Thursday, July 21, 2016

කැමැත්තෙන් දෙනෝ නම් ගන්න කවුද අකමැති

මං පහුගිය දවසක ලැයිසොන් කෑල්ලක් ගන්න ඕනි කියල ගියා වේරහැරට. වේරහැට ඇවිල්ල එක්තරා උපසංස්කෘතියක් තියෙන තැනක් වගේ. මුලින්ම හම්බුන ගෑනු කෙනා මගේ ගම සහ රක්ෂාව දැනගෙන මගෙන් ඇහුවා ආ...මහින්ද කාලේ ද ආවේ රස්සාවට කියලා.. ඔය වගේ ගොං ගෑනියෙක් වාචාල කමට මක්ක හරි කිව්ව කියලා මට නැතිවෙන ලබ්බක් නෑනෙව..මම කට කොනකින් හිනාවෙල..නෑ මං ඊට කලිං ආවෙ කියලා කිව්වා. 

ඉන් පස්සේ අංකයක් අරගෙන වාඩිවෙල ඉන්නයි තියෙන්නේ. මම වාඩිවෙල ඉන්න අතරේ දැක්කා ඇතැම් අය ‍වෙනත් දොරකින් ඇතුලට යනවා. ඒ වගේම සමහර අයට ලගට කතා කරලා ඉක්මනින් එයාලට ඉඩ ලැබෙන ගතියකුත් දැක්කා. ලර්නර්ස් කම්පැනි වලින් ආපු අයට ප්‍රමුඛතාවක් ලැබෙන ආකාරයකුත් පෙනුනා. 

මට පෙනුන දේ සහ දැනුන දේ අනුව එතන ඕපන් වංචා වෙන තැනක්. මට හරියටම මෙන්න මෙහෙම මෙහෙම තමයි වෙන්නේ කියල කියන්න බැරි වුනාට වංචාවලට බොහොම ලේසියෙන් ඉඩ ලැබෙන තැනක්. මං දැනුවත්ව බුවෙක් ගියා ලයිසන් එක අලුත් කරගන්න.  මිනිහට සීනි දියවැඩියාව පෙසර් හාට් ඇටෑක් වගේ පොශ් ලෙඩ ගොඩක් තියෙන මැද වයසේ කෙනෙක්. ඉතිං එයා විය යුතු විදියටම මෙඩිකල් එක ෆේල්..ඒ කියන්නේ මිනිහ වෛද්‍ය පරීක්ෂණය අසමත්.. ඒත් එයා ලයිසන් එක ගත්තා..වැඩියෙන් වියදම් වුනේ රුපියල් දෙදාහක් විතරයි. වෛද්‍ය සහතිකය අස්සන් කරන්නේ අනිවාර්යෙන් " අපි ඇවිල්ල රහතුන් වගේ වැදගත් පොරවල් " කියල තමුන්ම හදුන්වා ගන්න ලියාපදිංචි වෛද්‍ය වරයෙක්..ඒ වගේ උන්නාන්සේ කෙනෙක් රුපියල් දෙදාහකට නැවෙන එක..? 

ඒ වගේම මේ "මටත් ලැයිසමක් ගන්න ඕනි බං " කියල මං මගේ යාලුවෙක්ට කීවම පොර කීවෙ.. මචං ඕ තරං හිතන්න ඕනි නෑ..උඹ ගිහින් කාක්කෙක් හොයාගනින්..පොඩි ගානයි වැඩියෙන් යන්නේ ඒත් වැඩේ ගොඩ..
 ඕනිම ජාතියක මිනිහෙක්ට..ඩ්‍රැයිවින් පුලුවන් හෝ නැතා වියදම් කරලා ලයිසන් එක ගන්න හැකියාවක් තියෙනවා ..ඒවට වෙනමම ක්‍රම සහ විදි ඒ අවටම නිර්මාණය වෙලා ඒ ඒ දේවල් වලට නියමිත ගාස්තු පවා තියෙනවා.. 

ලයිසන් ගන්න ඕනි සෑම සියලු දෙයක්ම..කොටින්ම රිය පැදවීමේ හැකියාව සහ සෞඛ්‍යය තත්වය වගේ හැම එකක්ම සල්ලි වලින් කරගත හැකිනම් හත්දෙයියනේ ඔහොම ලබ්බක් ඔතන තියාගෙන ඉන්නේ ඇයි? ඒක නිකං අපි වාහන එලවන්න කාඩ් එකක් ලබාගන්න තියෙන කප්පම් පොට් එකක් වගේ.. 

