Saturday, March 9, 2013

අන්තර්ජාලයෙන් ඉගනගන්න

අන්තර්ජාලය ගැන ලංක‍ාවෙ බොහොම දෙනාගෙ හිතේ  තියෙන්නෙ ඒ තරම් හොද දෙයක් නෙමෙයි.. මම නම් අන්තර්ජාලය දකින්නෙ ගමක තිබුන පාලු ඉඩමක් වගේ..සමහර වෙලාවට කොල්ලො කෙල්ලො ඕකට ගිහින් පෙම් කරනවා..සමහරු නිකං ‍ඉන්න වෙලාවට සෙල්ලම් කරනවා..තව නරක කොල්ලො ගිහින් ඕකෙ පඳුරු වලට මුවා වෙලා ගංජා ගහනවා..තව ඉතිං අටෝරාසියක් නරක වැඩ ඕකෙ වෙනවා..හැබැයි ඉදලා හිටලා පිරිතක් කියන්න ලොුක දානයක් දෙන්න..ජනප්‍රිය හාමුදුරු වහන්සෙ කෙනෙක් වඩම්මල බණක් කාරිය කියන්නත් මේ පාලු ඉඩම ගන්නවා..නමුත් හැමෝටම මතක හිටින්නෙ පාලු ඉඩම සම්බන්ධ නරක දේවල්ම විතරයි.. 

ඉතිං පාලු ඉඩම නැතිකරන්න ඕනි ඒක සීමා කරන්න ඕනි කියලා වැඩිහිටියො නිතර කෑ ගහනවා..ඒත් හතර අතින් වැටවල් ගහල තිබුනත් ඕනි අය ඕනි විදියට පාලු ඉඩම පාවිච්චි කරනවා.. අනික පාලු ඉඩම තිබුන නිසා නරක් වෙච්චි ළමයි ඉන්න පුලුවන් වගේම පාලු ඉඩමක් නැතත් උගේ කරුමෙට නරක්‍ෙවලා රට නරක් කරන වහන්සෙලා ඕනි තරම්.. ඔය පාලු ඉඩම නැත්තං ඕකුං මහ පාරෙ හරි පඳුරක් අස්සට වෙලා අර දහජරා වැඩ ජාති කොරාවි..ඉතිං ඔබට තේරනවා ඇති නෙවද පාලු ඉඩම නැතිකිරීම නෙමෙයි වැඩිවෙන්න ඕනි පාලු ඉඩමෙ යන වැඩසටහන් ගානට තමුංගෙ ජීවිතයට එකතු කරගන්න එක. පාලුඉඩමෙ එහෙම දේවල් වෙන්නෙ නැත්තං වැඩක් නැතිවෙලාවට ඕකට වෙලා බෝල ගහන සෙට් එක වෙන වැදගත් ‍දේවල් වලට යොමුකරන එක සමාජයේ පාලකයන්ගේ වැඩිහටියන්ගේ නිලධාරින්ගේ වගකීමක්..එහෙම නැතුව මුංට මේක වැඩක් නැහැ කියාල නැතිබංගස්ථාන කොරලා හරියන්නෙ නැහැ..
 
කෝසෙරා ඩොට් ඕර්ග්..(Coursera.org)


කෝසෙරා ඩොට් ඕ ආර් ජී කියන වෙබ් අඩවිය මට හමු‍වුනේ ලංකාවෙ අමරිකානු මධ්‍යස්ථානයෙන් ආපු විද්‍යුත් තැපෑලක තිබිලා.. කෝසෙරා කියන්නෙ අමරිකාවෙ විශ්ව විද්‍යාල පාඨමාලා අන්තර්ජාලය හරහා නොමිලේ බෙදාහරින වැඩසටහනක්..තෝරාගත් පාඨමාලා ගනනක් මේ හරහා පැවැත්වෙනවා..ලෝකයේ ඔනෑම කොණක ජාලගත වෙලා ඉන්න කෙනෙකුට මේ පාඨමාලා වලට සම්බන්ධ වෙලා ඒවා කරගෙන යන්න පුලුවනි..සරල ඉංගිරිසි බසින් තමයි මේ පාඨමාලා පැවැත්වෙන්නෙ.


