Tuesday, February 5, 2013

අන්දරේ කතාවක්.(a story of andare)


ඉතිං යාලුවනේ අපි අද අන්දරේගේ කතාවක් අහමු.. අන්දරේ කියන්නෙ රජවාසලේ හිටපු රජතුමාගේ ජේෂ්ඨ උපදේශකයෙක්..රජතුමා ඉස්සරහ වුනත් ඕනවට වඩා නැමීගෙන හිටපු, කියන හැම එකටම හුම් කියපු එහෙයියෙක් නෙමෙයි අන්දරේ කියන්නෙ..අන්දරේ කියන්නෙ ඉතාලි භාෂාවෙන් යනවා කියන එකලු. අන්දරේ ඉපදිලා තියෙන්නෙ දකුනු පලාතේ මාතර පැත්තෙ දික්වැල්ල බෙලිඅත්ත පැත්තෙ. ඒත් පසු කාලීනව අන්දරේ මහනුවර මහ වාසල දක්වා ගිහින් තියෙනවා. අන්දරේ මහ ාෙලාකු පොත්පත් උගතකු නෙමෙයි. ඉගනගන්න එහෙමට උනන්දුවක් දක්වලත් නැහැ. නමුත් ශූර බුද්ධියක් තිබුන තැනැත්තෙක් කියාල ජනප්‍රවාද වල සඳහන් වෙනවා..

අවාසනාවට අන්දරේ කවටයා වෙලා හැමෝම අන්දරේ දැක්කම හිනාව ලෝඩ් කරගන්නවා. නමුත්ඒ විහිලු ටික විතරක් මිනිස්සුන්ට මතක තියලා අනික් ටික අමතක වෙලා ඇති කියලා මට හිතෙනවා. හම්බන්තොට පැත්තෙ තිස්ස පාරෙ තියෙනවා උඩමලල කියලා ගමක් ආන්න ඒ හරියෙ තියෙනවා අන්දරේ ගෙ පිළිමයක්. ඒ හරියෙදි අන්දරේ මියගියා කියලා තමයි මිනිස්සු විශ්වාස කරන්නෙ.

අන්දරේ රජවාසලේ ඉන්න කාලෙ රජතුමයි මහ ඇමතිවරු කන්ඩායමයි සංචාරයක් දාන්න සූජානම් වුනාලු. අද වගේම තමයි කස්ටිය කඳු කර පලාතට ආසයි. ඉතිං ඒ පැත්තෙ කඳු පලාත බලාන්ට රජතුමා ඇතුලු රාජසභාවෙ අධිකාරම් වරු සංචාරය කරන අතර එක් කඳු පෙලක් පේන තැනක රජතුමා නැවතුනා.
ඔය අතර එක අධිකාරම් තුමෙක් අන්න අර කන්ද හෙලවෙනවා වගේ නොවද? කියලා ඈත පේන කන්දක් පෙන්නලා ඇහුවා..

ඒ අතර එ් පැත්ත බලපු අනෙක් අදිකාරම් වරු..හ්ම් හ්ම්...අපේ මහරජතුමාට නමස්කාර කරන්නා වාගේ ඒ කන්ද මඳක් සෙලවනවා වගේ පේනවා තමා.. කියලා කිව්වා.
ඒ අතර අන්දරේ කිසිම හැලහොල්මනක් නැතුව ඉන්නවා පේනවා. ඉතිං එක අධිකාරම් තුමෙක් අන්දරේගෙනුත් ඇහුවා අන්දරේ මොකද අයිනක් ගහලා. ඔබටත් පේනවා නේද අර කන්ද අේප මහ රජතුමාට නමස්කාර කරන්නා වගේ සෙලවෙන ආකාරය?
අන්දරේ ටිකක් කල්පනා කරන්න පටන් ගත්තා. දැන් මහරජතුමාත් බලාගෙන ඉන්නවා අන්දරේගෙන් උත්තරේ එනකල්..
මටනං කන්ද නිෙසාල්මනේ කල්පනා කරනවා වගේ තමයි පේන්නෙ කියලා..අන්දරේ කිව්වා..

හැබෑට අන්දරේ මොනවාද කන්ද කල්පනා කරනවා ඇත්ෙත ? “ මහරජතුමා අන්දරේ අපහසුතාවයට පත්කරන්න හිතාගෙන එහෙම ඇහුවා..

