Wednesday, January 22, 2014

අඩ නිරුවතින් දේශපාලනය කිරීමේ අවුල

පොලේ ගිය ලඳක්
බිකිනිය හෝ ඊට ආසන්න ඇඳුමකින් පොටෝ වලට පෙනී සිටි නිලියන් පිරිසක් දේශපාලනයට ඇවිත් ඇත. ඔවුන් ඇතැමෙක් විසින් නිරූපිකාවන් ලෙස හැඳින්වෙයි. දැන් අපේ රටේ සිංහල බෞද්ධ ජනයා ඇතුලු විශාල පිරිසක් මේ ගැන කෝප වී ඇත. ඇතැමෙක් සතුටු වෙති. ඇතැමෙක් දේශපාලනය නැමැති වැදගත් සංකල්පයට අත් වෙමින් යන ශෝචනීය තත්වය ගැන දුක්වෙති.

එම නිලියන් විසින් පෙරදී බිකිනිය ඇඳගෙන නිරූපනය කරනු ලැබුවේ ප්‍රේක්ෂකයින් වෙත සතුට ලබා දීමටය. ඒ කාරණාවේදි ඒ ඇත්තෝ සමර්ථ වූ නිසා ඔවුනට ජනප්‍රිය වීමේ අවස්ථාව හිමි වෙන ලදී. නමුත් ජනප්‍රියතාවයේම තවත් අංශයක් සලකා බලන මැතිවරණයනැමැති නායකයින් තෝරා ගන්නා අවස්ථාවට නිළියන් නොගැලපේ යැයි පිරිස කියති. ඒ නොගැලපිම කෙසේ වගුගත කරන්නේ දැයි මට නම් සිතාගත නොහැක.

මංගලගේ නිවසට හොරු පැනීම සහ මංගල සහ ඒ පුරුෂයා අතර අයථා සම්බන්ධයක් තිබීම මේ දිනවල ජාතික ගැටලුවකි. වායුසමනය කරන ලද බස් රිය තුල ජෝඩු අයථා ලෙස හැසිරීම පොලිසියට ප්‍රශ්ණයක් වී තිබුනි. එයද අපේ පුවත්පත් වල සමාජ ගැටලුවක් ලෙස දක්වා තිබුනි. මිනිසුන් කුමන ආකාරයකින් හෝ ලිංගිකව හැසිරීම අන් අයට බාධාවක් නොවන්නේ නම් එයින් මහා සමාජයට කිසිම අවුලක් නොවන්නේ නම් එහි ඇති අරුම පුදුම වටිනාකම කුමක්දැයි කිසිවෙකු පිලිතුරු දෙන්නේ නැත. මංගල කොල්ලා සමග ලොලි පොප් නොව කවර සෙල්ලමක් දැමුවද එයින් මංගලගේ දේශපාලනයට සිදුවන බලපෑම කෙසේ වන්නේ දැයි සිතාගැනීමට නොහැක.

මේ නිලියන් පිරිස අපි මඳකට පසෙකින් තබමු. එක්තරා කාන්තා පිරිසක් මහත්මා ගාන්ධි අනුගමනය කොට එහි ඉදිරිපියවරක් ලෙස නිරුවතින් දේශපාලන වේදිකාවන්හි ජනතාව ඇමතීමට අදහස් කලා යැයි මඳකට සිතමු. අපේ රටේ බොහෝ මාධ්‍යකාරයින්ට අනුවත් මේ ලියන මට අනුවත් මහත්මා ගාන්ධි යනු ලෝකෝත්තර පොරක් නිසා ඒ ගැහුනු මහත්මා ගාන්ධී අනුව වැඩ කිරීම අවුලක් ඇති දෙයක්නොවේ. මෙය මනෝ චිත්‍රයක් මිස සැබැවින්ම සිදුවිය හැකි දෙයක් නොවේ. මන්ද මෙසේ ගාන්ධි අනුගමනය කොට නිරුවත් වන කාන්තාවන්ට අතීතයක් තිබේ. ඒ කාන්තාවන් වඩාත් ඉහල ජනප්‍රියත්වයක් හිමිකරගතහොත් අපේ රටේ පවතින අකලංක,අපක්ෂපාතී මාධ්‍ය විසින් ඒ කාන්තාවන් වැඩිවිය පැමිණිමටත් පෙර යෙදුනු ගමන් විස්තර කල කී දෑ සොයා මඩ සොයමින් ගසන්නට ගන්නවා ඇත.

