Friday, November 30, 2012

වාහන සුමටනය (sexy vehicle)


පලමුව බොනට් එක අතගා බලා එය ඉඹගෙන ඉඹගෙන යන්නට විය...ලේලන්ඩ් බසයක හෙඩ් ලයිට්ටු වැනි ලයිට් දෙක දැන් ඔහු මතුපිටින් අල්වා හමාරය.. ඉන් පසු රේඩියේටරය ඇති හරිය තදින් තොල් දමා උරන ලදී.. රේඩියටර මූඩියේ කට බොහෝවෙලා සැරිසරන්නට විය.. පරණ මොඩල් හෙඩ් ලයිට්දෙක දැඩිව හසුවුයේ පසුවය..

හෙඩ් ලයිට් දෙක දැන් අතගායි..තව ස්වල්ප වේලාවකින් ඔහු හෙඩ් ලයිට් එකේ කුඩා බල්බය අල්වා එයද පිරිමදින්නට විය.වාහනය අහ් ගෑවේ නැත්නම් එය අඩුවක් විය හැකි නිසා එය අහ් ගායි. නමුත් එය පලමු දින පිරිමදින විට ඉබේ ගෑවුන අහ් එකෙන් දැන් බොහෝ දුරය. රියදුරා දැන් දැහෙමෙන් සෙමෙන් විනීතව හැසිරුන වෙලාව හමාරය..වීදුරු එකිනෙක විවර කරන්නට වෙයි.. අහෝ වීදුරු විවර කලාට කාර් එකට කිනම් සැපයක්ද..නමුත් එය එසේමැ නැත.. ඔහුගේ හදිස්සියත් හතියත් වාහනයට ගේන්නේ කෝල ගතියකි..

පරණ උනත් වාහනයක් ලැබුනාම මිනිහාට එන සතුට... එම සතුට වාහනයටද සතුටකි.. වීදුරු දොරවල් විවර කරමින් දැන් යන්නේ ඩිකිය දෙසයැ.. මූ ගැරිජ් බාසෙක්ද නැත්තං රහස් තැන් සොයන රහස් පොලිසියේද? පස්න වැඩක් නැත දැන් තින්ත තට්ටු කීපයකින්ද මනා කොට වූ තහඩුයෙන්ද වූ ඩිකිය රිදේදෝ බියෙන් පිරිමදී.. ඩිකියටද එය දැනී වාහනයද දැන් සෙලවෙන්නට පටන් ගනී.. වාහනය පැද්දීම පටන් ගෙන ඇත..දැන් පදම් වී ඇති සෙයකි..

තවද ඒ වාහනයේ වරද සොයාගත නොහැකි වූ කලී ඉදිරිපස බොනට් සියල්ල හැරපියා එන්ජිම වෙත ලගා වන්නට විය.. පිටින් එන ලද ඔයිල් තට්ටු කීපයකින් එන්ජින් පිස්ටන් වැසී ගොසිනි...සීරුවෙන් ඒ අසල ඇති ඇණ කරකවන්ට විය..කුඩා මෑ මල් හැඩැති පින් එක මඳක් සොලවන්ට පටන් ගත් වනම වාහනය බීගත් ලෙස වෙවුලන්ට වූයෙන් එතැනම දෝසයැ විය හැකියැයි බාස් තුමූ සිතට ගත්තේයැ..

අහෝ දෝසයක මහත මෑ මල් හැඩැති පින් එක තෙරපන්ට තෙරපන්ට ස්නේහක ලිහිසි කාරක වෑහෙයි.. දැන් ලයිට් වල දෝස බැලීමත් රේඩියටර මූඩිය සෙවීමත් හමාරය.. දැන් වරද ඇති තැන ප්‍රත්‍යක්ෂයෙන්ම බාස් තුමා දනී..