වැඩිමනක් දෙයක් හිතන්නෙ නැහැ දේවයන් වහන්ස..මේ තරම් ලස්සනට පේන කන්දෙ හෙල්ලෙනවා කියලා වටේ ඉදන් ඔබ වහන්සේව අන්දන්න හදන අධිකාරම් වරු ගැන කන්ද කල්පනා කරනවා ඇති දේවයන් වහන්ස කියලා අන්දරේ උත්තර දුන්නාලු..

            හරකුන්ට කන්න ඉස්සර තණකොළ වගා කලාලු..ඉතිං නිකම්ම වාසලට වෙලා කකා බිබී ඉන්න අන්දරේව වරක් තණ මැනගෙන එන්න කියලා රජතුමා විසින් පිටත් කරලා තිබෙනවා.. තණ මනින්න කියලා වාසලෙන් කික්මච්චි අන්දරේ ගෑනු අය ගාවට ගිහින් කියලා තියෙන්නෙ අන්න මහරජතුමාට බොලාගේ සයිස් බලන්න ඕනි වෙලා...දැන් ඔක්කොම මට මැනලා දිපල්ල තණ වල සැයිස් එක.. තරුණ ගැටිස්සියන්ට ඕක බලාගන්ට අමාරුනං උංව මෙහට එක්ක වරෙල්ල මංවත් බලල දෙන්න.. ඉතිං කතාවෙ විදියට ඉරටු කෑලිවලිං හෙම තන්වල විශ්කම්භය බලලා දුන්නා කියලයි තියෙන්නෙ.. මේ යට පිංතූරෙන් දැක්වෙන්නෙ ඒ විදියට තණ මැනගන්න උත්සාහ කරන ගෑනු කෙනෙක්...පවු නේද? අන්දරෙත් කොරන වැඩ...
අන්දරේගේ නියමයෙන් තණ මනිනන්ට සදන කාන්තාවක්.. 
ඉතිං අපි තවත් කතාවක් බලමුමේ සිද්දිය වුනේ අන්දරේ මහවාසලේ සේවයට ගිය කාලෙදිමයි.  ඔන්න එකමත් එක අන්දරේ දන්න කියන ගමක පවුලක් බොහොම සාමයෙන් හිටියානමුත් ඒ ගෙදර පියානෝ හිටිවනම අසනීප වුනාගෙදර හිටපු පුතා බොහොම මහන්සියක් ගත්තා පියාව ගොඩදාගන්නඉතිං එක අවස්ථාවක මොකුත්ම කන්න බොන්න බැරිව බොහොම අසරන විලාසෙන් හිටපු තාත්තගෙන් අර ආදරබර පුතා තාත්තා ළඟට ගිහින්..

තාත්තෙ ඔබට කන්ට පිලිවන් එකම කෑමවක්වත් අපිට කියන්න තාත්තෙ?”
මෙහෙම අහපු පුතාට තාත්තා කිව්වා කැවුමක් දෙකක් නං කන්න ආසාවක් තියෙනවා කියලා.
මේක අහපු පුතා ඉක්මන්ට පුතාගෙ ගෙදර ගියා. ගිහින් ඇඹේනියට මේ වගක් කියලා හදිස්සියේම කැවුම් උයන්නය කියලා කිව්වා.. ක්ෂණික නූඩ්ල්ස් හදනවා වගේ විනාඩි දෙකෙන් හදන්න පුලුවන් කෑමක්යැ කැවුම් කියන්නෙ? ඉතිං බොහොම වෙලාවක් යනවා නෙව කැවුමක් හදාගන්න. ඒ විදියට පැයක් දෙකක් ගිහින් අර ඇඹේනිය බොහොම මහන්සියෙන් හදාපු කැවුම් මල්ලත් අරගෙන පුතා යනවා පියා බැහැදකින්න.
අයියෝ ! ! !
පුතාගෙ අවාසනාවක මහත. ඒ පියා මියපරලොව ගිහිල්ලා තිබුනා පුතා කැවුම් අරං යනකොට. එතකොට පුතා හිතුවා අනේ මේ අපේ තාත්තා කැවුම් කන්න අාසාවෙන් මිය පරලොව ගියා නොවෙද කියලා..