සමාරවිට ඒ කාන්තාවන්ගේ නිවෙස්වලට හොරු පැන ඒ හොරු විසින් දෙන කටඋත්තර වල කාන්තාවන් සමග අයතා සම්බන්ධතා තිබුන නිසා ගෙදරට පැන්නා යැයි සඳහන් ව තිබෙන්නට හැකිය. එසේම රටේ ප්‍රථම පුරුෂයා රටේ ජාතික ප්‍රශ්ණයක් ලෙස සලකා ඒ කටඋත්තර කැබිනට් මන්ඩලයේම කියවන්නටද පුලුවන. එවිට හුදී ජනයෝ මේ වල් ගෑනු හෙලුවෙන් යන්නෙ ගාන්ධි අනුගමනය කරන්න නෙමෙයි.උන්ගේ තියෙන සංසාර පුරුද්දට. ඕකුංගෙ වල් කමට හෙලුවෙන් ගියාට අපේ මන්ද මහත්තය කරපු තරම් දෙයක් කොරන්න ඕකුන්ට බැහැ. යැයි සාදුකාර දෙමින් කියනු ඇත.

මහත්මා ගාන්ධි අනුගමනය කොට හෙලුවැල්ලෙන් ගැහැනු රැස්වීම් වල සිටින විට ඒ වේදිකාවන්හි පහල සිටින අය ඒ ස්ත්‍රි ලිංග දෙස බලන්නේ වර්ථමාන නිළියන්ගේ ස්ත්‍රි ලිංග දෙස බලන පහත් හැඟීමෙන් නොවේ. ඔවුන් සිතන්නේ ඒ ස්ත්‍රී ලිංගයෝ සමාජය වෙනස් කිරීමේ උදාරතර අරමුණින් අව්වට වේලෙමින් වේදිකා වල ප්‍රදර්ශනයට එන්නේ තමුන්ට සෙත සැලසීමට බවය. එවිට ඒවා මහත් වූ හරසර ලැබෙනු ඇති අතර තරමක් ජනප්‍රිය වූ ගාන්ධි අනුගමනය කරන ගැහැනියකගේ නිරුවත පිහිටා ඇති ආකාරයට තමුන්ද නිරුවත සකසා ගන්නට ආශ්චර්ය දේශයේ ස්ත්‍රීහු ක්‍රියා කරනු ඇත.

වර්ථමානයේ දේශපාලකයින් බොහොමයක් වතුර වැනිය. වතුර වල තිබෙන එක අමුතු ලක්ෂණයක් නම් දමන බඳුනේ හැඩය ගැනීමයි. ඔවුන් ආගම් තුන හතරම අදහති. දුප්පත් පැල සහ පෝසත් මන්දිර වලට කැමැති යයි පෙන්වති. උදේඝෝෂකයින්ට මෙන්ම උද්ගෝෂනයට ලක්වන්නන්ටද පක්ෂය. ෆැක්ටරි අයිතිකරුවන් සහ ෆෑක්ටරි වලින් වතුර අපිරිසිදු වන දෙපාර්ශවයටම වඩාත් සාධාරන විසඳුම් ඔවුන් ලබා දෙති. සියල්ලන්ගේම ගැලවුම්කාරයින් බවට පත්ව ඇති බැවින් ඔවුන්ට සියල්ලන්ගේම භාජන වලට අනුරූපව හැඩගැසීම වඩාත් ලාබදායී වෙයි.