බාස් තුමා වරද ඇති තැන දනිතත් අනික් තැන්ද සනසනු වස් සයිලන්සර වෑල් එකේද ඇඟිලි රුවන්නට ගියේය.. පරණ වුව්ත් ආසියාතික මොඩලයක් වූ හෙයින් සයිලන්සර පෙදෙසට ඇගිලි යොමන විට වචන කිහිපයක් වැනි ශබ්ධයෙන් වාහනය අකමැත්තක් පෙන්වූයේයැ..
පිස්ටන් දැන් පදම් වී හමාරය...අඩුව එය රුවා දැන් චෙක් කිරිල්ල පටන් ගෙන ඇත... දැන් පැද්දෙයි...ආහ් හාහ් ඌහ් නදින් වාහනය පැද්දෙයි..
හෝ ඕන්න පිස්ටනයට නුපුරුදු වෙනත් ලිහිසි කාරකයක්ද ආවේයැ.. එව්ට වාහනය බුග් ගා නැවතුනි...නැත සොරි සොරි..වාහනය නොව බාස් තුමා නැවතුනි..වාහන එන්ජිම නිවැරදිව ටියුන් වන්නට තව වේලා ඇතිමුත් වාහනයද ටියුන් වූ සෙයක් පෙන්වා ආහ් ගා නැවතිනි..

මහා වික්‍රමයක් කරන ලද බාස් කෙනෙකු මෙන් දැන් බාස් තුමා..වාහනයෙන් රිදුනද ගොඩක් කියා අසයි.. වාහනය කිනම් කතාවක්ද..රිදුන සෙයක් පේනවාම සිටියේ තවත් අත පත ගා දොදොල් කරගන්නට අවැසි නැතියැයි වාහනයට සිතෙන්නට ඇති..

බාස්ලා එක්කෙනක් සිටීම සාමාන්‍ය ක්‍රමය වුවත් බොහෝ වාහන බාස්ලා දෙතුන් දෙනෙක් එලවනවාය.. බාස්ලා අතර වාහන වලට වලිද යනවාය.. වාහන මුදල් දී අතපත ගාන බාස්ලාට පිස්ටන් ටියුන් කර හමා ර වූ පසු අහෝ මුදල් කියාද සිතනවාය..

සමහර වාහන ගනන්ය..වාහන පිටුවක් දෙකක් පත්තර වලද ඇත..ගොවිගම රජයේ රැකියාවැති 43ශ්‍රී නමුත් 23 පෙනුමැති වාහනයට ඉංජිනේරු වෛද්‍ය හෝ රජයේ රැකියා ඇති හැදියාව ඇති බාස් පුතෙකු දෙමව්පියන් සොයයි.. දායාද සහිතයි...ඒ වාහන දැන්වීමකි..හැදියාව ඇති පුතෙක් වැරදිලා හරි අයියෝ මට බැහැ මේ ජරාව අතගාන්න යැයි කීවොත් නම් හමාරය.. එවිට හැදියාව දෙපිටින් යයි...

වාහන ටික ටික පරණ වන්නට වන්නට වාහන සමග දෙන කුට්ටියද ලොකුවෙයි...23 ශ්‍රී වාහනයට අක්කර තුන නම් එය 43 වනවිට අක්කර තුනයි කාර් එකයි ගෙදරයි රත්තරං බඩුයි ආදි ලෙස තවත් දේවල් ලැබේ...

එවන් වාහන පලමු දින පාවිච්චි කරන්නට පෙර දුම් අල්ලනවා යැයි මා අසා තිබේ..පැණි හද බලන්නට ගොස්..අතින් ලක්ෂ පහයි...ලක්ෂ හතලිහක් වටින වාහනෙයි...ලක්ෂ පනහක් වටින ගේයි ඉඩමයි...රත්තරං බඩු තව ලක්ෂ හය හතක..හප්පේ මේ කෝටියක් වටින පිස්ටන් එකක් නොවැ.. එවන් විටක භාවිතයට පෙර පිස්ටන් පිසදා දුම්මල අල්ලා ගැනීම යුතුවෙයි...

