Friday, January 6, 2012

මුර කපොල්ල (check point)

මහා වීදියේ පසකට වෙලා...කුරුල්ලෙක් වගේ කූඩුවෙ වෙලා....
තුවක්කුවක් එක් අතකින් දරා...රකින්නේ කවුද කියපන් සනා....

ගරා වැටෙන මස තදකර වසා තෙරපලා...

නුරා වැටෙන සේ හැඩකර අඩිය ඔසවලා..
සරාගික ව ඇවිදින සමනලුන් දෙසබලා..
සැනසී...පරාජිතව ඉන්නේ සතුරෙක් ද එනතුරා...

ගෝනි වන් ඇඳුම සිසිලට ඉඩ නොදී ඈතී..

මාන බල බලා ඉන්නට ඇස් දෙකත් මදී..
පේන නෙක දසුන් විඳිනට වරම හිමි නැති ...
නේන හෙට දිනක් ගැන සිහිනයක් දෝ හිමී..

අවි බටේ තනි රකී...එය දිශා පෙන් වතී..

මහ පිළිමයක් වැනී ...තනියට සුලග පමනකී..

1 comment:

  1. චතුරංගට හරිම අපූරු ඇහැක් තියෙන්නෙ...

    ReplyDelete