Friday, February 27, 2015

අපේ මුත්තලා චොකලට් කෑ සැටි

දැන් නේ මචං ඔය එක එක විදියෙ ගැහිලි තියෙන්නෙ. ඉස්සර ඉතිං මොකෑ කරන්නෙ කෙහෙල් කද පෙරලුව වගේ පෙරලගත්ත ඉන් පස්සෙ චුකුං බුකුං ගාල දෙක තුනක් වැනුව ඉවරයි වැඩේ... මාගේ මිතුරකු දැඩි විශ්වාසයකින් ඇදහුවේ ලංකාවේ සිය මුතුන් මිත්තන්ගේ කාලයේ නොතිබූ ලිංගික සතුට ලබාදෙන විධික්‍රම ආදිය පැමිණියේ නෝටි ඇමරිකාවෙන් සහ පිටරට අසැබි වීඩියෝ වලින් බවයැ. නමුත් ඒ තුමානෝ අනාරාධපුරයේ කැටයම් ආදියේ ලිංගික අවයව උළුක්කු වන ආකාරයේ ඉරියව් ආදිය තිබුන බව දන්නේ නැත. 

එසේම කාම සූත්‍ර ආදී පැරණි ඉන්දියානු කෘති වල ඇති ඉරියව් අද කාලයේ ජිම්නාස්ටික් කරන අයට පවා පුහුනුවන්නට අපහසු ඒවා බව බොහෝ දෙනා නොදනිති.  අතීතයේ වූ පලියට හෝ අපේ මුත්තා ඒක ඒම කොල පලියට එය පාරම්පරික ඥානයක් වන්නේ නැත. එසේම අපේ මුත්තාගේ හෝ සීයාගේ හැසිරීමේ ඇති සියලු දෑ ඉතා පැහැපත් අතීත පුරුදු නිරූපනය කරන්නේ ද නැත. 

මේ මුත්තා අවුරුදු එකසිය 114ක් ජීවත් වී ඇත. ඔහු ගැන කිසිදු තොරතුරක් මේ පිංතුරය පල කල අය දක්වා නැත. ඔහුගේ පියා දොස්තර කෙනෙකු බවත් ඒ දොස්තර අවුරුදු 94ක් ජීවත් වූ බවත් ඔහු කියයි. එසේ දීර්ඝායුෂ ලැබීමට හේතුව සුදුළූනු, මී පැණි, කුරුදු, චොකලට් සහ ඔලිව් තෙල් ආදිය භාවිතා කිරීම බව එතුමා පවසයි..

ඔලිව් තෙල් ගැන මාගේ දැනුම නැත. එසේම චොකලට ්ගැන මා අසා ඇති පරිදි කොකෝවා ශ්‍රී ලංකාවේ තිබූ ගසක් නොවේ. එය සුද්දන් විසින් ගෙනැවිත් මෙහි වගාවක් ලෙස උත්සාහ කල බෝගයකි. කොකෝවාහී නිජබිම ඉන්දියානු උපමහද්වීපය හෝ ආසියාව නොවේ. එය දකුණු ඇමරිකාව නිජබිම කරගත් බෝගයකි. කොකෝවා වලින් චොකලට් සෑදීම ලොව තුල ප්‍රචලිත කලේ යටිත්විජිත ඇතිකරගැන්මට මුල් වූ යුරෝපා ජාතීන්ය. ඉන් පෙර කොකෝවා ඇට ව්‍යාප්තව තිබෙන්නට ඇති මුත් ඒ කොකෝවා නිශපාදන ඈත දකුණු ඇමරිකාවේ සිට ලංකාවට පැමිණියේ යැයි සිතීමට නොහැකිය. 

අනේ ඒ අන්ධ ස්වාමින් වහන්සේ මහමග යද්දි එක්තරා පවුකාර මනුෂ්‍යයෙක් ගේ වරදක් නිසා අර ස්වාමින් වහන්සේ වලකට වැටෙනවා..යැයි කාව්‍යමය මධුරස්වරයෙන් ස්වාමින් වහන්සේ  දෙසන විට... 

ඇතැම් මෝඩ උපාසකම්මලා සහ උඵාසක ඇතතෝ සාදු සාදු යැයි සාදුකාර දෙන්නේ මහ හඩිනි..ඒ පරපුර සයිබර් එක තුලටධර්ම දේශනා පැමිණි මෙකලද වැඩි වෙනසක් නැත. කුමක්හෝ කුනුගොඩක් කොහෙන්හෝ අවුස්සා යමක් පලකල විට විචාර බුද්ධිය කිසි සේත් නොසලකා ඇතැම් උගත් බුද්ධිමත් අය පවා සාදුකාර දෙති. දෙමින් පට්ට පල් කෙබර බෙදා හරිති. 