මේක ඊයෙ පෙරයිද ලංකාදීප පත්තරෙ කතෘ මහතෙකුත් හොයාගන තිබුන දෙයක්.. ඒ කතුතුමාත් ගිහින් එක්තරා කොටසක් හොයාගෙන තිබුනා..ඒත් එ් කොටසක් විතරයි..තව ඕනි තරං වංචා සහ හොරපාරෙන් වැඩේ පාස්කරගන්න ක්‍රම ඒක ඇතුලෙ තියෙනවා.. 

ලංකාදීප බුවා කොමසාරිස්ගෙන් ඇහුවාම කිව්ව කතාව වැදගත්. කොමසාරිස් තුමා කියල තියෙනවා ඒ ගැන පරීක්ෂනයක් තියනවා කියලා..ඒ වගේම රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට බොහෝ පහසුකම් සරලව හදුන්වාදීල තියෙද්දිත් මිනිස්සු සල්ලි දෙන්නම හදනවා නම්...? ඒක ගැනත් අපි හිතන්න ඕනි කියලා එතුමා කියල තිබුනා.. ඇත්තටම මට තේරුන විදියට එතනට ගිහින් වැඩියෙන් වියදම් නොකර හීන්තාලෙන් වැඩේ කරගන්න ඕනි නං පැය දෙක තුනක් වාඩිවෙල ඉන්න වෙයි.. රුපියල් එක්දාස් දෙදාස් ගනන් වැඩියෙන් දීල කරගන්න කියල මහ දෙයක් නෑ. සුදුසුකම් තියේනං හරිම සරලව වැඩේ කරගත හැකි..එත් සුදුසුකම් තිබුනත් සමහරු ‍එන්නෙම දෙන්නම බලාගෙන..දීලම ගන්න බලාගෙන. 

ඔය වගේ ආන්ඩුවෙ තැනකට ගිහින් හොරපාරෙන් කීයක් හරි අතමිට මොලවල ඉක්මන්ට වැඩක් කරගනැීම අපේ සමාජයේ බොහෝවිට සලකන්නේ වීර කමක් විදියට.. මං නං මොකුත් කලේ නෑ බං.. යටින් දුන්න වැඩේ උඩින්ම කෙරුනා.. එහෙම කියන්න මිනිස්සු මාර ආසයි..බොහෝ දෙනා ආසයි.. 
සමහර ගෑනු මිනිස්සු ඉන්නවා වෙලෙන්දා කියන ගානට වඩා සතයක් හරි හෙට්ටු කරලා බඩු ගන්න ආසයි.. එයාලට බඩුව ඒ මිලට කොච්චර ලාබ වුනත් රුපියල් හරි අඩුකරල ගත්තේ නැත්තං කිසි ගෝ එකක් නෑ.. වගේ ගතියක් එනවා ඇති. 

 රටේ සමාජයේ යම් කිසි ක්‍රමවේදයක් නොහොත් ප්‍රොසීඩියර් එකක් තියෙනවා ඇතැම් තැන්වල රාජකාරි ආදිය කරගන්න ගියාම..නමුත් මේ ප්‍රොසීඩියර් එකට නොගිහින් නෑකම, මිතුරු කමකට හෝ බලයකට හරි නැත්තං සල්ලි, අල්ලස් දොල පිදේනි දීල හරි වැඩේ හොරපාරෙන් කරගන්න මහත් වූ ආශාවක් අපේ සමාජයේ බහුතර පිරිසකට තියෙනවා.. 

යම් කිසි ‍අල්ලස් ක්‍රමවේද නිර්මානය වෙන්නේ ගන්න කැමති අයට වඩා දෙන්න කැමති අය වැඩිවෙන කොට.. දෙන්නම බලාගෙන එන කොට.. නොගෙන ඉන්න එකත් එතන ඉන්න නිලදාරි මහත්මයාට අපහසු දෙයක්.. කකුලුවො සෙට් එකක්ම ඇදේට යද්දි..එකෙක් කෙලින් යන්න හිතුවොත් ෆිල්ම් වලනං කෙලින් යන එකා කොහොම හරි ‍දිනිනවා..ඒත් ඇත්ත ජිවිතේදි කෙලින් යන එකාට කෙලින්ම ගෙදර යන්න හෝ කොන්වෙලා ඉන්න ලැබෙනවා කෙලින් යන්න ගියොත්.. 

