Monday, January 2, 2017

වීදි නැට්ටුවා


උත්සව ශ්‍රීයෙන් මිනිස්සුන්ට නම් එතරම්ම හොදක් පේන්නට නැත. වෙනදා දකින මලානික මුහුනු නගරයේ ඔබ මොබ එලෙස ම ඇවිද යයි. නමුත් කඩ සාප්පු හිමියෝ නම් නැති උත්සව සිරියක් මවා පාති. වැඩිමනක්ම අවුරුදු උදාවක් ඇත්තේ කඩහිමි නඩේට විය යුතුය. උන් එක් එක් උත්සව කාලේට එක් එක් ජාතියේ වෙළදාම් කරති. ක්‍රිස්තියානි මිනිස්සු ගෙන්වාගන්නට නාකියෙක්ට කීයක් හරි දීරතුපාට ලෝගුවක් අන්දා ටොපි බෙද්දවයි.. අවුරුදු කාලේට බටහිර යට ජංගි බෙසියර් උඩින් රෙදි හැට්ට අන්දවයි. ඇත්තටම බටහිර යට ඇදුම් උඩින් මොකක් වත් ඇන්දෙව්වේ නැතත් ඒ කෙල්ලො ලස්සනයි. රෙද්දෙ හැට්ටෙත් වරදක් නෑ.. ඒත් හැට්ටේ කපලා ඒක වැහෙන්න ඇගිලි තියාගන් එක අසෝබනයි.

සරණපාල මහත්තයා නගරයේ ජනාකීර්ණ වීදියක ජනාකීර්ණ වෙලාවක..ඒ කිව්වේ හැන්ද වෙලාවක සරණපාල බස් එකක ඉදන් මිනිස්සු බඩු හොයන ඇවිදින හැටි බලනවා.. ඒ අස්සේ ලොකු සයිස් ගෑනු පුකක් වත් පෙනේවිද කියලා සරණපාලගේ සිල් මිදුන ඇස් වටපිට බලමින් යනවා.. සරණපාල හොද මිනිහෙක් තමයි..එයා දක්ෂයෙක් කන්තෝරුවක මැද මට්ටමේ නිළධාරියෙක්..

එලියට යොමු වුන ඇස් එක්ක බස් එකේ වැඩ ඇරිල ගෙදර යන සරණපාලට එකපාරටම යමක් දැකල කටින් මේම කියවුනා.. ටෞකන්ඩ.. මේ ජේමිය නේ .. යකෝ මූ නටනවා නේ.. හෙහ් හෙහ්..මූට තේරෙන් නැද්ද මේ සොපින් මෝල් එක ඉස්සරහ දාල තියෙන ඩී ජේ එකක් කියලා..ඌ හිතන්නේ ඌට නටන්න දාල තියෙන එකක් කියලා.. මොකෝ මේ ජේමිය..මෙතන...

එතැන සොපින් මෝල් ගොඩක් තියෙන අතුරු පාරක් ගාව නිසා සරණපාල උන්නැහේට ටික වෙලාවක් එතන ජේමියගේ ඩාන්ස් එක දකින්න ලැබුනා... බස් කාරයා බස් එක පාරෙ නවත්තල වගේ..ඩයිවර් උන්නැහේ සියලු කාර් කාරයින්ට බයික් කාරයන්ට උඩින් සියල්ල දකිමින් සියලු තැන්හි සරනා වාහන බලමින් උඩින් ඉදන් බලනවා බස් එක රිංගවන්න තැනක්..ඔහේ නෑ..ඉස්සරහට යන්නෙම නෑ වගේ.. ම්මගේ රෙද්දේ.. ටැපික් කක් නේ..මිනිස්සුන්ට එහම හිතුනා..ඒත් මොකුත් කිව්වෙ නෑ කවුරුත් මොකද ම්ම මතක් කරන ක හොද නැති දෙයක්.. නිසා..

