Thursday, February 4, 2016

නෙටොල්පිටිය චාරිකාව Tour Netolpitiya

 මේ උස්සන්ගොඩ. බලන්න කියලා වැඩි යමක් නැතිවුනාට.එතන හරි ලස්සන මුහුදක් තියෙනවා. මේ ගමන නෙටොල්පිටියෙ ගියේ. නෙටොල්පිටියෙ අපි කේන්ද්‍ර කරගත්තාට අපි ගියේ ප්‍රධාණ වශයෙන් තැන් දෙකටයි. එකක් රැකව මූද අයිනෙ වෙරළට අනික උස්සන්ගොඩ. 
 මේ ගල් කෑල්ල උඩට නැගල ගනිපු වීඩියෝ ආදිය ගොඩක්ම තියෙනවා. මියුසික් වීඩියෝ සහ මංගල දැන්වීම් ආදියට ගන්න හොද ප්ලේස් එකක් තමයි උස්සන්ගොඩ.. 
 කලිං දවසෙ රෑ අපි මූදු වෙරලේ ඉදන් බාබකියු දැම්මා. එතකොට බඩේ මොක්ක නමුත් අවුලක් ඇවිත් මේ යාලුවගේ පුක කහන්න අරගෙන වගේ පෙන්නුම් කරන්නෙ. 
 පොඩි ලමයි දෙන්න කොටු පනිනවා. ඒක දැකල ලොකු ලමයින්ටත් කොටු පයින්න ඕනි වුනා. මේකට අපි කියන්නෙ කොටු පැනිල්ල . නමුත් ඇතැම් පලාත්වල මේකට බට්ට පැනීම කියලත් කියනවා. 
 කස්ටිය උසන් ගොඩ දක්වා යන අතරමග. යද්දි මේ වගේ කටුපදුරු ලදු කැලෑ සහිත පරිසරයක් හම්බ වෙනවා. 
 මේ කකුල් මස් සහ සොසේජස් අර මස් පුච්චන බාබකියු පෙට්ටියට දාල පුලුස්සා ගන්න ආකාරය. මේක ටිකක් අමාරු වැඩක්. මොකෝ බිව්වට පස්සෙ කවුරවත් මේව ගැන හොයන්නෙ නෑනෙව.. දෙයියන්ට පිංසිද්ද වෙන්නෙ මොකුත් බඩේ ගායක් නම් හැදුනෙ නැහැ කාටවත්.. 
 සමහර අය පොටෝ ගන්න පුලුවන් වස්තු දැක්ක තැන පොටෝ ගන්න හදනවා... ට්‍රිප් එකක් ගිහින් ආවම සමහර අයගේ පොටෝ දකින්නම නෑ..ඒත් ලක්ෂන අයගේ පොටෝ හැමතැනම ඒක ඉතිං සොබාවිකයි නේ.. 
 මේ උස්සන්ගොඩ රතුපාට වීම ගැන කතා ගොඩක් තියෙනවා එකක් දෙකක් රාවනාටෙත් සම්බන්ධයි.. මේකෙ රාවනා හෙලිෙකාප්ටර බෑවා කියල ත් කියනවා.. රාවනා ඔය නුවරඑලිය පැතතෙත් හිටියලු නේ.. මම හිතන්නෙ එතකොට උසන්ගොඩ රාවණාගේ සදර්න් එයාපෝට් එකක් වෙන්න ඇති. 
 අහෝ බේදයකි කියන අවස්ථාවක්.. මොකුත් නමුත් සිද්ධියක් දිහා කල්පනාකාරීව බලාන ඉන්නවා කියලා පේනවා.. 
 කොතන ගියත් බල්ලොන්ගෙනුයි කොල්ලොන්ගෙනුයි අඩුපාඩුවක් නෑ.. මුන් මොකට ඉන්නවද මන්දා..හැබැයි වෙලාවකට මුන් ප්‍රයෝජනවත් වෙන වෙලාවලුත් තියෙනවා. 
 ලස්සන බීච් එකක් ගාව සිට හොරි කසනවා කියන්නෙ ලේසි පාසු බල්ලෙක්ට ලැබෙන චාන්ස් එකක් නෙමෙයි.. මම හිතන්නෙ මූගේ කරපටියකුත් නෑ.. එහමට නිදහසක් බල්ලෙක්ට ලැබෙන එකත් පට්ට.. 