මේ සෝක බර අවස්ථාව ගමේ පංසලේ හාමුදුරුවන්ට කියන්න පුතා අමතක කලේ නැහැ. ඒවගේම තාත්තා මියගියේ කැවුම් ගැන ආසාවෙන් වෙන්න ඇතිය කියලාත් පුතා හාමුදුරුවන්ට කිව්වා. මේක අහගෙන හිටපු පංසලේ හාමුදුරුවො ආ එහෙනම් පිංවත් පුරුෂය.. රත්‍රන් වලින් කැවුම් කිහිපයක් තනවා විහාරයට පූජා කරන්න.. එවිට පියාට ඒ මහාත්ඵල මහානිසංස පින හේතුවාසනා වෙලා සිටිනා නරක තැනක් වෙයි නම් තිබුනා වූ ආසාවක් වෙයි නම් ඒසියල්ල නැතිවෙලා සෝබමාන එලොව දිවියක් පියාට ලැබේවි කියලා ස්වාමින් වහන්සේ දේශනා කලා.. ඉතිං අර පුතා රත්තරනින් කැවුම් තනවාලා බොහෝ මිල මුදල් වියදම් වුවත් ඒ සිය පියාටම නොවෙද? යන උදාර චේතනාවෙන් විහාරයට රන් කැවුම් පූජා කලා..

මේ ගැන අන්දරේගේ අදහස නම් වුනේ මේ සංඝයා වහන්සේ විසින් වස්තු තන්හාවෙන් රන් වලට ඇති ආසාවෙන් කරගන්නා ලද පිංකමක් කියලා තමයි. ඉතිං අන්දරේත් ලේසි පාසු මනුස්සයා නෙමෙයි..කවටයා වුනාට නිකං කෙසෙල් ලෙල්ලලට කකුල ලෙස්සල පුක බිම ඇනගෙන පුක අතගගා දුවලා අනික් වුන්ට හිනාවෙන්න කියන ජාතියෙ පීචං ඩයල් එකක් නෙමෙයි අන්ද්රේ කියන්නෙ. ඉතිං අන්දරේටත් දැන් ශ්‍රද්ධාව බොහොම දැඩි වුනා. අර රන් කැවුම් වලින් දානය පිලිගන්වා ගතපු උන්නාන්සෙලාටම දානයක් දෙන්න අපේ අන්දරේටත් උවමනා වුනා.. අන්දරේගෙත් පියානන් වහන්සේ මියපරලොව ගිහින් ඒ වෙනුවෙන් තිබෙන පිංකමට අන්දරේ අර රන් කැවුම් සම්බන්ධ ස්වාමින් වහන්සේට ආරාධනා කලා..
නිවැරදි දවස වෙලා නියම වූ පරිද්දෙන්ම උදා වුනා. දැන් ස්වාමින් වහන්සේලා දනට වඩිනවා. වැඩලා බොහොම සංසුන්ව අසුන්ගත වුනා. ඔය අතර දානයක කිසිම සෛය්‍යාවක් වත් පෙනෙන්න නැහැ. සංඝයා වහන්සේලාට එන්න කිව්වාට මොකද කුස්සිය පැත්තෙ මහ ලොකු ගිනිගොඩක සද්දය සහ දුමාරය ඇරුනාම වෙන මොකවත්ම ලෑස්ති නැහැ වගේ.. දානෙ ගෙවල්වල කවුදැ ගිනිගොඩවල් ගහන්නෙ..අන්දරේට වැරදිලාවත්ද කියලා ස්වාමින් වහන්සේ නමක් අන්දරේට කතා කරලා..

මොකද අන්දරේ අද දන අමතක වුනාවත්ද? කියල ඇහුවා..
ඒකට පිලිතුරු දෙන අන්දරේ...
තව ටිකක් රත්වුනොත් හොඳයි ස්වාමිනි..කියලා කිව්වා..

හෑ මොකද්ද අන්දරේ රත්වෙන්න තියෙන්නෙ...?හාමුදුරුවො ඇහුවා.