අඩෝ ජේමිසා පට්ට නැටුමක් නේ දාන්නේ..මූ සොට් එකක් දාල වගේ.. හප්පා මටත් නැටවෙනවා නේ මුගේ නැටුමට.. අද තව චුට්ටක් වැඩි වුනානං සික්.. තව කාලක් ගහල එනන් තිබුනේ.. දැන් ඉතිං ආයෙ ගහනනයැ.. ඒත් බැහැල ජේමිසා එක්ක නටලම ගියොත් මොකද? රෙද්ද හැමදාම ගෙදර නේ යන්නේ..ජේමිය එක්ක ආතල් එකක් ගන්නවද?

වැඩිය හිතන්න වෙලාවක් ගියේ නෑ,.ජේමිය දැක්කෙ නැතැයි සරණව..ආප්පට සිරි මේ සරණපාල මහත්තය නේ.. එන්ඩෝ එන්ඩෝ.. බලං ඉදල වැඩන් නෑ නටන්න එන්ඩෝ.. හැබැයි පට්ට නොම්බර් යන්නේ බැහැල නටල යන්න ඇත්තං.. සරණපාල උන්නැහේට හිතුනා..

එන්න මාත්තිය එන්න..ආයේ ඉතිං කවද්ද ආතල් එකක් ගන්න‍ේ මහත්තෙල..දැන් ඉතිං වයසත් එක්කනේ.. එන්න මාත්තිය එන්න.. ජේමිසාගෙන් බේරෙන්න බෑ වගේ.. සායමක් තිබුන නම් දැන් ජේමිසා කෑ ගහන ටිකට ඒක හේදිල ගිහිල්ල ඉවරයි..තව හේදෙන්න කියල ලබ්බක් ඉතුරු වෙලා නෑ.. රෙද්දේ සායම..

බැස්සා ඔන්නොහේ..තිව්ව ඔපිස් මල්ල පොඩ්ඩක් ඈතින් සොප් එකේ බිත්ති කන්ඩියක් ගාවින්.. යකෝ ජේමිසා නැටුවට මට බඩු මදි වගේ.. නැටවෙන්නේ නෑනේ.. ටිකක් ලැජ්ජ වගේ.. එතකොටම ජේමිසා ඇවිත්.. මදි නං මං ගාව බඩු ඇති..පොඩ්ඩක් ගිහින් ගහල එමුද..

වඩේ දෙකයි තිබුනේ ජේමිසා ගාව.. කම්කරු වැඩකරන බුවාල උඩ බලාගෙන කටට අරක්කු හලාගන්නවා දැකල තියෙනවා බාර් ඉ්සසරහ..ඒත් සරණපාල එහම බීල නෑ..ඒ විදියට බීමෙත් ලොකු අවුලක් නෑ..වඩේ එක කාල කටපිහිදගෙන මුල්ලෙන් එලියට ආවා සරණපාල ජේමිසා එක්ක..හම්මා දැන්නං නැලවෙනවා කිසි කිසි ගාලා.. දෙන්නං ජම්බෝ..

සර් අර මෝල් එක ගාව නාකි ඩබලක් නටනවා.. එක බුවෙක් නං වැදගත් පාටයි..අත් දිග ෂර්ට් එකක්..අනිකා නම් ඔය නිකං ඩයල් එකක් වගේ..කරදරයක් නම් නෑ.. මිනිස්සු බලාගෙන ඉන්නවා..වාහනත් ස්ලෝ වෙනවා.. ට්‍රැෆික් පොලිස් කාරයෙක් ලොක්කට රපෝර්තු කලා..

හේ..ජේමි.. ගෑනියෙක් වත් නැද්ද බං ගෙන්න ගන්න..වෙඩින් වල වගේ නටද්දි එහෙම් මෙහෙන් ටිකක් ඇගේ පතේ වදින්න ගෑනු ටිකක් හිටියනං මරු බං..