නවසිය පනහ දශකයේදී රෙදි බැනියම් ඇඳි සිංහල බෞද්ධ මිනිසෙක් ගැන මනෝරාජික අදහසක් සංඝයා විසින් ඇතිකර ඒ පුද්ගලයා සිංහල මිනිස්සු වෙත පොරක් බවට පත් කරන ලදී. සිංහල ලිවීමට කියවීමට හරියට නොදත් කට හැකර කමින් පමණක් පොරක් වූ සරම් ඇඳගෙන හැඳි ගෑරුප්පු වලින් ආහාර ගත් බණ්ඩාරණායක නම් අයෙක් සිය බටහිර යට ඇඳුම උඩින් සරම ඇඳ අපේ ජනතාවගේ මනස තුල සිටි සිංහල මහ එකා බවට පත් වී වඩාත් ජනප්‍රිය වී මැතිවරණ ජය ගත්තේය.

ගාල්ල බස් නැවතුමේ බුලත් විඩ කමින් තැන් තැන් වල ඇවිදි දහනායක නැමැති අයෙක්ද කටද සරම බැනියමද නිසා ඒ ගාල්ල ජනයාට අපේ එකකු ලෙස පෙනී සිටිමින් ජනතාව රවටා කලක් දේශපාලනයේ සිටියේය. දහනායක අපේ මිනිහා...හරි සෝක් යැයි ජනතාව තවමත් කියනු ඇසේ. නමුත් ඔහු සරම ඉස්සූ අවස්ථාව, මිනිස්සු රැවටූ අවස්ථාව පාරක් තොටක් හැදූ අවස්ථාව ආදි අවස්ථා පත්තර වල තිබුනද ඔවුන් විසින් මේ සමාජය වඩාත් යහපත් කරන්නට කුමක් කලාදැයි පත්තර වල මා නම් දැක නැත.

ඔස්ට්‍රේලියාවෙන් ගෙනා ගවමස් කමින් කොතලාවල පාටි දාන විට ඒ සිදුවීම දහනායක විස්තර කරන්නේ සිංහල බෞද්ධ රටේ වත්ත පිටුපස එවෙලේ මෙලොව එලිය දුටු හරක් පැටියෙකු මස් කර පාටි දමන කොතලාවල අපේ සිංහල රටේ අගමැති කරවන්නේ කෙසේදැයි යන ආකාරයෙනි.ඒ බොරු වලට රැවටුනු මිනිස්සු එදා ඔහුට චන්දය දුන්නෝය.

ලංකාවේ තවමත් මිනිසුන් සංකේත කෙරෙහි විශ්වාස කරති. හොඳ පුද්ගලයා මහත්මයා යන පදවලට බොහෝ දෙනාගේ මනසේ ඇත්තේ වඩාත් හොඳන් ඇඳපැලදගත් පුද්ගලයෙකි. මේ හේතුව නිසාම දේශපාලනයට එන්නට සිටින උන් පවා ලක්ෂණට සුදෝ සුදට ඇඳීමට උත්සාහ කරති. මිනිස්සුන්ගේ උගත්කමටද, ඇඳුමටද, වංශයටද තවමත් අපේ ජනතාව ගරු කරති.

අනර්කලී යට ඇඳුමින් සිටින ඇඳුමක් දමන ෆේස්බුක් වීරයින් මෙවන් අය සබාවලට යවනවා දැයි අපෙන් අසයි. මං නං යවනවා බං? ඇයි නොයවන්නෙ? කියල වාක්‍යකින් දෙක තුනකින් මට කියල දීපල්ල.

17 comments:

  1. මං දන්නා පරිදි දහනායක ද්වි භාෂා උගතෙක්. දේශපාලනයට එන්න පෙර ගුරුවරයෙක්.