මේ පේජ් වලට ගොස් අප විසින් කමෙන්ට් කල විටඑක්කෝ උන් කමෙන්ට් මකති..කොමෙන්ට් මකන්නට තරම් වැඩි වූ විට ඇතැම් විට සිය ගොන්කම වසාගන්නට මේ පොටෝ මකා දමති. මෙවැනි ගොන් පාට් සහ එවැනි ගොන් වැඩ වලට උඪගෙඩිදෙන මෝහයෙන් පිරි උපාසක කැලගේ වැඩ දුටුතැන හෙලාදැකීම විචාරශීලි අපගේ යුතුකමකි. බුදුදහම යනු කියන සියල්ල දකින සියල්ල පෙනෙන සියල්ල ඇසෙන සියල්ල පොතක තිබුනා, අරයා කිව්වා , මෙයා කිව්වා, යන දැක්මෙන් දකින ආගමක් නොවේ. එබැවින් බුදු දහමේ හරයට නිගා දෙන මෙවැනි දේවල් හෙලාදැකීම යනු බුදු දහම හෙලා දැකීම නොවේ.. බුදු දහම උඪින් බොරුවට අදහාගෙන යන බොරු ඇදහීම් සහ වන්දනාමාන කිරීමේ නව්‍ය මෝස්තර වලින් සැබැවින්ම සිදුවන්නේ හානියක් මිස සමාජයට වත් හුදු මනුෂ්‍යයින්ටවත් වාසියක් නම් නොවේ.

7 comments:

  1. "අනේ ඒ අන්ධ ස්වාමින් වහන්සේ මහමග යද්දි එක්තරා පවුකාර මනුෂ්‍යයෙක් ගේ වරදක් නිසා අර ස්වාමින් වහන්සේ වලකට වැටෙනවා..යැයි කාව්‍යමය මධුරස්වරයෙන් ස්වාමින් වහන්සේ දෙසන විට... " methana idan moko me wela thiyenne

    ReplyDelete
  2. අනේ උබේ විචාරශීලි පුක. හරිහමන් රස්සාවක් හොයගෙන කාලෙ කන්නැතුව වැඩක් කරපන් ගෙදරට හරි. බොරු කෙප්ප කෙල කෙල කාලෙ කන ගොබ්බය.උබ නිදහස් අද්යාපනයෙ එකෙක්ගෙ අවස්තාවක් කාල ජාතික දනය විනාස කලා කියලත් ලියහන්කො බ්ලොග් එකක්. දන්න ලබ්බක් ලියහන් මල්ලි.උබේ හැටි අපි දන්නව

    ReplyDelete
  3. අමිලට කියන්න ඕනි වුන දේ එතරම් පැහැදිලිව කියවෙලා නෑ.. වැඩි කොටසක් හිතේ වගේ මට හිතෙන්නේ.. මට නම් තේරුණා.. මේ බ්ලොග් වල උනත් ඔය අඩුපාඩුව තියෙනවා.. කවුරුහරි මොකක් හෝ ලිව්වාම මැදිහත් විචාරයකින් ගුණදොස් පෙන්නල දෙනව වෙනුවට සුපිරි ඈ.. පට්ට ඈ.. නියමයි ඈ.. කියනව සමහර වෙලාවට හිතෙනව පෝස්ට් එක කියවලාද කොමෙන්ටෙක දාන්නේ කියල.. ඒ වගේම ප්‍රසිද්ධ මාධ්‍යයක යමක් පල කරනකෙනාටත් තියෙන්න ඕනි වගකීමක්.. වටිනව මතක් කරපු එක.. පැහැදිලිව ලියවිලා තිබුණනම් තවත් වටිනවා.. ජය ශ්‍රී!

    ReplyDelete
  4. පස්සේ නේ දැක්කේ.

    ෆොටෝ ව දාල තියෙන්නේ මහාමෙඝේ න් නේ.

    එහෙනම් බුදු ෂුවර් අසපුවල ඉන්න අ(සපු)බෞද්ධයෝ ටික හෙට ඉඳන් පටන් ගනී චොකලට් කන්න.

    ReplyDelete
  5. නාලන්ද ගෙඩිගේ කැටයම්

    ReplyDelete
  6. අපේ ආච්චිලා සීයල මොනා සෙල්ලම් දැම්මද කියල අපි දන්නවයැ... අපි දාන සෙල්ලං පරම්පරා 2කට පස්සෙ ඉන්න එවුං දැනගන්නේ කොහොමද,

    ReplyDelete
  7. ආ තව කතාවක් මතක් උනා. එක මනුස්සයෙක් අවුරුදු අනූ ගානක් කිසි අවුලක් නැතුව වෙඩි වගේ ඉන්නවා කියල ආරංචි වෙලා පත්තර කාරයෙක් ගියාලු ඉන්ටවිව් එකක් ගන්න. මිදුලට වෙලා දැන් පත්තර කාරය අහනවලු නිරෝගීව මෙච්චරකල් ඉන්න හේතු අර බුවාගෙන්. "අනේ මහත්තයෝ මං මස් මාළු කටේ තියන්නෙ නෑ, අරක්කු සිගරට් බොන්නෙ නෑ, ස්වභාවික කාබනික එළවලු පලතුරු තමා කන්නේ" කියල දෙනවලු පොරි හැලෙන ටෝකක්. එතකොට ගෙ ඇතුලෙන් ඇහෙනවලු බඩු පොලවේ ගහන සද්දයක්. ඒ මොකද්ද කියල පත්තර බුවා ඇහුවම වයසක පොර කියනවලු " අනේ මහත්තයෝ ඔය අපේ තාත්තා, බීල බීල බයිට් එකට ඌරුමස් ඉල්ලලා ජල්ලි අල්ලනවා" කියල.

    ReplyDelete