 මේ යාලුවා අපිට පොටෝ ගන්න බොහෝම උදව් වුනා.. කැමරාව රැගෙන යාම වගේම පොටෝ වලට මුහුන දීම අතිනුත් මෙයා ඉදිරියෙන් සිටිනවා. මේ පොටෝ හෙල්ප් යාලුවාගේ පොටෝ හැම යාලුවගේම පෝන් වල කැමර් වල අඩු වැඩි වසයෙන් තියෙනවා. 
 රෑම නයිට් ඉන්නවා කියලා බාබකියු පෙට්ටි අරං ලෑස්ති වුනාට සමහර පවුල් වලට නිසි වෙලාවට නින්ද යනවා..ලොකේස්න් එක මොකද්ද කියල ලොකු නිනව්වක් නෑ.. ඒත් නින්ද නම් ලෙසට ගිහින් තියෙනවා.. 
 කොයි තරං පාරවල් ලස්සනට තිබුනත් අපේ අය ඉතිං හරි පාරක යන්න දන්නවයැ.. ඔය එන්නෙ ලෙසටම පාර තියෙද්දි තණකොල උඩින්..අවුලක් නෑ ඉතිං මෙතන තණ උඩ ඇවිද්දාය කියල දඩ ගැහිල්ලක් නෑනෙව.. 
 මේ උසන්ගොඩ මුහුද අයිනෙ වෙරලෙ තියෙනවා ලස්සන බෙල්ලො කෑලි ආදිය. යාලුවො ඒවා හොයලා මතක සටහන් විදියට දෙක තුනක් සාක්කු ගත කරගන්න අමතක කලේ නෑ.. 
 මේ තියෙන්නෙ උස්සන්ගොඩ එක පැත්තකින් පේන හැටි.. එතන බීච් එක අපි ගිය වෙලාවෙ සෙනග නැතත් පදුරු අස්සෙ තිබුන පොලිතින් බෝතල් ආදියෙන් එතන සෙනග ගැවසෙන තැනක්ය කියලා අපිට හිතාගන්න හැකි වුනා.. 
 කස්ටිය කතාන්දර අහන අවස්ථාවක්.. කතාන්දර කියන කෙනා ලොකුවට මොකක්ද පෙන්නුම් කරන ආකාරයක් දැක්වෙනවා. ඉතිරි අය පොටෝ එක ගන්න ඕනි නිසා කතාව අහනෝද නැත්තං ඇත්තටම කතාවක් තියෙනෝද කියලා නම් දන්නෙ නෑ.. 
 රැකව ලක්ෂණ මුහුදක් තිබෙනවා.දැනට වැඩිය සෙනග එන්නෙ නැති තැනක් නිසා එතන කරදරයක් නැතුව නාකියා ගෙන ජොලියක් දාන්න පුලුවන් කම තියෙනවා.. මහා බ්ලොග් රාජයෙක් වෙන මගේ බ්ලොග් එකේ දැන් මේක දැම්මාම එතන සෙනග පිරිලා ලොකුවට එතන ජනාකීර්ණ වෙන්නත් ඉඩ කඩ තියෙනවා.. 
 හැන්ද වෙලා ගිය නිසා අපිට නාන්න වෙනම වෙලාවක් සෙට් වුනේ නෑ රැකව මුහුදෙදි.. නෑව ගමන් රෑ වැඩේ පටන් ගන්නයි සිද්ද වුනේ.. යාන්තමට එලිය ගන්න අපිට ගිනිගොඩකුත් ගහගන්න අවස්ථාවක් ලැබුනා. 
 චාර්ලිස් ඒන්ජල් එකේ වගේ එන්නෙ අපි එක්ක ගිය කාන්තා විශාල පාර්ශවය. කාන්තා ඔක්කොම ගියා 6ක්..එයින් 2ක් කුඩාම කාන්තාවන්..මේ ඉන්නෙ විශාල කාන්තාවන් හතර දෙනා. 
 ටිකක් ලස්සන පිංතුරයක් .මට හිතෙන විදියට අපේ කන්ඩායමේ ඔක්කොම වගේ මේ පොටෝවෙන් පෙන්නුම් කරනවා. 
 කැටපෝලෙන් විදීම සහ ඒ පිළිබද තරග ආදියත් පැවැත්වුනා නෙටොල්පිටිය නැවතුන අවස්ථාවේදි. ඒ පාඨමාලාව අවසානයේ කැට ගල් විදින්න හැකියාව ගෑල්ලමයිටත් ලැබෙන්නට ඇත ිකියලා මම සිතනවා.. 
කැලෑවේ මැදින් තියෙන පාර ලස්සනයි. කැලෑ පාරක වුනත් යන ගමන් නයෙක් අැරගෙන යන එක තමයි සාමාන්‍යයෙන් විය යුත්තේ.. 

