Wednesday, July 15, 2015

නාවල සහ රාජගිරිය උසස් අධ්‍යාපනය

මහ රෑ අවසාන බස් එකේ ගමනක් යන මනුස්සයෙක් ට නින්ද යනවා.. ඒ මනුස්සයා නැගිටිනකොට තිබුන ලෑන්ඩ්මාක් සහ තිබුන තත්වය අනුව උතුර දකුන මාරුවෙල බෙල් ගහල එතනින් බහිනවා..බැහැල බස් එකේ දුම් වලාව සහ දූවිල්ලත් ඈතට ගිහින් ආයිත් කට්ට කලුවර උදාවුනාට පස්සෙ වටපිට බලද්දි පොරට තේරෙනවා බැහැල තියෙන්නෙ වැරදි තැනක.. 

ඔය වගේ තැනකදි මිනිහට අත්වෙන්න ඕනි සතුට නෙමෙයි දුක. බොහෝ දෙනා ගේ පිලිතුර වෙන්නෙ එතනදි අර මනුස්සයා අතෘප්තිමත්...විය යුතුයි.. 

මගේ උසස් අධ්‍යාපනයත් ආන්න අර කඩිමුඩියේ නැගිටලා නිදිගැට ඇරලා වටපිට බලලා මගින් බැහැගත්තු පොරගේවගේ.. ගොඩක් දෙනා කියන්නෙ වැරදි වෙලාවෙ වැරදි තැනින් බැස්ස නිසා මට සොරි සහ තවත් කතා ඇතිවුනා කියලා කියනවා.. සමස්ථ ජීවිතය අසාර්ථක වෙන්න ඒක බලපෑවාලු.. 

එලියෙ මිනිස්සු ගොඩක් එහෙම කිව්වත් මටඅනුව  ඒක අතිසය සාමාන්‍ය දෙයක්..වෙලාවකට හිතෙනවා අනික් මිනිස්සු වගේ ගමනාන්තයට ගිහින් ඉක්මන්ට මූන කට හෝදල කාල පුලුවන් නම් පොරකුත් ගහල නිදාගන්න තිබුන නම් හොදයි කියලා..ඒත් වෙලාවකට හිතෙනවා..මගින් අවේලාවෙ බැස්ස නිසාම මට ටිකක් අමුතු අත්දැකීමටකට මුහුන දෙන්න වුනා.. ඒක පට්ටයි සෝක් කියන්න බැරි එකක් වුනත් ඒ වගේ අමුතු දේවල් වලට ආස කෙනෙක්ට ඒක වටිනවා.. 

හරියට නිකං සුනාපරත්නයට වැඩි පුන්න හාමුදුරුවන්ට දඩු මුගුරු වලින් පහර දීමත් ආශිර්වාදයක් වෙනවා වගේ සින් එකක්. වදුරාට කූඩුවක දාල කන්න බොන්න නාන්න සහ වදුරු කෑල්ලකුත් සෙට් කරල දුන්නත් පිංවතුනි වදුරා සතුටින්ද? නෑනෙ. වදුරා හැමතිස්සෙම කල්පනා කරනවා ඇත්තෙ දැඩි අවධානමක් අරගෙන අත්තකින් තව අත්තකට පනින හැටි.. කෑම හොයාගෙන වතුර හොයාගෙන ඈතින් ඈතට යන හැටි..තමුන්ගේ උඩ යන්න කැමති  සැට් එකත් එක්ක ඉන්න හැටි ගැන වෙන්න ඇති. 

එක්තරා කාලයකදි මම ගියා ආයුර්වේද වලට.. ගම්පහ සිද්ධායුර්වේදෙ මම ඉගෙනගත්ත කාලෙ තිබුන ටිකක් ප්‍රබල ස්ටුඩන්ට් යූනියන් එකක්.. ඒකට ගියාම මට ආයුර්වේද විද්‍යායතනයේ සිසුන් හමුවුනා. ඒ වගේම ඒ කාලෙ ඕපන් යුනිය හෙවත් නාවල කැම්පස් එකත් එක්කත් අපේ ගනුදෙනු තිබුනා.. රාජගිරියෙත් තියෙන්නෙ ඔය වගේ ආයුර්වේද කැම්පස් එකක්. 

ලංකාවෙ මම හිතන්නෙ ආයුර්වේද විද්‍යායතන වල මූලික තැන මොකද්ද කියල ඇහුවොත් උත්තරේ තමයිරාජගිරිය. ඉංජිනේරු අද්‍යාපනේ මූලික තැන මොරටුව. 

