Friday, September 23, 2016

වැරදුනු තැන් සෙවීම හරි වැඩක්ද

මම තවම සොයනවා
වැරදුනේ කොතනද කියා
නොදන්නවා වුනත්
මා සොයනවා සැමදා 
ජීවිතේ වැරදී තියේ..
ඒත් මං දන්නේ නෑ කොහේ කියා 

මෙවන් කවි ලියන රචකයා සිතනවා ඔහුට වැරදී ඇති බව. ඔහු පිලිගන්නවා ඔහුට වැරදී ඇති බව. ඔහු ඉතිං ජීවිතේ පිටු පෙරලමින් හොයනවා වැරදුනු තැන. ඔබට වැරදී ඇතිබවට වැඩිපුරම ඔබට පවසන්නේ කවුද? ඔවුන් තමයි සහෝදර් වරුනි වෙලෙන්දෝ.. 

ඔබ ඇගේ තියෙන ජීවන සුවද වැරදියි කියල කියන්නේ කවුද? සබන් වෙලෙන්දෝ ඩියොඩරන්ට්‍වෙලෙන්දෝ.. 
ඔබ‍ෙ දත් ටික කහ වුනාට පස්සේ හෙලවිල වැටිල යයි කියල ඔබව බය කරන්නේ කවුද? ‍දත්බේත් වෙලෙන්දෝ.. 
ඔබේ ජීවිතේ අනතුරේ අලුතින් සිතන්න නවීන චින්තනයක් කරා යන්නෝනි කියන්නේ කවුද? එහෙම කියන්නේ ධනාත්මක චින්තනය විකුනන බුවාලා.. සහ ලයිප් ඉන්සූරන්ස් කාරයෝ.. 
ඔයාල වැරදිලා තියේන්නේ කවුරුහරි කොඩිවින කරලා..නැත්තං ග්‍රහයා ඉන්න පොසිසන් එක හිරවෙලා නිසා.. එතකොට් ඒම කියන්නේ කවුද? කේන්දර කාරයො සහ අංජනං ඇදුරෝ.. 

ජීවිතේ වැඩියෙන්ම දිනන්නේ කවුද..? මම හිතන්නේ ජිවිතේ සාර්ථකම මිනිස්සු කියන්නේ අපිට අඩුවෙන් වැරදිලා කියල හිතන සංතෝසෙන් ඉන්න මිනිස්සු..අනේ අපිට වැරදිලා අපි අරූගේ බණ අහන්න ඕනි..මූ කියන මාර්ගේ යන්න ඕනි.. අරූ කියන මාර්ගයේ ගිහින් ජීවිතේ මෙව්වා කරගන්න ඕනි කියල හිතුවොත් අපි පිලිගන්නවා අපිට වැරදිලා කියලා.. 

ජීවිතේ තමුන්ට වැරදිලා නැහැ කියල හිතන පිරිසක් විදියට මම දකින්නේ රට වලින් මෙහෙට ඇවිත් කැරකෙන හිගන සංචාරකයො සෙට් .. උන් ට මොන තරං හිරිහැර මෙහෙ උන් කරනවද? සුද්දෙක් දකින්න බැ නෙ අපේ වීල් කාරයො., කඩ කාරයො, සහ අවසේස ජනයා දකින්නේ හම්මට..අන්න යකෝ කප්රුක පහල වෙලා.. යන්නෝනි දතක් ගලෝගන්න කියලා.. 
ඒත් උන් මොන කරදර තිබුනත් මෙහෙ ඇවිත් එන්ජෝයි කරනවා.. සමහර අය හිතන විදියට එයා පෝට් එකෙන් ඇතුලට එද්දිම උන් මෙහෙ ගැන කලකිරිල එන්නේ ..ඇත්තටම ඒම නෑ,.උන් දන්නවා මේ ඉන්දියාව ලංකාව වගේ රටවල උන්ගේ ජාන සැට් එකේම එන ගති ටික කියල.. 

ආයි ‍මුලට ගියොත් ලංකාවෙ තරුණ පරපුරේ ඉන්න ගොඩක් අය හිතන්නේ උන්ට වැරදිල කියලා..ඉතිං හරියන්න මොනාහරි කරනවා.කරනගමන් පට්ට දුක්වෙනවා උන්ට වැරදුන එක ගැන.. . කවද්ද අපි හිතන්නේ අපිට හරිගිහින් කියලා..? කවද්ද හැබෑට.. කවදාවත් නැ.. මැරෙන්න ලංවෙලා වලකජ්ජ ගහන්න කිට්ටුව පංසලට යන ගමනුත් හිතන්නේ අනේ මේ සංසාරේ කී ගමනක් නං වැරදිලා ඇතිද? හයියෝ ..!! මං කෝමද මේකෙන් එතෙරෙ වෙන්නේ.. කියල.. 