පොටෝ වලට ක්‍රෙඩිට් දෙන එක තමය කේස් එක..හරියට පංසලේ පිංකමේ දායකයොන්ට පින් දෙනවා වගේ දිග ලිස්ට් එකක්.. 
කැමර් හිමිකරුවන්ටත්..කැමරාව රැගෙන ආ අයටත්..පොටෝ ගහන තැන දක්වා කැමරාව උස්සාගෙන ගිය අයටත්..පොටෝ වලට පෙනී සිටි අපි සැමටත්..අපිට පොටෝ ගහන්නට ලස්සන රටක් උරුම කර දුන් මහී කාන්තාවටත්.. පොටෝ වහා අප්ලෝඩ් කල ඇයටත්...බොහෝම පිං අයිති වේවා.. 

13 comments:

  1. ටොෆි මා දමා ගිය එකට හැමිණියව්! :-( ආතල් ට්‍රිපක් බව පෙනේ. ඉරිසියාය!

    ReplyDelete
    Replies
    1. ට්‍රිප් එක, පෝස්ට් එක මෙන්ම කමෙන්ටු ද ආතල් මැ බව පෙනේ යැ !! :)

      Delete
  2. නෙටොල්පිටියේ කවියෙකු ලියූ සිව්පද කවි පොතක් මං වසර දෙක තුනකට කලින් ලංකාවේ දී ගත්තා. හොයාගෙන කියවන්න ඕනෑ. ගම ගැනත් කවි ඇතිනේ!

    ReplyDelete
  3. මමත් එකපාරයි උස්සංගොඩ ගිහිල්ල තියෙන්නෙ. ඒත් ඔයවගේ ඇවිදින්න අවස්ථාවක් ලැබුණෙ නෑ. බලමු ඉස්සරහට.

    නියම ෆොටෝ ටිකක්.

    ReplyDelete
  4. රැකව කිව්වහම හූ කිව්ව කතාවක් මතක් උනා.

    ReplyDelete
  5. එතන බීච් එක අපි ගිය වෙලාවෙ සෙනග නැතත් පදුරු අස්සෙ තිබුන පොලිතින් බෝතල් ආදියෙන් එතන සෙනග ගැවසෙන තැනක්ය කියලා අපිට හිතාගන්න හැකි වුනා.. ////

    ඒ ඉතිං හදවතින්ම ශ්‍රී ලාංකිකයි කියන අගෙ හැටි නෙව
    පොටෝ ටික වගේම ඒවට ලියල තියෙන ඒවත් මරු
    අර උඩිංම තියෙන කොමෙන්ටුවෙ මුල ටිකත් එහෙමයි හැක්

    ReplyDelete
  6. මාත් ගිහින් තියෙනවා අවුරුදු 16 කට විතර කලින්.
    ඒ රතු පාට පස් තියෙන හරිය ගැන නම් ඒ ගමේ මිනිස්සු මොනවාද හොල්මන් කතා වගයක් කිව්වා - දැන් මතක නැහැ.

    ReplyDelete
  7. මාත් මෑතක ගියා උස්සන්ගොඩ නම්.. වෙන ගමනක් යන ගමන් නිසා නිදහසේ ඇවිදින්න උනේ නෑ.. පොඩි උන් නිසා බීච් එකට යනකම් ගියෙත් නෑ.. මේ වගේ නිදහසේ ගිහින් විවේකයෙන් දවසක් ඉන්න ඇත්නම් හොඳයි තමයි..

    ReplyDelete
  8. නිදහසේ දවසක් ගත කරන්න හොඳ තැනක් වගේ...

    ReplyDelete
  9. නිදහසේ බලන්න ආස අයට මෙන්න ලින්ක් එක

    ReplyDelete
  10. ලක්ෂණ චාරිකාවක් වාගේ.....

    ReplyDelete