මම අද වැඩට ගියා නාවල කැම්පස් එකේ වයිෆයි දෙන වැඩක සුලු දායකත්වයක් දෙන්න. එයාලට දැන් තියෙන වයිෆයි ස්පිඩ් මදි..ඉංජිනේරු පීඨයට සහ තියෙන කොම්පිටර ලැබ් දෙක තුනකට වයි ෆයි හයි කරනවා.දැන හයිකරල තියෙන ඒවා මදිලු.. තව ලොකුවට ඕනි නිසා ලොකුවට හයි කරනවා. 

මේ නාවල කැම්පස් එකේ අපි හිටපු හරිය විද්‍යා සහ ඉංජිනේරු විශයන් සම්බන්ධ විද්‍යාගාර සහ ඒ සිසුන් ඉන්න ඒරියා එකක්. එයාල පේම කරනවා..කනවා බොනවා.. පාඩම් කරනවා..සමහරු ලැබ් වල වැඩ කරනවා..බොහෝ දෙනා කොපි කරනවා.. පෙනුනා...

අපි වයි ෆයි හයි කරන්න ගියෙ ්පුද්ගලික කම්පැනියක වැඩකරන අය විදියට.. ඒත් ඇතුලෙ හිටපු බුද්ධිමත් ශිෂ්‍ය ප්‍රජාව අපි දකින්නෙ යහපාලනයට වයි ෆයි හයිකරන මිනිස්සු විදියට. තාක්ෂනික වැඩක් කරන්න ආපු අය දිහා බලනව වගේ නෙමෙයි.. ඡන්ද වැඩට පෝස්ටර් අලවන්න ආපු මිනිස්සු දිහා බලනවා වගේ බැල්මක් තමයි ගොඩක් අය අපිට දැම්මෙ.. 

බොහෝ දෙනාට තිබුනෙ මේ වයිෆයි දෙන්න පාවිච්චි කරන අපිත් හරියට නොදන්න අලුත් තාක්ෂණය මොකද්ද කියලා දැනගන්න උවමනාව නෙමෙයි.. එයාලටඕනි වුනේ වයිෆයි පාස්වර්ඩ් එක හොරකං කරගන්නෙ කොහොමද කියලා දැනගන්න එක.. 

පරිගනක විද්‍යාගාර කියලා සැක කරන්න පුලුවන් තැන්වලත් අපි ගිහින් වැඩ කලා.. ඒ ලැබ්වල වැඩකරන අය නම් කැමැත්තෙන්ම ඇවිත් අපෙන් විස්තරය්ක අහගන්න හැදුවා..ඒත් සිසුන් නම් පෙර පරිදිමයි..සිසුන්ට අනුව ඔවුන් ඉගෙන ගත යුත්තේ පොත් වලින් විතරයි.. 

3 ඉඩියට් ෆිල්ම් එක බලන බොහෝ දෙනා කල්පනා කරනවා ආනේ අපේ ඉස්කෝලත් ඒ වගේ මයි නේ..අපිත් අර විදියමයි නේ කියලා.. ඒත් ඒක වෙනස් කරන්න හිතන්නෙ එහෙමත් එකෙක් තමයි.. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවෙත් නොනගී කියලා කුමාරතුංග මහත්තයා කියල තිබුනා.. සමහර විට මුනුබුරා කොච්චර සද්දෙ දැම්මත් අපි කුමාරතුංග කාලෙන් ඉස්සරහට ගිහින් නැත්තෙ ඒ නිසා වෙන්නත් ඇති.. 

මේ ඉංජිනේරු විද්‍යාව හදාරන නාවල සිසුන්ට ලංකාවෙ බොහෝ තැන්වල විදියට සිලබස් එකක් තියෙනවා..ඔවුන්ගේ එ් සිලබස් එක අනුව ඇගයීම් තියෙනවා..ඒ ඇගයිම් අනුව ඔවුන්ට ලකුනු ලැබෙනවා..ලකුනු ගොඩක් ගන්න අය පාස් වෙනවා.. 

අපි ආයුර්වේද විද්‍යායතනය ගත්තොත් දැන් ආයුර්වේද විද්‍යාවෙ ්තියෙන බොහෝ දේවල් හොයාගෙන ඉවරයි. ආදි කාලින පඩිවරුන් වාත පිත සෙම ගැන ස්ටඩි කරලා බෙහෙත් හෛ්ත් ඔක්කොම ලියල තියෙනවා.. ඒ ඇර සුලු පරික්ෂණාත්මක හැකියාවක් තියෙන්න ඕනි සිසුන්ට.. දැන් අර සිසුන් කරන්නෙ මොකද්ද එයාලගේ ආයුෂ පිලිබද විද්‍යාවේ බොහෝ දේවල් කලිං පොත්වල තියෙන නිසා එයාලගේ ඒකායන අරමුනු ඒ පරණ පොත් හැදෑරිම බවට පත් වෙනවා.. 