අපේ තාත්ත මියයන්ට පෙරාතුව මට කිව්වා රක්ත වර්ණ වෙනකල්ම රත්වෙච්චි යකඩ කූරුවලින් පිට පුලුස්සාගන්න තියෙනවානම් ංෙහාඳයි කියලා.. අනේ මට ඒ වැඩේ කරගන්න උනේ නැහැ..අපේ පියානෝ හදිස්සියෙම මියපරලොව ගියා නොවැ.. ඒ නිසා මං ඒ පියානන්ට සලකන්ට බැරිවුන සැලකීම අපේ උන්නාන්සෙලාට සලකලා පිං පමුනුවන්න කියලයි හැදුවෙ..දැන් නම් රත් වෙලා ඇතුව ඇති ගානට..මං අරං එනන්ම්ෙකා් යකඩ කූරු ටික කියලා අන්දරේ කුස්සියෙ ගිනිගොඩ පැත්තට බඩගෑවා...

මේ අවසරයෙන් කලබල වෙච්චි දනට වැඩපු සංඝයා වහන්සේලා ටික වහ වහාම අන්දරේ ගේ නිවසින් නික්මිලා ගියා. ගිහින් කෙලින්ම මහ රජතුමාව හමුවෙලා අන්දරේ සංඝයා වහන්සේට කරන්නට ගිය අකටයුුතු කම ගැන දැන්නුවා..රජතුමාත් සංඝයා වහන්සේට මෙතරම් නොමනා ක්‍රියාවක් කරන්නට හැදූ අන්දරේව වහා කැඳෙව්වා..

එතනට ආපු අන්දරේ තමුංගේ පියාගේ දොලදුක අනුව දානය ලබාදෙන්ට කටයුුත කල බව පැවසුවා. ඉන් පසු වැඩිදුර කතාවෙදි අර රන් කැවුම් කතාවත් රජතුමාට සැල කලා.. එතනදි මඳ සිනා පහල කල රජතුමා සංඝයා විසින් පිළිගත් රන් කැවුම් යලිත් අර පෙර පුරුෂයාටම ලබා දෙන ලෙසත්..මින් මනතට සංඝයා විසින් මිනිසුන්ගෙන් එවැනි විශේෂ දාන මාන ඉල්ලීම වැරදි බවටත් සිය තීන්දුව නිකුත් කලා..

ඉතිං අන්ධ භක්තියෙන් සිය සේසත වියදම් කරලා පුද්ගලික දානයක් වශයෙන් දුන්නු රන් කැවුම් අන්දරේගේ විචක්ෂණ නුවන නිසා ආයිත් ඒ පුද්ගලයාටම ලැබුනා..

අන්දරේ ගැන කතාන්දර ගොඩායි...එක එක පොත්වල එක එක කතාන්දර..ඒ වගේම අන්දරේ සම්බන්ධ නරක කුනුහරු කතාන්දරත් තියෙනවා. අන්දරේ මොනවා වුනත් දක්ෂ කවියෙක්..සාහිත්‍යකාරයෙක්.. මිනිස්සුන්ට තේරෙන බාසාවෙන් කවි කියපු කෙනෙක්. සමහර විට ඒ කාලෙ ප්‍රබුද්ධ කවියො අන්දරේගේ කවි සික් මේ රජවාසලට වෙලා නිකං කකා බිබී මනුස්සයො හිනස්සවන අන්දරයාගේ තුට්ටු දෙකේ කවි කවුද ගනන් ගන්නේ කියලා පිලිකුල් කරන්නත් ඇති..

8 comments:

  1. ඉස්සෙල්ලා පෝස්ට් එකෙන් මාරයව කැපුවා. මේකෙනුත් කාව හරි කපලා තියෙන බව පේනවා...

    ReplyDelete
    Replies
    1. රන්ජන් රාමනායක අන්දරේගේ පරපුරේ කෙනෙක් වෙන්න ඕන දෙන්නටම තියෙන්නේ එකම වාසගම.

      Delete
  2. අන්දරේ දැන් ඉන්න ගොන් ජෝකර්ලට වැඩිය ලොකු තැනක හිටියා......

    ReplyDelete
  3. අන්දරේ මොලකාරයා...
    මිනිස්සු විසින් බාල්දු කරාට..

    ReplyDelete
  4. අන්දරේ චිත්‍රපටයත් ලස්සනයි. ඒකෙත් කතා ගොඩයි.

    ReplyDelete
  5. කන්ද සෙලවෙන එක මම අහලා තියෙනවා උරුලාවෙක් ගේ සිද්දියකට.

    අමතක වෙලා තිබුන කතා යලිත් මතක් වුනා.

    ReplyDelete
  6. අන්දරෙත් මැරුනාලු

    ReplyDelete