සරණ මාත්තියා ලග පොට් එකකින් බඩු ටිකක් බස්සත හැකි වෙයි..ටිකක් වියදම් වෙයි නේ.. ඒත් අද කරදරයි. ඕකුන්ට මේ දවස්වල වැඩ ඇති..මසා වලට වැඩ නේ මොන උත්සව කාලෙත්..අපි මේ ආතල් එක පස්සෙ දවසකත් ගමු..

සර් ඩයල් දෙකක් නටනව විතරයි.. ඔවු සර් ඔවු.. කස්ටමර්ලට බාදාවක් නෑ..අනික මිනිස්සු වටවෙලා බලං ඉන්නවා..අපේ ඩී ජේ එකකුත් දැම්මට කට්ටිය හොදට පිරුනෙ ඩාන්ස් එකෙන් සර්.. ඔවු සර්.. මාන්ස් සොපින් සෙන්ටර් එකේ ඉස්සරහ සිකුරිටිට මාන්ස් එකේ ලොක්කෙක් දීප ුකෝල් එකකට සිකුරිටි පොර ආන්ස් කරපු හැටි..

දෙන්නා හොදටම නටනවා..ටිකකින් වැඩේ දේල වෙන්නද මන්දා යන්නේ.. අවුරුදු කිට්ටුව බොන්නේ ජේමිසා විතරක් නෙමෙයි නේ.. අනික බීල වැඩිවෙලා කබරය කට ගාවට සෙට්වෙලා පාරෙ යන්නේ සරණ උන්නැහේ විතරකුත් නෙමෙයි නේ..ඉතිං තව දෙතුන් දෙනෙකුත් සෙට් වුනා.. හම්මට.. ටාං ටටං ටාං..

හෝ ගාල නැටීම..එඒඅස්සේ ජේමිසා දැක්කා සෝක් ආතල් එකක්...යකෝ මේ අෑතින් ඉදං පුක විතරක් වන වන ‍මහ ලොකු ඩාන්ස් එකක් දාන්නේ අර ඩොකා නේද? මසා එකේ වල් ඩොකා.. ඕකා මසාජ් එක මැදත් ගිහින් ට්‍රීට්මන්ට් ගන්න එවුන්ගේ ආතල් විනාස කලාලු ඉස්සර..දැන් නම් පොර හැදිලා..අංකූරා..

හම්මට ආයු‍ර්වේදයාගේ පුක.. තමයි පුක.. මූ ටෝක් කලානං උගේ ස්පා එකේ කෙල්ලෙක් ගෙන්නගන්නත් තිබුනා.. මූ ඉන්නේ සන් ඩවුන් එකේ නේ.. එතන බුවත් මං දන්නවා නේ..

ආ දොස්තර මහත්තයා.. අර .. ස්පා නේ ැවඩ.. ඔවු ‍මිස්ට ජේම්ස්.. ඔයා මිස්ට අජිත්ගෙත් යාලුවෙක් නේද? මරු ඉවන්ට ්එක ආහ්..මාත් මේ සයිඩ් එකෙන් ආවේ.. දන්නැද්ද ඉතිං..අපිට නටන්න බෑනේ..

ඉන් පසු දොස්තර මහත්තයාට කුටු කුටු ගගා යමක් ජේමිස් කියන්න ටවිය..හම්මට...ඇත්ත නේ..උනුත් ඔය බොරු ඇඩ් දැම්මට ආසවෙයි.. මිස්ටර් මං කෝල් කරල බලන්න..

ඒ..ජේම්ස් අයියා උන් එනෝලු.. දොස්තර මහත්තයා මහ හයියෙන් ජේමිසා ට කිව්වා..

පැය කාලෙකින් උන් ආවා..පස්සේ වන උනා.. වනම උනා..පෙිලිසියෙන් ඇවිල්ල ඩී ජේ එක නැවැත්තුවා..



