Wednesday, March 6, 2013

බත්කූරා


බත්කූරා කියන්නෙ නිකංම කූරාටම තමයි..ඌ එච්චර ගති සතෙක් නෙමෙයි..ඒත් දියවන්නා උයනෙ බත්කූරො ගොඩයි..උන් මල්වල මල්කොලවල වහලා ඉන්නවා..
මේ ඉන්නෙ බත්කූරාගෙ යාලුවෙක්..මුගේ නම සමනලයා..වගුරෙ තියෙන කඩොල් පඳුරක මල් වලට වහලා හිටියෙ.. මූ ලස්සන එකෙක් නෙමෙයි..ලස්සන සමනල්ලු අල්ලන්න අමාරුයි ඉක්මන්ට පියාඹනවා..
මේ ඕලු පොට්ටුවක්..ඕලු පොට්ටුව උඩ තමයි බත්කූරා ඉන්නෙ..ඕලු මල් එක්ක තියෙන ගනුදෙනුව මොකද්ද දන්නෙ නැහැ..නමුත් බත්කූරා පස්ට ලයික් ඕලු මල් වලට..
මේ පිපුන ඕලු මලක්..මේ සුදු ඕලු..තව ජාතියක් මම දැකලා තියෙනවා රතු ඕලු කියලා..රතු ඕලු මල් මීට වඩා සයිස් එකෙන් ලොකුයි..
තණ අග තියෙන්නෙ පිනිබිදු..පිනිබිදු මොනරසද කියලා බලාන්ට වගේ තමයි මේ බත්කූරා උත්සාහ ගන්නෙ..මේ පොටෝ ගොඩකම ඉන්න බත්කූරො තැඹිලි පාටයි.. මං හිතන්නෙ තැඹිලිපාට උන් සුලබ ඇති.. මේ හරියෙ..
රතුපාට ඕලු මලක් උඩ වහපු කූරෙක්..මේ ඔලු මල් නම් සුදු ඕලු වගේම තමයි..ඒත් පිපුනාම අමුතු ලක්ෂනක් තියෙනවා..
දියවන්නාව අලුතින් හදලා හරි ලක්ෂණයි..නමුත් මේ වගේ වතුරෙ තෙල් පැල්ලම් තියෙන එකනම් සත්තුන්ට එච්චරම හිතකර වෙන්නෙ නැහැ..මොන හේතුවක් පිට මේ තෙල් පැල්ලම වතුරට එකතු වුනාද දන්නෙ නැහැ..ඒත් මෙහෙම වතුර මත තෙල් ස්ථර රැඳෙන එක පරිසරයට එච්චර හොඳ නැහැ කියලයි මට හිතෙන්නෙ.. රුවල් බෝට්ටු හබල් බෝට්ටු වලට අමතරව මෝටර බෝට්ටු මේ වාගේ පරිසර පද්ධති වලට එකතු කලාම මේ වගේ සුලු සුලු වැරදි වෙන්න පුලුවන්..නමුත් මේ වගේ සුලු වැරදි ගොඩක් වුනාට පස්සෙ ඒක ලොකු වැරැද්දක් වෙනවා..

6 comments:

  1. බත් කූරා හා පරිසරය සැසදීම කදිමයි..

    ReplyDelete
  2. බත්කූරාට නූල ගැට ගසා පියාඹන් ඉඩ හැර තිබේද ?

    :)

    ReplyDelete
    Replies
    1. SAm 😊ඔව් ,ඒත් පොඩි කාලේ ඒක හරි පවු වැඩක්, මගේ කාමරේට බත් කූරෙක් අවිත් ❤️ කූරෙකුගෙ විස්තර සොයන්න අව මම

      Delete
  3. නියමයි අමිල අයියා

    ReplyDelete
  4. ලයික් ඈ! දියවන්නාවෙ බත්කූරො ගොඩ්ඩා........යි. එක එක පාටින්.....

    ReplyDelete

  5. බත් කූරා , සමනලයා , මල සහ දියවන්නාව හා
    තෙල් පැල්ලම සමග බෝට්ටුව ..

    පුංචි පුංචි කතා ගොඩක්..ලස්සනයි ..:D

    ReplyDelete