කුඩා කොල්ලන්ට වාහන එලවන්ට ලැබෙන්නේ අඩුවෙනි..ඔවුන් අනුන් වාහන එලවන සැටි බලා සැනසී අතින් පිස්ටන් කරකවා ගනිති....අහෝ මුදල්...
බොහෝ වාහනවල පිස්ටන් අල්ලන්නට පෙර සලු විය යුතුයැ...සලු වීම නම් අපි ඒක කොරන්න ඉස්සල්ලා මොකක් හෝ ඇපයක් තියනවා වගේ දෙයකි...එවන් වාහන වල හෙඩ් ලයිට් ඩිකි වසර ගනන් අතපත ගාමින් එන්ජිමට කෙමෙන් කෙමෙන් කිස්ටු කිරීමට තරුණ බාස්වරුන්ට සිදුවෙයි..

සමහරු අනේ සයිලන්සරේ හරි ටියුන් කරමු කියලා සයිලන්සර ටියුන ්කරති...
සෑම පිරිමයෙක්ම කොල්ලා කාලේ වාහන එලවන්නට ආසාය..නමුත් වාහන නම් අනේ මට බැහැ ..එලවෙන්න...මං හරි ලාමකයි වගේ ඇඩ් දෙති..නමුත් නිවැරදිව සුමටනය කරගත් වාහනයක්...සද්ද දමන අපූරුව නරක අමරිකා වැනි අඩවි වල අපූරුවට ඇත.

15 comments:

  1. ලම්බෝගිනියක් සුමටනය කර බැලීමේ අදහසක් පවතින මුත් පර්ස් එක දිහා බලෙන විට දෙතුන් පාරක් හැප්පිච්ච චෙරි කිව් එකක හෝන් සද්දයක් පමණක් ඇහෙන්නට විය.

    ReplyDelete
  2. නියමයිනේ අදම යනවා වාහනයක් ටියුන් කරන්න.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  3. සමහර බාස්ලා පිස්ටන් එක ඇන්ජිම තුළට රුවන්නට පෙර ග්‍රීස් වැනි ආලේප බාවිතා කරන බැව් අසා තිබේ .

    ReplyDelete
  4. එතකොට ගරාජ් බාස්ලට විතරයි ... හෑ

    ReplyDelete
  5. අපිට ඉතිං ඔය ඉන්දියන් සයිකලයක් සුමටකරගත්තොත් තමා

    ReplyDelete
  6. ලංකාවේ වාහන හරිම ගණන්. උන් හිතන් ඉන්නේ සයිලන්සරේ රත්තරං එන්ජිම ප්ලැටිනම් කියල. මාස හයක් විතර යනකොට තමයි තේරෙන්නේ දෙකම කුණුගොඩවල් කියල.

    ReplyDelete
  7. මල්ලි, පරණ ලේලන්ඩ් ලොරියක් සුමට කරන්නෙ කොහොමද ?

    ReplyDelete
  8. මේ ලිපියට අදාලව කතා කරනවානම්, අද කාලේ ගොඩක්ම ඇත්තේ රීකන්ඩිෂන් ගෙන ඔරිජිනල් වැනි බොඩි කිට පංචිකාවත්තෙන් ගැසූ වාහනය. බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්නවානම් මරුටි වැනි පොඩි (අඩු වයස්) වාහනම වන්නේයැ. 1300සී සී වලට උඩින් කාර් රථයක් බ්‍රෑන්ඩ් නිව් ගන්නට හැකි එකා එක්කෝ පට්ටම සල්ලි කාරයෙක් විය යුතුයැ එසේත් නැත්තං වාහන කොම්පැණි කාරයෙක්ම විය යුතුය. අද කාලේ ගොඩක්ම බ්‍රෑන්ඩ් නිව් වාහන ගෙන දෙවරක් තුන් වරක් පැද නැවත විකිණිම තරුණ පරපුර අතර ජනප්‍රිය වෙමින් පවතී. සමහර හණමිටි අයියලා තවමත් බ්‍රෑන්ඩ් නිව් නැත්තම් වාහනයක් ගන්නේ නැතැයි මතයක සිටිමින් බ්‍රෑන්ඩ් නිව් වාහනම සොයත්.