තාත්තේ තාත්තේ.. මෙන්න අපේ සීයා ඇන්ටිල බදාගෙන නටලා පොලිසියෙන් අල්ලං ගිහින්.. ඔක්කෝම වීඩියෝ කරලා.. මටත් යාලුවෙක් එව්වේ.. සරණපාලගේ මුනුබුරා කියන්නට වුනා..

තාත්ත බැන්නට අයියේ සීය හරි ලස්සනට නටනව නේ.. ඒ ඇන්ටිල බදාගෙන නටනවා.. හරි ලස්සනයි..සීය හොදයි මේ කට්ටියට වඩා.. මෙයාල තමයි පරණ සීය එක්ක බැලුවම..අර පිනුං ගහන්නත් යනවා.. සරණගේ මිනිබිරිය කිය්නනට වුනා..

තමුසෙ ගිහින් වැඩබ් බලාගන්නවා..සීය නටන එක බලන්න ආවා.. මෙතන.. තමුසෙටත් ආස ඇති නේ නටන්න..හිතං ඇති මෙතන..තණකොල පෙත්ති වගේ කෝටුව වගේ ඉදං නටන්න.. මුනුබුරා සර කරන්නට වුනා..

ඔවු ඔයැයිට විතරයි නේ අයියේ නටන්නයි සෙල්ලං කරන්නයි ඔක්කොම පුලුවන්..මං මගේ‍පෝන් එකෙන් බලාගන්නවා සීය නටන එක..මට ලිංක් එක දානවකො මැසේන්ජර් එකට.. මිනිබිරිය කියන්නට වුනා..



මේ ඔය දෙන්න මොකද මේ කරන්නේ..ඒ පාර සීයගේ නැටුම බලාගන්න රන්ඩුවෙනවාද? කවුරුවත් ඕක තියාගන්නව නෙමෙයි.. පුතා බලන්න ඕක ඉන්ටනැට් එකෙන් ඩිලිට් කරන්න පුලුවන්ද කියලා.. නැත්තං අපිට හෙට පාරෙ බැහැල යන්නත් නෑ.. ඔයගොල්ලත් බලන්න සීය උනත් බිව්වම කරන දේවල්..ඔය ජරාව වලින් තමයි මිනිස්සු වෙනස් කරන්නේ..සීය කියන්නේ කොච්චර හොදට ඉන්න කෙනෙක්ද? අම්මා කියන්නට වුනා..

අන්න චිත්‍රා තාත්තා පොලිසියෙ ලු.. තාත්ත අතේ නම් වරදක් නෑ කියන්නේ.. අර නටපු ගෑනු තුන්දෙනාගෙන් එක්කෙනෙක්ට කවුද වනචරයෙක් කිස් කරන්න ගිහින්.. ඒකයි වැරදිලා තියෙනනේ..ඔ්‍යාලයි තාත්ත නම් හොදට නටනවා. මිනිහනම් කිස් එකක් දීඝන්න ඇති සේප් එකේ..මං නොදන්නවයි තාත්තගෙයි දූගෙයි හරිය.. තාත්තා කියන්නට වුනා.. තාත්තා වූ අනිල් මේ අවස්ථාවේදී මාමන්ඩියා බේරාගනු වෙනුවට වෙනත් වල්පල් කියවා සිය බිරිය තවත් කුලප්පු කරන්නට හදයි..

මේ අනිල්..ඔයා ට ඕනි ඒකෙනුත් අපිට පද හදන්න..ඔයා තාත්ත බේරගන්න විදිය ගැන හෙව්වද...ඒකනං මොකො ..තාත්ත කොහෙම හරි කූඩුවෙන් එයි නේ.. ඒත් අපි කොහොමද පාරෙ බැහැල යන්නේ.. තාත්තට අනික් මිනිස්සු බොන්න‍දෙන්න ඇති..නැත්තං තාත්ත එහෙම යන කෙනෙක් නෙමෙයි නේ.. බලන්නකො අනිල්.. මිනිස්සු කරන ජරා වැඩ.. ඔයාට නම් ගානක් වත් නෑ..අනිල්.. සරණපාලගේ දුවණිය සිය සැමියා සමග පියා බේරාගන්නා හැටි ගැන කල්පනා කරයි..