යම්කිසි තැනක ක්‍රමවේද හදන්නේ මොකො..ඒවා හදන්නේ බහුතර මිනිස්සුන්ට වාසි වෙන්න..දැන් ඔන්න පහුගිය කාලේ මරදාන පැත්තේ බිල්ඩිමක ගින්නක් ඇතිවෙලා තුන් දෙනෙක් මලා.. මලේ නිසි ආකාර සැලසුමකින් තොරව නිවාස සහ ගොඩනැගිලි හදපු නිසා.. දැන් අපි හිතමු ඊලගට නගර සභාව හෝ මොනයම්ම හෝ ආයතනයක් දැඩි නීති ගේනවා ඔය ගොඩනැගිලි හදන්න කලියෙන් ඒවා නියාමනේ කොරන්න.. අපේ මිනිස්සු එතනදි කරන්නේ අර ආයතනය කියන විදියට බිල්ඩිම හදන එක නෙමෙයි..පොලිටික්කෙක්, නිළධාරියකේ හෝ ලොක්කෙක් අල්ලගෙන ඒ යකාගේ ඇට අතගාල කොහොම හරි අපේ බිල්ඩිම පාස් කරගන්න.. හදන එක.. 

එහෙම නැතුව අර ආයතනය කියන වෙනස් කම් කරගෙන ඒ අනුමත විදියට කරනවාට වඩා හිතන්නේම හොර පාරෙන් වැඩේ පාස් කරගන්න.. ඉතිං එහෙම පුරුදු වුනාම හැමෝම තමුන්ට ආස ආස විදියට ගිනිපෙට්ටි මිනිපෙට්ටි කරවල කඩ වගේ බිල්ඩින් අටෝගන්නවා..මේක ලියන වෙලාවෙත් පිටකොටුවේ ගින්නක්.. කොයි තරං විනාසයක් වෙලාද කියල දන්නේ නෑ,.ඒත් ඔය වගේ ගිනි එකක් නෙමෙයි සීයක් ඇතිවුනත්..රූල් එකකට ක්‍රමයකට පක්ෂ වෙන්න අකමැති මෝඩ මිනිස්සුන්ට ඒව ගානක් වත් නෑ.. 

ක්‍රමය මොකද්ද කියල දැනගන්නත් කලිං ඒක මග ඇරලා වැඩේ කරගන්න තමයි උත්සාහෙ.. ඉතිං අපි මේ විදියට යාවි ආශ්චර්යෙට..යාවි කකුල් දෙකෙන් නම් නෙමෙයි පුකෙන්.. 

16 comments:

  1. ලංකාවේ මාර්ග අනතුරුවලින් සිදුවන ජීවිත හානි සහ ආබාධිත වන ගනන ඉතාමත් ඉහලයි.මේකට මූලික හේතු වලින් එකක් තමයි ඔය ලයිශන් දෙන ක්‍රමය.ඔබ කියනවා වගේ වාහනයක් අල්ලන්නේවත් නැතුව ගානක් දීලා ලයිශන් ගන්න පුලුවන්.මම දැනට ඉන්න රටේ රියදුරු පුහුනුව අමතර ‍රැකියාවක් ලෙස කරනවා. ඒ සඳහාත් නියමිත පාටමාලාවක් කරලා වෙනම ලයිශන් එකක් ගන්න ඕනේ. පුහුනුවෙන්න එන ලංකාවේ අයගෙන් වැඩි දෙනෙකුට ලංකාවේ ලයිශන් එක තියනවා.නමුත් වාහනයක් අල්ලලාවත් නැතුව ගත්තු ඒවා.

    ReplyDelete
  2. 100% ඇත්ත කතාව. ලංකාවේ මිනිස්සු සිස්ටම් එකට බැන්නට සිස්ටම් එක අජූත කරන්නේ මිනිස්සු විසින්ම තමයි.

    ReplyDelete
  3. ඔයා මේ බන කතා කරනවා මම ලංකාවෙ ලයිසන් එක ගත්තෙ වෙන රටක ඉඳගෙන​. ඔන් ලයින් ලයිසන් ගන්න පුලුවන් රටක් අවතක්සේරු කරනවා එහෙම නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. Mamath international driving eka hada gaththa passport picture eken USA indala.

      Delete
  4. මේ කාලකන්නි මජර ක්‍රම වෙනස් කරන්න අමාරුයි. ජනතාව තමයි ඒවා පවත්වාගෙන යන්න උර දෙන්නේ

    ReplyDelete
  5. කතාව ඇත්ත.
    ඒත් බං අර ගෝව කොටුවෙ පින්ංතූරෙයි කතාවෙයි සම්බන්දෙ නම් තෙරෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. සම්බන්ධ යක් නෑ...ඒ පෝස්ට් එක ලස්සන වෙන්න දාපුව

      Delete
  6. මේ කාලකන්නි ආසියාවේ ආශ්චර්යයේ උපන්න අයට කියන්න තියෙන්නේ, කුම්බලා මස් කෑවානම් දුක විඳපන් බලලෝ කියලා තමයි.