    ලොරි රථ වැනි විශාල වාහනනම් තවමත් බ්‍රෑන්ඩ් නිව් තත්වයේම ගන්නට හැකියාවක් පවතින්නේ ලොරි රථ වලට සාමාන්‍ය කාර් රථ වලට තරම් ඉල්ලුමක් නැති නිසාය. පදින කාර් රථය දී ලොකු ගානකුත් අතට සමග ලොරි රථයක් ගැනීම සාක්කුවට වාසිදායක වුවත් එය පැදීමෙන් ලැබෙන තෘප්තිය කාර් රථයක් පැදීමෙන් ලැබෙන තෘප්තියට කිසිදා සම කළ නොහැක.

    නමුත් භක්තිමත් රියදුරන්ද තවමත් සිටිත්. ඔවුන් පදින්නේ ලොරි රථයක්ද කාර් රථයක්ද යන්න ගැටළුවක් කර නොගෙන එළවීමෙන් ලබාගන්නා තෘප්තිය පමණක් කෙරෙහිම සිත යොමු කරත්.

    මගේ පුද්ගලික මතයනම් තමුන්ගේ වාහනය පදින අතර තෙල් වතුර බැලීමට සහ කුඩා කාර්මික දැනුම ඇත්නම් වාහන්යෙන් උපරිම තෘප්තියක් ලබ ගත හැකි බවයි. දිනපතා පැදීමෙන් පසු තෙල් වතුර ටික පරික්ෂා කර බලන රියදුරෙකු ලඟ වාහනය සැමදා රැඳෙයි. තෙල් වතුර සතියට දින තුනක් බැළුවත් ගැටළුවක් නැත. තෙල් වතුර හොඳින් නොබලන රියදුරෙකුගේ වාහනය බාස් වරු ලඟට ගෙනයාමේ සම්භාවිතාවය තෙල් වතුර හොඉන් බලන වාහනයකට සාපේක්ෂව වැඩිය. ඒ කෙසේ වතුදු වාහන නම් වාහනම වන්නේයැ රියදුරන් නම් රියදුරන්ම වන්නේයැ. මොන රියදුරා නැංගත් වාහනය යයි. මොන වාහනය ලැබුණත් රියැදුරන් එළවති. එයයි ලෝක ධර්මය. :)

    ReplyDelete
    Replies
    1. //මගේ පුද්ගලික මතයනම් තමුන්ගේ වාහනය පදින අතර තෙල් වතුර බැලීමට සහ කුඩා කාර්මික දැනුම ඇත්නම් වාහන්යෙන් උපරිම තෘප්තියක් ලබ ගත හැකි බවයි//

      එලම තමයි...

      Delete
    2. //ඒ කෙසේ වතුදු වාහන නම් වාහනම වන්නේයැ රියදුරන් නම් රියදුරන්ම වන්නේයැ. මොන රියදුරා නැංගත් වාහනය යයි. මොන වාහනය ලැබුණත් රියැදුරන් එළවති. එයයි ලෝක ධර්මය.//

      යකෝ මූ දන්න දේවල්....

      Delete
  9. පට්ට පට පටය.. ටියුන් කිරීම මාර ආතල් වැඩකි..

    ReplyDelete
  10. රස්සාවත් ගහලා යනව මේ වගේ පෝස්ට් වලින්.... ලොරි, කාර්, බස් කෝක ගත්තත්, ඇංජිමේ මූලික කොටස් ටික එකම තමයි. අලුත් එකා කියන පරිදි හොඳින් නඩත්තුවක් දැමීමෙන් සහ කාර්මික දැනුම ලබා ගැනීමෙන්, ඩ්‍රයිවිං මාර ආතල් කරගත හැකිය.

    ReplyDelete