චිත්‍රා මේ කුනුහබ්බ කියන්න එන්න එපා.. තාත්ත බීල නටල කුඩුවෙ ඉදලා හෙට් ගෙදර එයි.. ඔයා කියන්නේ මට මේ ඩෝප් කාරයෝ ගෑනු බදන් පාරේ නැටුවම උන් අරං එන්න මහ රෑ පොලිසි ගානේ යන්න කියලද? තාත්ත අපිටත් උදව් කලා තමයි..ඒත් මම වැදගත් කමක් තියෙන මිනිහෙක්..තේරුම් ගන්න ඒක..



මහත්තයා වැදගත් රස්සාවක් කරන්නේ..

බොහෝම වැදගත් තැනක..

මේ ජේමිස් උන්නැහේ වගේ කෙනෙක් එක්කයි අනික් අයයි එක්කත් බැලුවම ගොඩක් උඩ මට්ටමක කෙනෙක්..

සමහරවිට මහත්තය දන් නැතුව ඇති මේ ගෑනු ඇවිල්ල වි‍කිනෙන ඒවා..කොටින්ම බඩු නේ මහත්තයා... ඔය පෙනුන් නැද්ද ලොක්කෙක් ඇවිත් අරං ගියා..ලස්සනට උගේ අන්තප්පුරේ වගේ..දෙතුන් දෙනාම..

මේ ලෝකෙ බැහැල නටන්න පුලුවන් වුනු පලියට හැමතැනම බහින්න එපා මහත්තයා..

මං දන්නවා මහත්තයා බිම බලං හිටියට බොහොම හොදට වැරද නිවරද තේරෙනව ඇති..

ඉතිං ආයි පොලිස්සියට මේ වගේ වැඩවලට එන්න හිතන්න එපා.. සමහර විට ගෑනු ටික ඇදන් ආවෙ නැත්තං මහත්තයාට වත් අපිටවත් පස්නයක් නෑ..ඔතන බීල මොන කෙලි කලත්.. පාර මැද කාමර වල දාන ඩාන්ස් දාන්න ගියාම ඔහොම තමයි. පොලිසියෙන් සරණපාල මහත්තයාට දැඩි ලෙස අවවාද කොට මුදා හරින ලද්දේ උදෑසනය..

දැන් ඔෆිස් යන්නට වෙලාවක් නැත..

පෝන් එක අමාරුවෙන් සොයාගෙන ඔන් කරගත්තේය..දූගෙන් මිස් කෝල් රැසකි..ඔස්ට්‍රේලියාවෙන්ද එකකි.. ප්‍රංශයෙන් හෝ යුරෝපා රටකින්ද කෝල් එකක් ඇවිත් තිබේ.. හප්පා.. සරණපාල මහතාට කියවුනි..

තට්ටයා සරණපාලට නිතර කෝල් කරන්නේ නැත..තට්ටයා සරණපාලට නොදිරවයි..නමුත් තට්ටයා යනු රට ගොස් සරණපාලගේ දරු මුනුබුරන් බලාගන්නා සරණපාලගේ බිරියගේ ප්‍රියතම ස්වාමින් වහන්සේය.. සරණපාලගේ බිරින්දෑට අනුව තව චුට්ට දවසකි තට්ටයාට අග්‍රපල ලැබීමට ඇත්තේ.ඒ තරං ධර්මයෙන් සිල්වත්ය.. එහෙත් හොදටම මල පැන පොලිස් ජබ්බාගේ කුනු කතා අසා..දුවලා එවා තිබෙන මහන්තතත්ත පුරාජේරු උපදේස් ඇතුලත් මැසේජ් කියවාගෙන යද්දී තට්ටයා කතා කොට සංසාරෙේගැන කියන්නට හදනවා විය යුතුය..

