Wednesday, September 9, 2015

Mandhaarama atharin මන්දාරම අතරින්




 මන්දාරම අතරි න්
එක පාරක් හිරු ඇවිදින්
හැමදාමත් ආයෙ ආයෙත්
මතකය විමසයි තවත්…


කොහේදෝ දන්නෙ නෑ…
වාස දේසේ හදුනන් නෑ
පාට ගෑ නිය තොල් අතරේ
හැංගී  ගියාද දන් නෑ..


මල් වට්ටියක් පූජ වට්ටියක්
බැයිනං දාහෙ පාන්දාහෙ කොලයක්
දෙන්නං ඒකිව  හොයාලා දීපං


ඉන්න තැනක්  රෑ හීනෙන් කියහං
වාසේ දේසේ නම  වත් හොයහං
දෙයියනේ ඕනි දෙයක් බොට මන් දෙන්නං. 

වැදගත්ම දේ තියෙන්න මුලින් තියෙන යූ බට වීඩියෝවේ. පොඩ්ඩක් විතර සද්දෙ වැඩිවුනා..එ්ත් වොලියුං එක ටිකක් අඩුකරගෙන හරි ඒක අහලම යනවා නම් අගෙයි. 

 පොටෝ එකේ අයිතිය මනුර ඩිලාන්

4 comments:

  1. ලස්සනයි, මේවගේ වැඩ පන්දාහට කරන දේවාල තාම තියෙනවද?

    ReplyDelete
  2. අනේ මන්ද...වැඩේ නම් ලස්ස්සනයි...

    ReplyDelete
  3. බොහොම ලස්සන වැඩක්! ගායනා විලාසයෙත් වීඩියෝවෙත් මේ පදවලට ම සරිලන ශෝකී සුන්දරත්වයක් තියෙනව. මම වැඩිපුර කැමතියි මුල් කොටස් දෙකට

    මන්දාරම අතරි න්
    එක පාරක් හිරු ඇවිදින්
    හැමදාමත් ආයෙ ආයෙත්
    මතකය විමසයි තවත්…


    කොහේදෝ දන්නෙ නෑ…
    වාස දේසේ හදුනන් නෑ
    පාට ගෑ නිය තොල් අතරේ
    හැංගී ගියාද දන් නෑ..

    පදමාලාව කියවන්න විතරක් ලැබුනා නම් ඒ දෙක ගැන විතරක් කැමැත්ත ඇති වෙන්න තිබුනා. නමුත් ගායනය නිසා අවසානය දක්වා ම ඒ මනෝගතිය - මූඩ් එක - රඳවාගෙන ඉන්නවා.

    ReplyDelete