 මට වැරදිලා නැහැ..පොඩ්ඩක් තව දියුනු වෙන්න ටිකක් ඇති..ඒ ටික කරගන්න පොඩි පොඩි දේවල් ටිකක් කරන්න ඕනි..ඒත් ඉන්න ජිවිතේ පට්ට සැටිස්..හරි විනෝදෙන් ඉන්නවා..කියල හිතන්න පුලුවන් සැහැල්ලු මනසින් ඉන්න බුවාල අපේ සමාජයේ අඩුයි.. 

වටපිටින් බස් වල‍කෝච්චි වල කාර්යාලේ ඉන්න කොට ඇහෙන්නම අරූ මට කෙලෙව්වා, අර ලොක්ක මට ඇරියා, අරකි තමයි ජිවිතේ කෑවේ..උන් මහ ඉරිසියාකාරයෝ වගේ කතා..ඊට පස්සේ ටෙලි නාට්ටි වල පෙන්වන්නේත් ඒව.. පත්තර වල තියෙන්නේ ත් ඒවා.. හැබෑටම ඔය තරං උගුල් අදින්න ඉරිසියාකරන්න මිනිස්සුන්ට වෙලාවක් තියේද? 

මම සාර්ථක මිනිහෙක් නෙමෙයි..ඒත් මම හොදින්ම මට අරිනවා කියල දැනගෙනත් මම හිතන්නේ අනේ ඒ මනුස්සයාගේ සතුට නෙව.. ඔන්නොහෙ ඇරපුදෙන්.. පස්සේ ඌට ම නැවතිලා නවත්තයි නේ කියලා.. මට වඩා සාර්ථක වැඩ කල හැකි හොද මොබිලිටි..ඒ කියන්නේ වැඩ කිරීමට ඇති උණ/හැකියාව වගේ එක තියෙන ලොකු උනුත් ඒමයි..සාර්ථක උන් අනික් එකා අටවන උගුල් දිහා හරි තමුන්ට අින්න එන එවුන් අරින හැටි දිහා බලල වෛර කරන් නෑ..තමුන්ගේ ගමන යනෝ.. 

දැන් බණ ඉවරයි.. ඔයාලත් කවදාවත් එක එකා කීවටවත් ඔයාටම හිතුනටවත් ඔයාට වැරදිලා කියල හිතන්න එපා.. ඔයාට කට්ටිය ඉරිසියා කරනවා කියල හිතන්න එපා..ලෝකෙ සැහැල්ලුවෙන් ඉන්න.. ඉදිරියේ පොඩි පොඩි ඉලක්ක කෑලි තියාගෙන පොඩි පොඩියට ඩේලි වැඩ ටික කරගෙන යන්න.. එහෙම නැතුව නැතිවුන දේවල් පස්සේ නැහිලවත්.. තියෙන එකා දිහා බලල මට නැති දේවල් කියලා කැල්කියුලේට් කරල හූල්ලල වත් අපිට කවදාවත් සතුටින් ඉන්න බෑ.. 

4 comments:

  1. කථාව ඇත්ත....
    ඒ වගේ ම තමයි අපි කොච්චර ලත වෙනවද වද වෙනවද අපේ ප්‍රශ්ණ ගැන හිත හිත.
    ඇත්තට ම ඒවා අපේ ප්‍රශ්ණමත් නෙවි.
    දවසක් දෙකක් news/ gossip බලන් නැතිව හිටියාම ඒක තේරෙනවා
    ජයවේවා...!!

    ReplyDelete
  2. //ඔබ ඇගේ තියෙන ජීවන සුවද වැරදියි කියල කියන්නේ කවුද?//

    ඔක්කොටම එකඟයි, එකකට ඇරෙන්න. අනේ පනේ ඕන එකක් ඉවසන්නම් "ජීවන සුවඳ" ඇරෙන්න.

    මේ අපේ ගිම්හාන සෘතුව. වැඩපොලේ කොලිටි කන්ට්‍රෝල් එකට ඇවිල්ලා ඉන්නවා ඉන්දියන් කෙල්ලෙක්. ආයි මොනවද , ලඟින් ගියොත් අර උරුලෑවා ගියා වගේ තමා,යනවා දැක්කෙ නැති උනත් කීවෑකි, දැන් මෙතනින් ගිහින් තියනවා කියලා. ලස්සන, උගත් , බුද්ධිමත් කෙල්ලෙක්. සමහරවිට ඉන්දියාවෙත් "BO" සුවඳක් කියලා හිතනවද මන්දා?

    ReplyDelete