Thursday, October 12, 2017

සිරි (සේන+පාල) සහ කෝච්චි

දුම්රිය සේවය අයිති ප්‍රවාහන ඇමති සිරිපාල. උන්නැහේ බදුල්ලේ නේ. කොච්චිය ගියාද නැද්ද මගීන්ට මක්ක වුනාද කියල අදාල නෑ. ඊලග ඡන්දේ ආවම සිරිපාල දිනිනවා. මොකද බදුල්ලේ ඉස්පිරිතාල පුරවලා ඒ ලගපාත තියෙන හැම පලාතකම ඉස්පිරිතාල උතුරන්න මයිනර් ස්ටාෆ් වලට සිරිපාල රස්සා දුන්නා. ඒ නැතත් ඉතිං වටේ පිටේ කිහිප දෙනෙක්ට සිරිපාලලා සැලකුවාම උන් ඇවිත් අනික් උන්ට ඡන්දෙ දෙන්න කියලා ආයාචනා කරලා හරි දිනවනවා..ඒ නිසා මාසයක් දෙකක් නෙමෙයි සදාකාලෙටම මේ සිරිපාල ඇමති යටතේ කෝච්චි දිව්වේ නැතුව තව ඕන්නං බස් දිව්වේ නැතත් සිරිපාලට පාඩුවක් වෙනවද පිංවතුනි.. නෑ මේ රටේ හීනෙකින්වත් හිංසාවක් ඔවුන්ට වෙන්නේ නෑ. 

දැන් සිරිපාල සේන බලන්නේ මේ කෑල්ලත් පුලුවන් නම් යූ ඇන්පියට දාන්න. යූ ඇන්පිය පොඩි එකාට ගස් ලබු කැව්වා වගේ හැමතැනම මේ වෙද්දි ගාගෙන රීගෙන ඉවරයි.. ඉතිං මේකත් පුලුවන් විදියට යූ ඇන්පියට තල්ලු කරන්නයි නිදහස් පස්සේ තටමනවා ඇත්තේ. එහෙම නෙව ඉතිං මෙහෙ වැඩ..කොමිස් නම් මට .. පස්න නම් උන්ට.. 

ඔන්න මම ඊයේ හැන්දෑවේ කොටුවට ගියාම ස්ට්‍රයික් එකක් පටන් අරං..කිසිම පූර්ව දැනුම ්දීමකින් තොරව තමයි ඒක පටන් අරං තියෙන්නේ.. වෙනදාස්ට්‍රයික් වෙලාවට කෝචචියක් දෙකක් ඔය විශ්‍රාමික ආතලා ලව්වා දිව්වත් මෙවර එහෙම එකක් නැහැ.. උදේ මුහුදුබඩ පැත්තෙන් නම් එකක් ගියේම නැහැ කියලයි ආරංචිය.. ඒ අස්සේ ආංඩුව නිකං උන්නේ නෑ අතීසාරෙට අමුඩ ගහන්න වගේ කෝච්චි සීසන් එකට සිටිබි බස් වල නිකං යන් ඇහැකිය කියලත් කියලා තිබුනා. සී ටී බී බස් වල නිකං යෑමෙන් කෝච්චි අවශ්‍යතාවය කොපමන පිරිමැහෙනවද කියලා කියන එක ආයේ ඉතිං හිතන්න දේකුත් නැති දෙයක් නේ. 

මේ අවස්ථාවක මම ඇතුලු සයිබර් විවේචකයින් හුරු වෙලා ඉන්න සිරිතක් තිබෙනවා. ඒ තමයි දේස දේසාන්තර වල දුම්රිය සේවාවන් අධ්‍යනය කරලා අපේ සේවේ අඩු පාඩු හොයලා අපේ එකත් නැවත ප්‍රතිව්‍යුහ කරන්න ඕනි.මේ ස්ට්‍රක්චර වෙනස් කරන්න ඕනි කියාල ප්‍රතිසංස්කරන ඉදිරිපත් කරන එක. ඒත් මේ පාර ටිකක් වෙනස් විදියට හිතමු..

දැන් ඔන්න ඕක ප්‍රතිවියුහ කරලා වෙනස් කලා කියමු. ඒ කරලා ඉවර වෙලා ඒත් මුන් රෑ හතට ස්ට්‍රයික් කෝල් කරලා හත හමාරෙ ඉදලාෙ කා්චචි නැවැත්තුවොත්..ඒම කරන්න බෑ නේ.. එහෙම වල් බූරු නිදහසක් කිසිම වෘත්තිය සමිතියකටවත් කිසිම සංගමයකටවත් තියෙන්නට බැහැ.. හදිසියේ භූමිකම්පාවක් වගේ එකක් ආවොත් ඇර අනික් සෑඹ අවස්ථාවකදීම පොදු සේවාවල වැඩවර්ජනයකට කලින් මිනිස්සුන්ට දැනුම් දෙන්නට ඕනි.. නැතිනම් එහෙම හිතුමනාපේ සේවාව නවත්වන යූනියන් වලට සංගම් වලට ගෙදරම ඉන්න කියන්නට ඕනි.. 