ඉතිං මම නාවල ලොකු වෙනසක් දැක්කෙ නෑ.. එයාලටත් සමහර විට අලුත් සහ පරණ පොත් ඇති ඉංජිනේරු විද්‍යාව ගැන ලියවුනු. ඔවුන් අපේ කාලෙ වගේම තාමත් එසයිමන්ට් කොප ිකරනවා.. ඒ කාලෙ වගේම ලොකු පොත් කටපාඩම් කරනවා.. ඒ ආයතනයෙන් පහල වෙලා ඒකෙන්ම උපාදි පශ්චාත් අරං ඒකෙම ලෙක්චර් කරන අවුරුදු බරගානක් තිස්සෙ ආයතනය තුලම ඉන්න ලෙක්චර පංතියකුත් ඇතිවෙල තියෙනවා.. 

ඇත්තටම ලංකාවෙදි ආයුර්වේද විද්‍යායතනයේ ස්වභාවයයි. ඉංජිනේරු පීඨ වල ස්වභාවයයි එකම යි කියලා තමයි මට හිතෙන්නෙ. සමහර විට ඉදලාම දක්ෂයින් මතු වෙනවා ඇති. නමුත් එක ඔලුගෙඩි දාහකට නිපදවෙන දක්ෂයො ගාන කරන ආයෝජනේ තරමට තියේද කියන ගැටලුව තියෙනවා නෙව.

4 comments:

  1. වදුරාට නම් මොකුත් වෙන්නේ නෑ නමුත් වඳුරාට නම් මොනවහරි වෙන්න පුළුවන්.

    ReplyDelete
  2. කියවලා, කල්පනා කරන්න දේකුත් අරගෙන ගියා ඕං. ආයෙ එනවා...

    ReplyDelete
  3. බහුතරයක් මිනිස්සු හිතන්නේ එකම වැඩවසම් ට්‍රැක් එකක් ගැන. ඒක ඒ අයට ලේසියි.පත්වෙන හැම රජයක්ම මිනිස්සු යවන්නෙත් ඒ පාරේ.මොකද එතකොට උන්ව හාම්බා්න් කරන්න ලේසියි.
    අපි අවුරුදු දහස් ගානක් ජීවත් වෙන්නැහැ.
    එකම රස්සාව,එකම අධ්‍යාපනය දිගටම මැරෙනකම් කරන්න ඕන කියලා නීතියක් නැහැනේ.මානසිකව හදාගන්න /හාදදෙන කොටු රාමු.තමන් කැමති දෙය කරන එක හොදයි කියලා මම නම් හිතන්නේ.නමුත් කොයි දේ කළත් ඒ දෙය සතුටින් නාහෙන් අඩන්නැතිව,උපරිම උත්සාහයෙන් කැපකිරීමෙන් කිරිමයි වැදගත්.

    සමහර වෙලාවට පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙන ගන්න එනවා පෙන්ෂන් ගිය මුනුපුරොත් ඉන්න අංකල්ලා,තරුණ කාලේ ඉගෙන ගන්න අතපසු වෙලා ආසාවට ඉගෙනගන්නේ.

    ගම්පහ ගැන නම් දන්නැහැ ඔය රාජගිරිය ආයුර්වේදෙ කැම්පස් එකට පොලිටික්කන්ගේ චිට් එකෙන් ළමයි රිංගවන්න පුලුවන් මං දන්න තරමින් නම්. අනික ගොඩක් අය ඉගෙන ගන්නේ ස්පා එකක් දාගන්න ඕන ටික විතරයි.අනික්වා යන්තම් උඩින් පල්ලෙන්.

    වයිෆයි හයිකරන්න එන අය හරිම හොදයි.අප්ඩේටඩ්. ඒත් ඉතින් එපාවෙන්නැතිද මන්දා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම කරන වයිෆයි හයි කිරිල්ලක් නෑ..ඔය මට සෙට්වෙන වැඩ කිඩ කීපයක් අතර එකක් විතරයි..වයිෆයි වලට අවශ්‍ය සේවිස් එකක් දෙන එක..

      මම පස්න කලේ අපේ රටේ සාමාන්‍ය අජ්ජාපන ක්‍රමේයි.. විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමේයි ඉංජිනේරු අද්‍යාපන ක්‍රමයයි අතර වෙනසක් නෑ...පාසැල් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනස් වෙන්නෙ කුඩා සීමාවලින් විතරයි..

      කටපාඩම්, කොපිකිරීම්..කොලේ වහල ගැහීම්.. විස්ව විද්‍යාල වලත් සැරටම තියෙනවා.. අනික අපේ රටේ විශ්ව විද්‍යාල ජාත්‍යන්තර මට්ටමින් බොහොම පහලින් ඉන්නෙ.

      Delete