ගිනි නිවීමේ පද්ධති(Fire Protection)
  • විදුලිබල සැපයුම.(Power Supply)
  • දුරකථන අන්තර්ජාල සහ ජාල පහසුකම්(Network Facilitate)
  • සනීපාරක්ෂක සහ පිරිසිදු කිරිමේ සේවා.
  •  පයිප්ප හා බට එකලස් කිරීම..(Plumbing)


මේ ආකාරයට කොටස් ගානක තියෙන විශය පථයන් රාශියක් ගොඩනැගිලි සේවා ඉංජිනේරු අංශයට ඇතුලත් වෙනවා. මේ යටතේ ඒ ඒ දේවල් සැලසුම් කිරීම ඉදිකිරීම අධීක්ෂය කිරීම ආදිය මේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට පැවරෙන රාජකාරි වෙනවා. අමෙරිකාව කැනඩාව ඔස්ට්‍රෙලියාව එංගලන්තය ආදී රටවල ජනප්‍රිය ඉංජිනේරු ක්ෂේත්‍රයක් තමා මේ ගොඩනැගිලි සේවා ඉංජිනේරු විද්‍යාව කියන්නෙ. මේ හැමදේ ගැනම ඉතා ගැඹුරින් සලකා බැලීමක් නොකලත් ගොඩනැගිල්ලකට සම්බන්ධ වෙන හැම පද්ධතියක් ගැනම මනා අවබෝධයක් ලබාගන්න මේ ඉංජිනේරු විද්‍යාව හදාරන්නන්ට පුලුවන් වනවා. යාන්ත්‍රික, විදුලි, සහ සිවිල් යන ප්‍රධාන ඉංජිනේරු අංශ තුනම මේ ඉංජිනේරු විද්‍යාවට ඇතුලත්. 
 මුලු ලෝකයම දැන් දැන් බලශක්තිය සම්බන්ධ ගැටලුවකට මුහුන දෙමින් ඉන්නවා. ඒ නිසාමේ ගොඩනැගිලි සේවා ඉංජිනේරු විද්‍යාවත් දැන් බලශක්තිය සහ පරිසර හිතකාමී නවීන පන්නයේ නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීමට නැඹුරු වෙමින් පවතිනවා. පද්ධති ගණනාවක් එකවර හැසිරවීම මගින් ඒ ඒ දේවල් වල ඇති සියලු අහිතකර මානයන් සොයාගෙන ඒවා නැතිකරන්න ක්‍රියාකරන්න පුලුවනි. උදාහරණයක් විදියට අපිට වායුසමණ පද්ධතිය සහ ගොඩනැගිල්ලට ආලෝකය සැපයීම යන දෙකම එකම තැනකින් සොයාබැලෙන අවස්ථාවකදි වායු සමණ පද්ධතියට වැයවන විදුලි බලය අඩුවෙන ආකාරයේ නව විසඳුම් හොයාගන්න අවකාශ ලැබෙනවා.


ලංකාවෙත් මේ සම්බන්ධ පාඨමාලා දැන් දැන් ජනප්‍රිය වේගෙන එනවා. ඒ යටතේ උසස් ජාතික ඩිප්ලෝමා(HND), ඩිප්ලෝමා, පශ්චාත් උපාධි(Msc) රජයේ වගේම පුද්ගලික අංශයෙත් දැන් දැන් ජනප්‍රිය වේගෙන එනවා. ඒවාට සම්බන්ධ වෙලා මේ වගේ ක්ෂේත්‍රයක් හැදෑරුවොත් ඕනි කාලෙක රැකියාවක් හොයාගන්න අමාරු වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ..

1 comment:

  1. B.Sc in Facilities Management University of Moratuwa

    ReplyDelete