    ReplyDelete
    Replies
    1. KAKKA BUWA DANNA DEWAL

      Delete
    2. ඔය වෘත්තිකයින් දේශපාලනයට ආවම අපි වගෙ තුන්වෙනි ලෝකෙ රටවල වෙන දෙයක් තමයි ඔවුන්ගේ වෘත්තියට ලොකු හැන්දක් පාවිච්චි කිරීම..උදාහරණ විදියට පාට ලී බුවා විදුලි ඇමති වුනාම විදුලි ඉංජිනේරුවන්ට පට්ට තැනක් ලැබුනා..
      බන් ධු ල ඇමති වුනාම ටියුෂන් අයට කිසිම හිංසාවක් වුනේ නැහැ..
      රිචට් පතිරණ ඇමති වුනාම ගුරු වැටුප වැඩි වුනා..

      පොල්කඩන මිනිස්සුන්ට රස්සාවෙදි අනතුරු වුනාම හොඳ රිස්ක් එලවන්ස් එකක් වගේ එකක් ගන්න නම් ඉතිං පොල් කඩන මිනිහෙක්ම පාර්ලිමේන්තු යන්න ඕනි මේ විදියට..

      Delete
  2. ඉල්ලන එකා ඉල්ලුවාවේ.. දෙන එකා හරියට දෙන එකයි විය යුත්තේ..

    ** ජාතික ලැයිස්තුව මගින් කරන්නේ එම අයිතිය නැති කරන එක..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සෑම් ඔතනදි ජාතික ලැයිස්තු දීල තියෙන්නෙ නෑයො ඇතුලට දාන්න වත් පැරදිච්ච හම්පඩ දේසපාලුවන්ට ආදායම් දෙන්නවත් නෙමෙයි..
      අපේ රටට විශාල සේවයක් කරපු ලක්ෂ්මන් කදිරගාමර් මහත්මයා මට මතක විදියට ජාතික ලයිස්තු මන්ත්‍රි වරයෙක්. ඒ වගේ වැදගත් එහෙත් ජනතාව අතර එතරම්ම ප්‍රසිද්ධ නැති අය පාර්ලිමේන්තුව කියන බාස්කට් එකට දාගන්න තමයි ජාතික ලැයිස්තුව තියෙන්නෙ..

      සරලම උධාහරනයකින් හිතුවොත් ඔන්න විපක්ෂ පක්ෂ දේශපාලන පක්ෂ වලින් ලොකු නළු නිලියෝ ටිකක් පාර්ලිමේන්තුවට එනවා. නමුත් දක්ෂ අධ්‍යක්ෂවරුන් නිලියන් නළුවන් තරම් ජනප්‍රිය නැති නිසා ඔවුන්ට පාර්ලිමේන්තුවට එන්න ලැබෙන් නැහැ.. ඒ වගේ අවස්ථාවක වෙසක් නාට්ටියක් වත් පාර්ලිමේන්තු සැට් එකට කරගන්න බැහැ අධ්‍යක්ෂවරයෙක් නැති නිසා..ඒ වගේ වෙලාවට පාර්ලිමේන්තුවට අධ්‍යක්ෂවරෙයෙක් ජාතික ලැයිස්තුවෙන් ඇතුලත් කරලා ජනතාවගේ ජීවිතය සාර්ථක කරන්න පුලුවන් නාට්ටි පාර්ලිමේන්තුව තුලම නිපදවන්න අවස්ථාව ජනතාවට ලැබෙනවා ජාතික ලැයිස්තුව කියන සංකල්පය නිසා..

      Delete
  3. දහනායක අගමැති ධුරයේ වැඩ බාර ගැනිමෙන් පසු නිල නිවසෙ තම කාමරය විශාල වැඩි බව පවසා එම කාමරයේම කොටසක් වෙන් කරගෙන සිටි බවත් ..