.ඉංජිනේරු විද්‍යාවතාක්ෂණයආර්ථික විද්‍යාවනව ලෝකය,පෝෂණය.පරිඝනක තාක්ෂණය ආදී බොහෝ මාතෘකා යටතේ පාඨමාලා දෙසීය ගානක් මේ කෝසෙරා කියන වෙබ් අඩවියේ තියෙනවා.. ගොඩ දෙනෙක්ට ගැටලුවක් වෙන්න පුලුවනි මේ පාඨමාලා ඉංගිරිසියෙන් පැවැත්වෙන එක..ඒත් අපි විද්‍යාවන් සහ තාක්ෂණික දේවල් ඉගනගන්නවා නම් අනිවාර්යෙන් අපේ ඉංගිරිසි බස යම්තාක් දුරකට හැදෙන්න ඕනි..මොකද අපි අද පාවිච්චි කරන නවීන තාක්ෂන බොහොමයක් මයක් වැඩිදියුණු කරලා භාවිතයට සුදුසු මට්ටමකට අරං ඇවිත් තියෙන්නෙ සුද්දන් නිසා..පුරාණ වේද පොත්වල..චීන පොත්වල එක එක තාක්ෂනික‍දේවල් තිබුනාට ඒවා පාවිච්චියට ගන්න පුලුවන් විදියට හදලා ඒ දැනුම නිර්මාණය කරල ාතියෙන්නෙ සුද්දන්..ඉතිං සුද්දගෙ බාසාවෙන් ඉගන ගන්න එක සාර්ථකයි..මොකද අපිට වැඩිදුර ඉගනගන්න විට අනෙක් අයගේ දැනුම බෙදාගන් අවැසි වෙනවා.ඒ වගේ අවස්ථාවක සිංහලෙන් ඉගනගතපු කෙනෙක්ගේ දැනුම අන් අය එක්ක බෙදාගන්න එක ප්‍රශ්ණයක් වනවා..
මේ පාඨමාලා වක සතියක තියෙන වීඩියෝ පාඩම් අභ්‍යාස ආදිය කරන්න මෙගාබයිට්ටු හාරසියක් විතර යනවා..ඒත් මෙගාබයිට්ටු හාරසියට ලංක‍ාවෙදි වියදම් වෙන රුපියල් 100ක මුදලට වඩා මේ පාඩම් මාලා බොහොම වටිනවා..ඒ පාඩම් ගොඩක් වෙලාවට උගන්වන්නෙ අපේ පියසිරි සර් සිරිපාල සර් වගේඋගන්නලාම නාකිවෙච්චි පේපර් බලලා තියෙන එක්ස්පීරියන්ස් එක විතරක් තියෙන ගුරුවරු නෙමෙයි..අමරිකාවෙ විශ්වවිද්‍යාල වල පර්යේෂණ පවත්වනආචාර්ය මහාචාර්ය වරුන්..ඔවුන් න්‍යායික දැනුමින් වගේම ප්‍රායෝගික දැනුමෙනුත් බොහොම පොහොසත්..අමරිකාවෙ කැම්පස් සහ කර්මාන්ත ක්ෂේත්‍රයහෙවත් ඉන්ඩස්ට්‍රි එක කියන්නෙ ලංකාවෙ වගේ ‍කොටස් දෙකක් නෙමෙයි...කර්මාන්ත ක්ෂේත්‍ර වල වැඩිදියුනු කිරීම්..අඩුපාඩු සෙවීම් ආදි කටයුතු වලදි ඒ රටේ විශ්ව විද්‍යාල කෙලින්ම සම්බන්ධ වෙනවා...ඒ වගේම හොඳ ප්‍රොපෙසර කෙනෙක් කියන්නෙ ඒ රටේ හොඳ විද්‍යාඥයෙක් පර්යේෂකයෙක් වගේමබොහෝවිට සුපතල සමාගමක සම්පත් දායකයෙක්..  කොහොම වුනත් මේ කෝසස් එකක්වත් ලේසි නැහැ...වීඩියෝ පාඩම්පෝරම්..ප්‍රශ්ණ වැඩසටහන්එසයින්මන්ට්ආදි වැඩ ගොඩාරියක් තියෙනවා..ටෙක්ස්ට් බුක් එකකුත් ගොඩක් පාඩ්ම වලට ලැබෙනවා..මේ හැම කෝස් එකක්ම නොමිලේ කරන්නෙ..නොමිලේ කල පලියට අගය අඩුවෙන්නෙවත් දෙන දැනුම අඩුවෙන්නෙවත් නැහැ කියලයි මට හිතෙන්නෙ.. අපි හැමෝම ගෙවන්නෙකාර්යබහුල ජීවිත වුනත් මේ වගේ දෙයකට අපි යොදවන කාලය අපතේ යන්නෙ නැහැ කියලයි මට නම් හිතෙන්නෙ..

 
ඉංගිරිසි ඉගනගන්න ක්‍රම..