    ReplyDelete
  7. කොමසාරිස් එහෙම කිව්වා? පව් දෙය්යනේ...

    මේ මොනවා කතා කරනවද, එතන තාප්ප පවා ජරාව කනවා. එහෙම කරනවට කියන්නේ 'මැස්සෝ අල්ලනවා' කියල. දවසේ ආදායමෙන් කොටසක් කොමසාරිස්ට දෙන්න ඕනේ. බොරුනම් බලන්න වෙලාවක ( හවස) කොමසාරි සහ අනිත් අයගේ ලාච්චුව පොඩ්ඩක් ඇරලා. පොඩි අයගේ නම් සීයේ කොළ මිටි, ලොකු අයගේ නම් දාහේ කොළ මිටි. කතා කරන්නේ නම් බෝධිසත්වයෝ වගේ. කොටින්ම එක්කෙනෙක් එක පාරක් දානයක් දෙන්න කියල ඔෆිස් එකෙන් දවසේ ගතමනාව පරක්කු උනාම කෝල් එකකුත් දීල ගෙන්නාගෙන තියෙන්නේ. මම මේ කියන්නේ බොරු නෙවෙයි. මගේ හොඳම හිතවතෙක් ඒ පර්ශ්‍රයේ පුද්ගලික ආයතනයක වැඩ.

    ReplyDelete
  8. මගෙ යාලුවෙක් ලයිසොන් ගන්ඩ ගිහින් මළා.

    ReplyDelete
  9. මට බහ තේරෙන වයසේ ඉදල තේරෙනවා බං පුල් සිස්ටම් අවුල් කියාලා.. ඕකට හොද උදාහරණයක් මේ ළගදි ට්‍රාන්සිල්වේනියා ඩොක්ටර් ලියල තිබුනා..

    //නමුත් කල් යාමේදී මට පෙනී ගියේ රෝහල් කම්කරුවන් ඇටෙන්ඩන්වරු රෝගීන් සම්බන්ධයෙන් මම දෙන නියෝග වලට වඩා කුඩා මිනිසුන් පෙළමින් විශාල පන්ති පරතරයක් සහිතව ආරූඩ කරගත් මහන්තත්වකමක් පවත්වාගෙන යන වෛද්‍යවරුන් දෙන නියෝග හිස් මුදුනින් පිලි ගෙන ඒවා නොපිරිහෙලා ඉටු කරන බවයි. ඉන් මම තේරුම් ගත්තේ සමහර විට සමාජවාදී ජීවන රටාවකට යාමට අපගේ මිනිසුන් තුල මානසික වශයෙන් සූදානමක් නොමැති බවයි. වැඩවසම් භාවයෙන් තැලී පොඩි වන මිනිසුන් ද වැඩවසම් ක්‍රමයට පෙම් බඳිති, එම ක්‍රමය ආරක්‍ෂා කරති.//

    http://transyl2014.blogspot.com/2016/07/blog-post_20.html

    ReplyDelete
  10. අම්මට සිරි ලංකාව...

    ReplyDelete
  11. පගා දීලත් නැත දෙන්නේත් නැත.

    ReplyDelete
  12. මෝටර් සයිකල් ලයිසන් එක 2000 දී ගත්තෙත් අයදුම්පත් කවුන්ටරයට දීලා නියමිත මුදල් ගෙවලා නැවතත් සැහැල්ලු වාහන පන්තියට මාරුකර ගත්තෙත් නියමිත ගෙවීම පමණක් ගෙවලා ප්‍රාෙයා්ගික පරීක්‍ෂණය සමත් වෙලා. එතන ඉන්නා පරීක්‍ෂක මහතුන් රිය පදින්න දන්නවා නම් අනිවාර්යයෙන්ම ලයිසන් එක දෙනවා. නොදන්නා එවුන් තමයි ඔය සල්ලි දීලා ගන්නේ.

    ReplyDelete
  13. රටට ගැලපෙන මිනිස්සු.. මිනිස්සුන්ට ගැලපෙන රට...

    ReplyDelete
  14. අනේ මන්දා... හැබැයි දේශපාලුවනට කියාපු රට...

    ReplyDelete