    ඔහු පරාජය වීමෙන් පසු නෑවත ගාල්ලට යැම සදහා රථයක් ලබාදුන් විට එය දැන් අගමැති නොවන තමා රජයේ වාහන පාවිචි නෙකල යුතු බව බවසා ගාලු පාරටපැමින බස් රථයක නැග ගාල්ල ගිය බව පුවත් පත්වල පළවිය.
    වෙනස් වි තිබුනේ දහනායක පොඩ්ඩක් වයසට යැමත් ඔහු රැගෙන ආ ගමන් මල්ල පොඩ්ඩක් පරණ වි තිබිමත් පමණි.

    විජයානන්ද දහනායක

    ලංකා ව්‍යවස්ථාදායක ඉතිහාසයේ මෙන්ම වත්මන් පාර්ලිමේන්තු ඉතිහාසයේද එදා මෙදා තුර වාර්තාගත දීර්ඝතම කතාව කර ඇත්තේ එතුමා විසිනි.
    විජයානන්ද දහනායක මහතා 1956 රජයේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස වැදගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළේය. එනම් ලක්දිව සෑම පාසල් දරුවෙකුටම දිවා කාලයේ බනිස් ගෙඩියක් හා කිරි වීදුරුවක් දීමට වැඩපිළිවෙලක් එතුමා ඇරඹුවේය. එනිසා ළමයි එතුමා "බනිස් මාමා "යන සුරතල් නමින් ඇමතීමට පටන් ගත්හ. එසේම විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් දෙක විශ්ව විද්‍යාල බවට පත් කිරීමත් ගුරු විද්‍යාල පුහුණු කාලය තුල වැටුප් ගෙවීමත් සිදු වූයේ විජයානන්ද දහනායක මහතා ගේ මැදිහත් වීමෙනි.

    ReplyDelete
    Replies
    1. හැබැයි දහනායක තමයි නවතා තිබුණු මරණ දණ්ඩනය නැවත ඇති කරලා තියෙන්නේ!

      Delete
  4. ඕන කෙනෙක අපේක්ශකයෙක් වෙන්න ඉතින් සාධාරණ අයිතියක් තියෙනවනේ.. ඡන්දේ දෙන මිනිස්සුයි හරි තීරණය ගන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඔය තෝරගන්න ලැබෙන සෙට් එක හරියට මල්ලක තියෙන කලුපාට බෝල සෙට් එකකින් අහඹූ ලෙස තෝරන බෝලය බෝලයක්නොවීමේ සම්භාවිතාවය වගේ කේස් එකක්.
      මල්ලෙ තියෙන්නෙ කලු බෝල නම් අපේ අතට අනිවාර්යෙන් අහු වෙන්නෙ බෝලයක්. මේ සමාජෙ මොනම ක්‍රෙම්කින් හරි ජනප්‍රිය වෙන්න බැරි මිනිස්සුන්ගේ මනාපය ගන්න බැරි මිනිස්සු ඡන්ද ලයිස්තුව වලට දාල වැඩක් නැහැ.හැම ජාතියෙ මිනිස්සුන්ම මනාප කරන්න කැමති සෙට් එකක් නාමයෝජනා වල ඉන්න ඕනි..එතකොට තමයි ගේම නැගල යන්නෙ..

      Delete
  5. දහනායක යනු අති විශිෂ්ඨයකු නොවේ. එහෙත් ඔහු කල කී දෙයින් වැදගත්ම දේවල් ඉන්දික දිසානායක පෙන්වාදී ඇත. නොදන්නා දේ ලිවීමට පෙර කරුණු හොයා බලනු.

    ReplyDelete
    Replies
    1. එතුමා විසින් කරපු වැදගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් විය යුතුයි සිංහල බසින් උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සැලසීම වගේ දේවල්..
      ඔබ කතාකරන එදිනෙදා දේශපාලනයේ ගැඹුර තමයි අධ්‍යාපන ඇමතිවරයා ලෙස අධ්‍යාපන විශය නිර්දේශ යාවත්කාලීන කිරීම සහ බනිස් බෙදීම..
      නමුත් මා හොඳයි කියන අධ්‍යාපන ඇමතිවරයා වෙනස්...මෙතන තර්කයක් නැහැ..ඔබලාට විජයානන්ද දහනායක පට්ට පොරක් ගුරුවරයෙක් වෙලත් ඇමතියෙක් වෙලත් බස් එකේ ගිහිපු බුලත්විඩ කාපු අරලිය මන්දිරේත් රා බීපු හොද මනුස්සයෙක්...ඒක ඔබලාගේ නිර්ණයනය..