ඉංගිරිසි ඉගනගැනීම(learning English) කියලා ගූග්ල වල සෙවුමක් කලොත් ඉස්සෙල්ලාම එන වෙබ් අඩවි දෙකක් තියෙනවා..එකක් තමයි බීබීසි ලර්නින් ඉංගිරසි එක..අනික තමයි බ්‍රිතාන්‍ය කවුන්සිල වෙබ් අඩවිය.. ඉතිං මේවා හරයා ඉංගිරිසි දැනුම වැඩිදියුනු කරගන්න පුලුවනි ලේසියෙන්ම..සිංහල බාසාවෙන් ඉංගිරිසි ඉගනගන්න යන එක උඩදාගෙන වචනවල සිංහල ‍තේරුම කටපාඩං කරන එක ට වඩා ඉංගිරිසි ඉංගිරිසියෙන්ම හදාරන එක වඩා සාර්ථකයි.. එත‍ොකට අපිට භාවිත කරන්න ගියාම ලේසියි කියලා තමයි දැන උගත් අය කියන්නෙ..

 
කොම්පියුටර ගැන දැනගන්න ක්‍රම..


කොම්පියුටර සහ අලුත් ජාතියෙ ගැජට් කෑලි වෙබ් අඩවි හදන හැටි..සොෆ්ටෙයාර් ගැන ආදිය අපි ආසයි අලුත් තොරතුරු දැනගන්න..ඉතිං වාසනාවට වගේ අපේ බාසාවෙන්ම ලස්සනට කියා දෙන වෙබ් අඩවියක් අපේ අයියල කිහිප දෙනෙක් පවත්වාගෙන යනවා..ඒක තමයි ටෙක් කතා කියන්නෙ..තරමක් රළු මුහුනුවරක් යටතේ පවත්‍වාගෙන ගියත්  පොඩ්කාස්ට් වැඩසටහන මගින් අපි නොදන්න දේවල් යලිත් ඉගනගන්න අවස්ථාව ලැබෙනවා..ඒ වගේම අපිට ගන්න බැරි තරම් මිල අධික පෝන්..අයි පෑඩ් ලැප්ටෝප ආදියත්..ඒ වායේ වැඩකරන මෘදුකාංග ආදියෙත් දෝස ආදිය ලක්ෂණට විස්තර කරනවා..ඒක අක අතකින් අපිට මානසික සහනයක් ලබාදෙනවා..අයි පෝන් එකක් ගන්න බැරි අපිට අයි පෝන් එකේ තියෙන වැරදි ටික හරි අහලා සැනසෙන් වාසනාව මේටෙක් කතා වැඩසටහන ඇසීම මගින් අපිට ලැබෙනවා.. කාලිංග අයියා නම් නිතරම නාසය කසනවා..ඒ වගේම හරිම තද අදහස් අමු අදහස් එයා කියනවා..ඒත් සිංහලෙන් කියලා දෙන නිසා වතුර වගේ තේරුං යනවා කියන දේවල්.. අපි මනුස්සයො වුනාම ‍හැමදාම පල් පතුරු ගහන දේසපාලනේ වාගෙම තාක්ෂනේ ගැනත් එදිනෙදා ජිවිතයේදි දැනගෙන ඉන්න ඕනි..එ‍තකොට අපිට සමහර වෙලාවට වැඩ පහසුකරගන්න පුලුවන් විදි ආදිය ලේසියෙන්ම මතක් වෙනවා..


ඔන්න අපි හිතමු එක්කෙනක්ට ඕනි වෙනවා නිතර අලි පත සයිස් පොත් මුගුරක් කියවන්න..ඒක තැන තැන අරං යන්න..හිතන්න ඒක ඉංගිරිසි පොතක් පිටුදෙදාහක් විතර තියෙන එකක් කියලා..ඒ වගේ වෙලාවක  පොත පරිඝනකයට දාගෙන..නැත්තං පෝං එකට ලෝඩ් කරගෙන..නැත්නම් පොත් කියපොත් කියවන්නම හදලා තියෙන කින්ඩල් කියන උපාංගය යොදාගෙන එහෙමත් නැත්තං අයි පෑඩ් එකක් වගේ එකක දාගෙන අපිට කියවන් පුලුවන් නම් අපිටලේසියි..ඒ වගේම තැන තැන අරං යන එකත් ලේසි..බොහෝම ඉක්මනින් සර්ච් කරලා අපිට ඕනි තැන හොයාගන්නත් පුලුවනි.. අපිට ඒ වගේ ලේසි ක්‍රම කල්පනා වෙන්න නම් අපේ තාක් තාක්ෂණික දැනුම නිතර යාවත්කාලින වෙන්න ඕනි.