ඔවු හාමුදුරුවනේ..

ඔවු හාමුදුරුවනේ..

ඒකතමයි හාමුදුරුවනේ..

ඇත්ත හාමුදුරුවනේ..

නේ මේ.. හාමුදුරුවනේ..ඔහේ නං ඔය උපාසිකාවෝ ඕ දාන ගේ අස්සෙත් තියාගෙන චූන් කරනවා කියලා ඕ පංසල වටේ ඉන්න කොල්ලොත් දන්න එකක් නේ..මං පාරෙ ගෑනු එක්ක නැටුව තියා මොන කෝලම කලත් ඔහෙට වැඩක් නෑනෙ හාමුදුරුවනේ..

කෝල් එක කට් විය.. ඇතැම් විට හාමුදුරුවෝ හොදට තරහ වන්නට ඇත..එහෙත් මේ තට්ටයා ලෝක කපටියෙකි.. ඔහු ගෑනුන්ට බණ කියා හොදට සල්ලි තියෙන තැන්වලට හොදට ඉව කරන, මස් මිස කටු නොසොයොන දඩෝරියෙකු වැන්නෙකි.. කෙතෙක් අවුල් තිබුනත් කුමක් හෝ පිංකමක් අටවාගෙන සම්මාදමේ එන කල නැවතත් සරණපාල උන්නැහේ තට්ටයාට අනුව හොද උපාසක මහතෙකි..

මිනිස්සු කොච්චර ඉක්මන්ට වෙනස් වෙනවද ජේමිස්.. ජේමිස් අහල පහලක නැත..එහෙත් එකට සෙට් වී බාර් එකේ බොන අතර දවසක් ‍ජේමිස් බියර් ටිකක් බී හැරී යනවා සරණපාල දුටුවේය..සරණපාලට අමුතු චූන් එකක් ගියේය.. ඒ ... පොඩ්ඩක් එන්න..

ජේමිස්ට පෙරැත්ත කොට සරණපාල අරක්කු ටිකක් දුනි..ඒ මතකය නිසා සරණපාලට ජේමිස් කිහිප වතාවක් හමු වී ඇත. ඇත්තටම ජේමිස් දක්ෂයෙකි.. ඔහු මුදල් යහමින් සැනෙන් සොයාගන්නටද ඒවා සැනෙන් නාස්ති කරන්නටද දක්ෂයෙකි..ඔහු සල්ලි සෙවීමටත් විනාස කිරීමටත් දක්ෂ නිසා ඔහු සමතෙකි..සතුටේ උල්පතකි.. සල්ලි ඉතිරිකිරීම ගොඩගසාගැනීම දියුනුවීම ගැන කිසිවක් නොතකන ජේමිස් සොයන සැනින් සල්ලි නාස්ති කරාන සතුටු වෙයි.. බොහෝවිට ඒ නිසා ඔහුට මගහැරෙන දේ තිබුනත්.. ඒත් කොයි පැත්තෙන් ගියත් අවසානේ එකය..

සරණපාලට ගෙදර ගොස් එකම බණ කටවල් තුන හතරකින් අහන්නට ලැබුනේය..පොඩි කෙල්ල දැන් දග වයස..ඒකනිසා ඕකිට ඉතං මගේ නැටීම‍හොද වෙන්න පුලුවන්..ඒත් කොල්ලා.. ඌත් කිව්ව නේ සී්‍ය සුපර් එකට නැටුව කියලා..

අනිල්ට නං තරහ ඇවිත් වගේ.. හරියට එයාගේ සල්ලි වලිං මං නැටුව වගේ.. සරණපාලට සිතෙන්නට විය..

3 comments:

  1. ෂැහ් අන්න එහෙමයි. තමුන්ගේ සතුට තමුන් ලබන්න ඕන. මොකද කාටවත් කරදරයක් උනා කියලයැ.

    ReplyDelete