      නමුත් මට අනුව නම් නිලදාරියෙකුට වාහනයක් ආයතනයකින් හෝ වෙනත් සංවිධානයකින් ලබාදෙන්නෙ ඔහුට තිබෙන රාජකාරිමය වැඩකටයුතු සඳහා..මේ වගේ පාර්ලිමේන්තුවෙන් එලියට වැටුනම කිසිම වෙන වැඩක් තිබුන් නැති නිකම්ම නිකං හාල් කෑල්ලක් බස් එකේ ගෙදරගිය එක මහ ලොකු පුදුමයක් නෙමෙයි. ඒ කියන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රිකම හැර පොරට වෙන කිසිම වත්කමක් වත් ධනයක් වත් කොටින්ම වෙනත් සංවිධානයකින් තනතුරක් ගන්න උවමනාවක්වත් තිබිල නැහැ..

      සිංහල රටේ තාමත් ඔය වගේ ලාබ ඇඩ් වලට මාකට එකක් තිබෙනවා..

      Delete

  6. දීර්ඝ කාලයක් තරුණ, ශිෂ්‍ය, කාන්තා, වෘත්තීය සමිති සහ ප්‍රාදේශීය දේශපාලනයේ නිරතව සිටි අත්දැකීම් සහ දේශපාලන විනයක් සහිත පුද්ගලයින්ට නාම යෝජනා නොදෙන පක්ෂ තම නාමයෝජනා ‘ලිංගික සංකේත‘ වලින් පුරවමින් සිටින බව කැෆේ සංවිධානය පවසයි.


    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ අකුරැස්සෙ ප්‍රා බබා මන්ත්‍රි, තංගල්ල ප්‍රා බබා මන්ත්‍රි වගේ අයත් දීර්ඝ කාලීන ප්‍රාෙද්ශීය දේශපාලනයේ මහා බල කණු. ඔවුන්ට නම් අයින් වෙන්න වෙන එකක් නැහැ.

      Delete
  7. මට කියන්න තියෙන්නේ මෙච්චරයි මේක ලියල තියෙන්නේ ගොනෙක්

    ReplyDelete
  8. හොඳයි ඊට කලින් යවපු නළු නිළියෝ කරපු හොඳ දෙයකට උදාහරණයක් දෙන්න බලන්න (අනර්කලී,පබා )

    ReplyDelete
    Replies
    1. රුපියල් මිලයනේට හදන්න පුලුවන් පාර මිලියන හතක් අටක් වියදං කරල හදන එක අපේ රටේ බයියොන්ට අනුව වැඩකිරිමක්.. උන් හිතන් නැහැ මුං මේ අපිට යන්න කියල පාරවල් හදල අපි අවුරුදු ගානකට ණය කරවන බව.
      වැඩ කිරීම අවුලක් නැහැ. නමුත් ලංකාවෙදි වැඩ නොකරන නිකං ඉන්න දේසපාලුවො එක අතකින් හොදයි. මොකද කොන්ක්‍රිට් ගොඩවල්,පාරවල්,වරායවල්,ගුවන්තොටුපලවල් වගේ පිසික්ල වැඩ වලින් මිනිස්සුන්ට වෙන සෙතට වඩා ඔවුන්ට ලැබෙන ණය බර ප්‍රමාණය වැඩි වෙන නිසා...

      Delete
    2. වැඩ නොකර ඉන්න නම් අපිට දේශපාලුවෝ වැඩක් නෑ නේද ?

      Delete