19 comments:

  1. වෙබ් අඩවිය ගැන තොරතුරයි,
    පෝස්ටුවේ ඇති කරුණුයි ගොඩක්
    වැදගත් අමිල...පුළුවන් නම්
    මේක බලන අයත් පුංචි බැනර් එකක් තම තමන්ගේ බ්ලොග් වල
    එල්ලුවොත් තව දහසක් දෙනා මේක ගැන දන ගනීවි, ප්‍රයෝජනයක්
    ගනීවි...

    ReplyDelete
  2. මේක හොද දෙයක්.

    ජය වේවා !

    බ්ලොග් ලොව සුන්දරත්වය රැකෙන මෙවන් පෝස්ටු සදහා ස්තුතියි !

    ReplyDelete
  3. anunge gossip hoya hoya innawatawada koytharam hondada.
    http://alison.com/ mekath ewage thamai.

    ReplyDelete
    Replies
    1. වැදගත් බෙදා ගැනීමක්...ඒකත් හොද අධ්‍යාපනික පාඨමාලා තියෙන අඩවියක් වාගෙයි පේන්නෙ...

      Delete
  4. ඔබට පින්. බ්ලොග් වලින් කල යුත්තේ මෙවන් දෙයයි. ගොඩක් දෙනෙක් වෙබ් හදාගෙන කොපි පේස්ට් කරලා පෝස්ට් දාලා ඒවා සින්ඩියේ දාන්න කියනවා. මොකක්ද කියලා හැඳින්වීමක් වත් කිසිම දෙයක් නෑ.. මේ වගේ සේවයක් කරනවනම් කොච්චර වටිනවද...?

    ReplyDelete
  5. බොහොම ස්තුතියි මන් මේ අසීමිත සම්බන්ධතාවයකුත් තියන් වෙලවතියෙනවා කරන්න දෙයක් නැතුව මාතලන් නටවා නටවා හිටියේ, මාත් මේ කොස් එකක්වත් කරන්න ඕන

    ReplyDelete
  6. හොඳ තොරතුරක්. ස්තුතියි මේ ගැන දැනුවත් කලාට.

    ReplyDelete
  7. වැදගත් තොරතුරු ටිකක් ස්තුතියි.

    ReplyDelete
  8. හරිම වටිනා තොරතුරු අමිල, අපිට ප්‍රයෝජනවත් වෙන web site ටික. මේ වගේ දෙයක් පෝස්ට් කරපු එක ගැන හරිම සතුටුයි!

    ReplyDelete
  9. මාතලන් ,

    බොහොමා වටිනා ලිපියක් . මම සිංහල බ්ලොග්ස් නිතරම කියවනවා.නොමිලේ ඉගෙනගන්න හොද වෙබ් අඩවි වල විස්තර දුන්නාට ස්තුතියි.මම ලගදී වෙබ් සඉට් එකක් පුබ්ලිෂ් කලා.ඒකෙත් නොමිලේ ඉගෙනගන්න හොද වෙබ් අඩවි වල විස්තර තියෙනවා.මෙතැනින් බලන්න
    .http://www.esightline.com/category/education/

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. රන් මසුරන් වැඩක්. ඒත් අපේ අයගේ නෙත ගැටෙන්න. මේ අන්සතු දිනපොතේ වගේ සිංහලෙන් කරන්වනම් බොහෝම වටිනවා. ඔබට ඒ දේ කළ හැකිනම් අගය කියා නිම කල නොහැකියි. අනිවාර්යයෙන් සින්ඩියෙන් ඒ ගැන දැණුවත් කරන්නම්. මේවා තමයි පින් සිද්ද වෙන වැඩ.

      Delete
  10. ඉතාම වැදගත් ලිපියක්. බොහොම ස්තුතියි.

    ReplyDelete
  11. බොහොම වටිනා දැනුවත් කිරීමක්.

    ReplyDelete
  12. මේවට කියන්නෙ රත්තරං ලියවිලි කියල.මාතලන් ලොක්ක අහු මුළු අවුස්සල අපිව දැනුවත් කිරීම ගැන නම් කියන්න නම් වචන නැහැ. "අරිගතෝ ගොසයිමසු"කියල තමයි ඔබට කියන්න තියෙන්නෙ :).

    ReplyDelete
  13. නියම පොස්ට් එක කොල්ලෝ, දිගටම මේ වගේ වැදගත් දේවල්ම ලියන්න. ස්තූතියි!

    ReplyDelete
  14. ඉතාමත් වටිනා ලිපියක්... ගොඩක් ස්තුතියි ......

    ReplyDelete
  15. මෙය අන් අයට දැන්වීම ඉතා හොද වැඩක්, බොහොම ස්තුතියි ඔබට. මෙය පාසල්වල සහ විශ්වවිද්‍යාල වල ළමුන්ට ඉතා වැදගත් යයි සිතමි

    ReplyDelete