බැලූබැල්මටම පේනවා මෙතන යූනියන් වැරදියි.. මහජන සේවාවක් ගැන තියෙන තැන වැරදියි.. ඉතිං මේ වගේ වරදක් වුනාම ප්‍රතිව්‍යුහකරන වගේ බොහෝ බරසාර දේවල් කතාකරනවාට වඩා මීළග වතාවක වත් මෙහෙම අමුතිරිසන් විදියට දඩස් ගාල ස්ට්‍රයික් කරන එක නවත්වන්න ඕනි. මම හිතන්නේ මේක අත්‍යාවශ්‍ය සේවාවක් නොකර වුනත් මේ කරපු දේට යූනියන් වලට එරෙහිව සහ ඒ ස්ට්‍රයික් වල නිරත සේවකයින්ට විරුද්දව ක්‍රියාමාර්ග ගන්න පුලුවනි. 

දුම්රිය කියන්නේ ලංකාවෙ ්විතරක් තියෙන මලෙන් උපන් සේවාවක් නෙමෙයි. වැඩිම උනොත් මාස තුනක් යයි ඉන්දියාවෙන් ලංකාවේ කොල්ලො ්ටිකක් ට්‍රෙින්නි කරලා දුම්රිය සේවය නැවත ස්ථාපනය කරන්න..ඒත් එහෙම කලා වුනත් මම නම් අකමැති නැහැ..මොකද ඔ්‍ය දුම්රිය සේවය පාඩුයි. ඕක දුවන්නේ මහජනයාගේ මුදලින්. උපයන ලාබයකුත ්නෑ..එහෙම තියාගෙනත් කිසිම වග විබාගයක් නැතුව එයාලට හැකිනම් මිනිස්සුන්ව රස්තියාදු කරන්න..එයාල දිගටම ගෙදර හිටියට කිසිම පාඩුවක් නැහැ. 

ලෝකේ දෙවිවරුන්ට වගේ වෘත්තිකයන්ට සලකන උන් , එහෙම නැත්තං උන් නැතිනම් ලෝකේ දුව්න් නැති මට්ටමට හිතාගෙන සහ උන්ව උඩතියාගෙන හිටපු කාලේ දැන් යල්පැන ගිහින්..එකෙක් නැතිවෙද්දි තව දෙන්නෙක්ටත් වඩා ඉන්නවා රස්සාවල් වලට එන්න..මහා ලොකුවටහිතාගෙන හිටපු රස්සා වුනත් අලුත් අය බොහොම ලේසියෙන් අල්ලා ගන්නවා.. 

මේකම දැන් පෙලක් අයකියය් මම වැඩකරන තැන මගේ වෘත්තිය අයිති වාසිකම ්ෙවනුවෙන් අරගල කරද්දි එතනදි ඒ විදියට සේවය අත්හිටෙව්වොත් වැඩවර්ජකයින්ගේ? 

ඔවු එතනදී වුනත් පාලකයින් නිවැරදිව නීතිරෙගුලාසි අනුව ආයතනයේ සේවාව සහ ආයතනය ගැන හිතලා යම්කිසි දැඩි තීන්දුවක් ගන්නවා නම් අපේ ඉල්ලීම ්වලට වඩා ආයතනයේ පැවැත්ම වැදගත් කියලා.. මම එහි වරදක් දකින්නේ නෑ.. මොකද ආයතන විනාස කරගෙන තිබෙන සේවාවන් වල පල්ලට යන ගමන් වෘත්තිය සටන් කරලා ඒවා දිනලා වැඩක් නැහැ.ඒකෙන් සිද්ද වෙන්නේ තව ටිකක් සුදු අලිබිහිවෙන එක විතරයි.. 

සමහර විට දැන් ස්ට්‍රයික් ඉවරත් ඇති.ඒත් එකපාර ස්ට්‍රයික් කරලා මිනිස්සු දාස් ගානක් අතරමග නතර කරපු එකේ වැරද්ද නැතිවෙන් නෑ. උන් වෘත්තිය සමිති නෙමෙයි ඇත්තටම මිනිස්සු තලා පෙලලා වෘත්තිය අයිතිවාසිකම් ඉල්ලන වහල් හිමියෝ වගේ ජාතියක්. 

4 comments:

  1. ආණ්ඩු තියෙන්නේ ඕවා කළමනාකරණය කරන්න නේ..එත් ලංකාවේ ආණ්ඩු කරන්නේ බෝලේ පාස් කරන එක විතරයි .

    ReplyDelete
    Replies
    1. ඔව් උගතුන්ට වැඩියෙන් ගෙවලා වරප්‍රසාද දීල නීළධාරින් විදියට පුටුවල ඉන්දවන්නෙත්, දේසපාලුවොන්ට කන්න බොන්න නවාතැන් දීල උන්ව නඩත්තු කරන්නෙත් තීරණ අරගෙන මිනිස්සුන්ට සේවේ කොරන්න..ඒ අදාල දේ හැර මුන් හැමදේම කොරනවා..

      Delete
  2. මට කවුරුත් චන්ඩි නෑ. බීලා ඉන්නේ දැන්. බදු නිසා අයිපී හන්ගලත් නෑ. අඩෝව්‍. කවුද චන්ඩි. වරෙව්. හිටු පුක් ගහන්නේ. දුවපියව් කොච්චි. අල්ලාහ්.

    ReplyDelete
    Replies
    1. එදා එක පාරම කොච්චි ස්ට්‍රයික් කලාම මිනිස්සු ඔහොම කතා කියන ගමන් දුම්රිය සේවකයන්ට ගහන්න ගියා කොටුවේදී.

      Delete